IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


සිරියා දකුණු දේශසීමාවේ සිටිය යුත්තේ එරට හමුදා බලඇණි පමණක් බව රුසියාව කියයි



මොස්කව්හිදීය (රොයිටර්)

සිරියාවේ දකුණු දේශසීමාවේ සිටිය යුත්තේ එරට හමුදා බලඇණි පමණක් යැයි රුසියාව අද, සඳුඳා (28) ප්‍රකාශ කළේය. 

 

සිරියාවේ දකුණු දේශසීමාව ජෝර්දානයට සහ ඊශ්‍රායලයට මායිම් වේ. සිරියානු රජයේ හමුදා සටන් විරාම උල්ලංඝනය කළහොත් දැඩි පියවර ගන්නා බවට ඇමෙරිකා එක්සත් ජනපදය කළ අනතුරු ඇඟවීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස රුසියාව මේ බව ප්‍රකාශ කළේය. 

 

ඊශ්‍රායලය සමඟ මායිම් වන ගෝලාන් කඳුකරය සහිත නිරිත දිග සිරියාවේ මායිම්වල පාලන බලය ආණ්ඩු විරෝධී කැරැලිකරුවන් සතු වේ. ඊට ආසන්න සීමාවේ බලය සිරියානු රජයේ හමුදා සහ ඉරානයේ සහාය ලබන සටන්කාමීන් සතු වේ.

 

නිරිත දිග සිරියාවේ සටන් විරාම ප්‍රකාශයට පත් කර තිබෙන ප්‍රදේශවල සිරියානු රජයේ හමුදා එම සටන් විරාම එකඟතා කඩ කරමින් කටයුතු කරන්නේ යැයි ඇමෙරිකා එක්සත් ජනපදය ඉකුත් දා චෝදනා කළේය. එසේම දිගින් දිගටම එසේ කළහොත් දැඩි ප්‍රතිචාර දක්වන බවට ද ඇමෙරිකා එක්සත් ජනපදය බෂාර් අල් අසාද් ප්‍රමුඛ සිරියානු ආණ්ඩුවට අනතුරු ද ඇඟවීය.  

 

“සිරියානු රජයේ හමුදා නොවන සියලු ආයුද සන්නද්ධ පිරිස් මෙම ප්‍රදේශවලින් ඉවත් විය යුතුයි. එය අන්‍යෝන්‍ය අවබෝධය මත සිදුවිය යුත්තක්” මොස්කව් නුවර පැවැති මාධ්‍ය හමුවක් අමතමින් රුසියානු විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝව් පැවැසීය.

 

“මේ ක්‍රියාවලිය දිගින් දිගටම සිදුවිය යුතුයි. ඊශ්‍රායලය සමඟ තිබෙන සිරියානු දේශසීමාවේ සිටිය යුත්තේ සිරියානු අරාබි ජනරජයේ හමුදා පමණයි” යැයි ද හෙතෙම කීය. 

 

සිරියාවේ දකුණු දේශසීමාවේ ඇති  වී තිබෙන මෙම තත්ත්වය සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය සහ රුසියාව සමඟ සාකච්ඡා කරන බව ජෝර්දානය ද අද නිවේදනය කළේය. මෙම සටන් විරාම ප්‍රකාශයට පත් කරන ලද්දේ පසුගිය වසරේදීය. 

 

මෙම සටන් විරාම හේතුවෙන් ජෝර්දානයට සහ ඊශ්‍රායලයට මායිම් වන මෙම ප්‍රදේශවල ගැටුම් සැළකිය යුතු ලෙස පහළ ගියේය. 

 

ඊශ්‍රායලය ද මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබෙන අතර ඔවුහු ඉරානයට චෝදනා කරති. අටවැනි වසර ගෙවෙමින් තිබෙන සිරියානු සිවිල් යුද්ධය තවත් ව්‍යාප්ත කරන බවට ඊශ්‍රායලය ඉරානයට චෝදනා කරයි. 

 

සිරියාවේ සිටින සියලු ඉරාන හමුදා එරටින් ඉවත් විය යුතු යැයි ද ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය අද ප්‍රකාශ කළේය.

(055)

 



අදහස් (2)

සිරියා දකුණු දේශසීමාවේ සිටිය යුත්තේ එරට හමුදා බලඇණි පමණක් බව රුසියාව කියයි

කුමාර් (ගල්ෆ්) Tuesday, 29 May 2018 10:54 AM

සිරියාවේ සිටින සියලු ඉරාන හමුදා එරටින් ඉවත් විය යුතුය. ඉරානය යනු මුළු මැදපෙරදිගම අවුල්කරන ත්‍රස්තවාදයට උදව්කරනා ප්‍රජාතන්ත්‍ර වාදයක් නැති රටකි.

:       3       0

ධනුෂ්ක Tuesday, 29 May 2018 03:51 PM

කුමාර් ඉරානය විතරක් නොවේ මුලු මැදපෙරදිගම බිහිසුනුයි. කොයි වෙලාවේ අැවිලෙයිද දන්නෑ. ලෝකය ගත්තම මිනිසුන්ගේ හැසිරීම සැකසෙන්නේ ඔහු ජීවත්වෙන පරිසරය අනූව. පරිසර කර්කසයිනම් මිනිසත් කර්කසයි. අද විතරක් නොවෙයි බුදුන් දවසත් එහෙමයි. පුන්න තෙරුන් එකල සුනාපරන්තය, යෝනක දේශය නමින් හැඳිනවු වර්ථමාන සෞදිය තුළ ධර්ම ප්‍රචාරය සඳහා වැඩම කරන විට බුදු රදුන් වදාරා තියනවා යෝනක දේශයේ මිනිසුන් හරිම චන්ඩයි, දරුණුයි, ඉවසීමෙන් තොරයි යනුවෙන්. අැත්තටම බුදු දහම හෝ වෙනත් අාගමක් පවතින්න එහි පාරිසරයක් නෑ. චන්ඩ මිනිසුන් පාලනයට චන්ඩ පාලනයක් පවතින්නේ එ්කයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඇතන්ස් තැඹිලි පාට වෙයි
2024 අප්‍රේල් මස 24 145 0

ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද


බ්‍රිතාන්‍ය අගමැති සුනාක්ගෙන් යුක්රේනයට පවුම් මිලියන 500 ක්
2024 අප්‍රේල් මස 24 84 0

යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.


ඉරානය සමඟ ගනුදෙනු කළොත් සම්බාධක
2024 අප්‍රේල් මස 24 6366 12

ඉරානය සමඟ ව්‍යාපාර ගනුදෙනු පවත්වන්නේ නම්, සම්බාධකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පාකිස්තානයට අනතුරු ඇඟවීමක් කර තිබේ.


කේට් ට චාල්ස් රජුගෙන් පැසැසුම්
2024 අප්‍රේල් මස 24 81 0

බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරුන්ගේ බිරිඳ මෙන්ම, වේල්සයේ කුමරිය යන ගෞරව නාමයෙන් ද හැඳින් වෙන, කේට් මිඞ්ල්ටන් කුමරියට චාල්ස් රජුගේ ප්‍රසංශා හ


හිස්බුල්ලා ඊශ්‍රායලට පහරදෙයි
2024 අප්‍රේල් මස 23 400 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් උතුරුදිග ඊශ්‍රායලයේ හමුදා මූලස්ථානයක් ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය පවසයි.


ඉරාන ජනපති පාකිස්තාන අගමැති හමුවෙයි
2024 අප්‍රේල් මස 23 728 0

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 299 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1672 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1529 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site