IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


සුඩානයේ හමුදා පාලක කවුන්සිලය හා විපක්ෂ සන්ධානය දේශපාලන ගිවිසුමක

රට ප්‍රජාතන්ත්‍රවාදයට ගෙන යාමේ අරමුණ ඇතිව සුඩානයේ හමුදා පාලක කවුන්සිලය සහ විපක්ෂ සන්ධානය අද (17) දේශපාලන ගිවිසුමකට අත්සන් තැබුහ.

මෙම දේශපාලන ගිවිසුම සුඩානයේ නව බලය බෙදීමේ යාන්ත්‍රණයේ කොටසක් වන අතර අප්‍රිකානු මැදිහත්කරුවන්ගේ සහභාගීත්වයෙන් ගිවිසුමට අත්සන් තැබිණි.

සුඩානයේ අගනුවර වන කාටුම්හිදී ගිවිසුමට අත්සන් තැබූ අතර ගිවිසුමේ ඇතැම් කරුණු සම්බන්ධයෙන් මේ වසර මුලදී දෙපාර්ශවය අතර එකඟතා ඇති කරගන්නා ලදී.

මේ ගිවිසුම අත්සන් තැබීමෙන් සුඩානයේ හමුදා නායකයන් අතර තිබෙන බලය දේශපාලන යාන්ත්‍රණයකට හුවමාරු වනු ඇත. සති ගණනක විරෝධතා වලින් පසුව ඉකුත් අප්‍රේල් මාසයේ දී සුඩාන හමුදාව හිටපු ජනාධිපති ඔමාර් අල් බෂීර් බලයෙන් පහකළේය. 

“අපිට ඕනේ ස්ථාවර නිවහනක්. අපි ගොඩක් දුක් වින්දා” යැයි සුඩාන විපක්ෂ සන්ධානයේ නායකයකු වන ඊබ්හීම් අල් අමීන් පැවැසීය. 

සුඩානය ත්‍රස්තවාදයට සහාය දෙන රාජ්‍යයන්ගේ ඇමෙරිකානු ලැයිස්තුවෙන් ඉවත් කරගත යුතු බවත් දිළිඳුබවින් මුදාගත යුතු බවත් මෙම අවස්ථාවට සහභාගී වූ ඉතියෝපියානු මැදිහත්කරු මහ්මුද් ඩිරිර් පැවැසීය. 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රකාශනයක් සම්බන්ධයෙන් ද පාර්ශව දෙක අවධානය යොමු කර තිබෙන අතර ලියවිල්ලට සිකුරාදා අත්සන් තබනු ඇතැයි පැවසේ.

රොයිටර් ඇසුරිනි 

055



අදහස් (0)

සුඩානයේ හමුදා පාලක කවුන්සිලය හා විපක්ෂ සන්ධානය දේශපාලන ගිවිසුමක

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

හිස්බුල්ලා ඊශ්‍රායලට පහරදෙයි
2024 අප්‍රේල් මස 23 218 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් උතුරුදිග ඊශ්‍රායලයේ හමුදා මූලස්ථානයක් ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය පවසයි.


ඉරාන ජනපති පාකිස්තාන අගමැති හමුවෙයි
2024 අප්‍රේල් මස 23 541 0

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන


ඊශ්‍රායල හමුදා බුද්ධි අංශ නායකයා ඉල්ලා අස්වෙයි
2024 අප්‍රේල් මස 22 4051 3

ඊශ්‍රායල හමුදා බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජනරාල් ඇරොන් හලීවා ඉල්ලා අස්විය. හමුදා බුද්ධි අංශ ප්‍රධානියා මෙසේ ඉල්ලා අස් වූයේ පසුගිය ඔක්තෝබර් 7 වැනිදා ඊශ්


චීනයේ නගර ගිලා බහිනවා
2024 අප්‍රේල් මස 22 417 0

චීනයේ ප්‍රධාන නගරවලින් අඩක් ගිලා බසිමින් පවතින බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි. විදෙස් මාධ්‍ය මේ බව අනාවරණය කළේ ජගත් භූ විද්‍යාඥයන් ‘සයන්ස්’ විද්‍යා සඟ


ඉරාන ජනපති පාකිස්තානයට
2024 අප්‍රේල් මස 22 2582 0

ශ්‍රී ලංකා සංචාරට පෙර ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණියේය. ඉරාන ජනාධිපති රයිසිට පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ


මැතිවරණයෙන් ජනපති මුයිසුගේ පක්ෂයට ජය
2024 අප්‍රේල් මස 22 76 0

මාලදිවයින පාර්ලිමේන්තු මැතිවරනයෙන්, දැඩි චීන හිතවාදියකු වන මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුගේ ‘ජනතා ජාතික කොංග්‍රසය’ දේශපාලන පක්ෂය විශිෂ්ට ජයක් හ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 280 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1632 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1513 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site