IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


සිරියානු සටන්කාමීහූ අයිඑස් සංවිධානයෙන් රකා මුදා ගනිති


රකාහිදීය (ඒ.එෆ්.පී/රොයිටර්)
 
සිරියාවේ රකා නුවර අයි.එස් සංවිධානයෙන් සම්පූර්ණයෙන් මුදා ගැනීමට ඇමෙරිකා එක්සත් ජනපදයේ සහාය ලබන සටන්කාමීන් සමත්ව ඇතැයි මානව හිමිකම් නිරීක්ෂණය සඳහා වූ සිරියානු සංවිධානය අද (17) නිවේදනය කළේය. 
 
අයි.එස් සංවිධානයේ සිරියාවේ ප්‍රධානතම නගරය වූයේ රකා නුවරයි. අයි.එස් සංවිධානය 2014 වසරේදී ට්‍රක් රථ පෙළකින් ගමන් කරන ලෝ ප්‍රකට ඡායාරූපය ගනු ලැබුයේද රකා නුවරදීය. රකා අහිමි වීම අයි.එස් සංවිධානය ලැබූ දරුණු පරාජයක් යනුවෙන් ද හඳුන්වා දී තිබිණි. 
 
ඇමෙරිකා එක්සත් ජනපදයේ සහාය ලබන සිරියාවේ, සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී බලකාය කුර්දි හා අරාබි සටන්කාමීන් එක්ව පසුගිය ජූනි මාසයේ සිට අයි.එස් සංවිධානය සමඟ සටන් වදයි. මෙම හවුලට ඇමෙරිකා හිතවත් බටහිර රටවල සහාය ද හිමි ව තිබේ. රකා නුවරදී අයි.එස් සංවිධානය පරාජයට පත්කළ සටන්කාමීන් ජයඝෝෂා නැගූ බවටත් සටන්පාඨ කියූ බවටත් වාර්තා විය.
 
පසුගිය ජූනි මාසයේ සිට ගත වූ මාස හතරක කාලයේදී රකා නුවරින් සියයට 90ක ප්‍රදේශයක බලය හිමි කරගැනීමට ඇමෙරිකාවේ සහාය ලබන සිරියානු සටන්කාමීහූ සමත්වූහ. කෙසේ නමුත් සිවිල් වැසියන් දහස් ගණනක් සිර වී සිටීම නිසා පසුගිය සතියේදී සටන් තාවකාලිකව නවතා දැමීමට සිදුවිය. ඒ අනුව දෙපාර්ශය අතර ගිවිසුමක් අත්සන් තැබුණු සිවිල් වැසියන්ට නගරයෙන් ඉවත්ව යෑමට අවස්ථාව සැලසුණි.

එහිදි අයි.එස් සංවිධානයේ සිටි සිරියානු ජාතිකයෝ සහ ඔවුන්ගේ පවුල් ද නගරයෙන් මෙන්ම අයි.එස් සංවිධානයෙන් ද ඉවත්වූහ. අවසානයේදී නගරයේ ඉතිරි වූයේ අයි.එස් සංවිධානයට බැඳුණු විදෙස් සටන්කාමීන් 300කට ආසන්න පිරිසකි.
  
අයි.එස් සංවිධානය 2014 වසරේදී ඉරාකයත් සිරියාවත් කේන්ද්‍ර කරගනිමින් මුස්ලිම් රාජ්‍යයක් ‘කලිෆාවක්’ ප්‍රකාශයට පත් කරන ලද අතර එහි සිරියාවේ අගනගරය වූයේ රකා නුවරයි. අයි.එස් සංවිධානය ලොව අගනගරවලට එල්ල කරන ලද ප්‍රහාර රැසක් සැලසුම් කරන ලද්දේ ද රකා නුවර පිහිටි කඳවුරුවල සිටය. 

055



අදහස් (1)

සිරියානු සටන්කාමීහූ අයිඑස් සංවිධානයෙන් රකා මුදා ගනිති

ධනුෂ්ක Friday, 20 October 2017 02:37 AM

දැන් රකා මුදාගන්න සිරියානු රජයෙ හමුදාවට තව යුද්ධයක් කරන්න වෙයි

:       0       3

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 52 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 49 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 44 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය අද ඇරැඹේ
2024 අප්‍රේල් මස 25 15 0

මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්


ඇතන්ස් තැඹිලි පාට වෙයි
2024 අප්‍රේල් මස 24 283 0

ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද


බ්‍රිතාන්‍ය අගමැති සුනාක්ගෙන් යුක්රේනයට පවුම් මිලියන 500 ක්
2024 අප්‍රේල් මස 24 125 0

යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 310 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1694 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1538 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site