IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ෂින්ෂෝ අබේට තුනෙන් දෙකක බලයක්

ජපාන මහ මැතිවරණයෙන් සුවිශේෂී ජයග්‍රහණයක් ලබමින් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් තහවුරු කරගැනීමට ජපාන අගමැති ෂින්සෝ අබේ සමත්ව තිබේ. 

ව්‍යවස්ථා වෙනසකට සහ ජපානයේ ජාතික අර්බුදවලට විසඳුම් සෙවීම සඳහා ශක්තිමත් ජනවරමක් අවශ්‍ය බව සඳහන් කරමින් අබේ අගමැතිවරයේ ඉකුත් සැප්තැම්බර් මාසයේදී හදිසි මැතිවරණයක් කැඳවූ අතර එහි ඡන්ද විමසීම ඉරිදා (22) පැවැත්විණි. 
 
දැනට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵලවලින් සහ සමීක්ෂණ වාර්තාවලට අනුව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය තහවුරු කරගැනීමට ජපාන අගමැතිවරයාගේ නායකත්වයෙන් යුතු සන්ධානය සමත්ව ඇත.
 
ජයග්‍රහණයත් සමඟ උතුරු කොරියාවේ තර්ජනවලට එරෙහිව දැඩි පියවර ගන්නා බව ජපාන අගමැතිවරයා ජනතාව හමුවේ කීය. ජපාන අගමැති අබේ ගේ ‘ලිබරල් ඩිමොක්‍රටික්’ පක්ෂය ප්‍රමුඛ සන්ධානය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයක් දිනාගනු ඇතැයි ජපානයේ රාජ්‍ය පුවත් සේවය වන එන්.එච්.කේ පුවත් සේවය ද වාර්තා කර තිබිණි. 
 
මේ අනුව මෙම ජනවරම අගමැති අබේට ජපානයේ පශ්චාත් යුද සාමවාදී ව්‍යවස්ථාව වෙනස් කිරීමට අවස්ථාවක් උදා කර දී තිබේ. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ජපානය රාජ්‍ය හමුදාවක් පවත්වාගෙන නොගිය අතර අභ්‍යන්තර කටයුතු වෙනුවෙන් සහ රට තුළ ආරක්ෂාව තහවුරු කිරීමට ඔවුහු ස්වයං ආරක්ෂක බලකායක් පවත්වාගෙන ගියහ. 
 
කෙසේ නමුත් පසුගිය කාලයේදී උතුරු කොරියාවෙන් දිගින් දිගටම තර්ජන එල්ල වීමත් සමඟ රාජ්‍ය හමුදාවක් ස්ථාපිත කිරීම සඳහා ජපානය තුළ අවශ්‍යතාවක් පැන නැගුණි. එපමණක් නොව මෙම ජයග්‍රහණයත් සමඟ පශ්චාත් යුද ජපානයේ දීර්ඝතම කාලයක් බලයේ සිටින අගමැතිවරයා බවට ද ෂින්සෝ අබේ පත්වනු ඇත. 
 


 
(055)



අදහස් (2)

ෂින්ෂෝ අබේට තුනෙන් දෙකක බලයක්

Perakum Monday, 23 October 2017 04:56 AM

අබේගේ වෑයම සාර්ථකයි. අවංක දේශ හිතෛශී නායකයෙක්. ජාතිවාදියෙක් යයි වරද්දගන්න එපා. අපි ඔහුට තවදුරටත් ජය පතමු.

:       0       131

Lalin Wednesday, 25 October 2017 02:10 PM

දැක්කනේ, අබේ හරියට වැඩ කරලා කලින්ම ඡන්දෙ තිබ්බ, මිනිහ දිනුවා. කලින් ඡන්ද තිබ්බට වැඩක් නැහැ, රටේ නීතිය ආරක්ෂා කරන්නත් ඕනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඇතන්ස් තැඹිලි පාට වෙයි
2024 අප්‍රේල් මස 24 119 0

ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද


බ්‍රිතාන්‍ය අගමැති සුනාක්ගෙන් යුක්රේනයට පවුම් මිලියන 500 ක්
2024 අප්‍රේල් මස 24 76 0

යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.


ඉරානය සමඟ ගනුදෙනු කළොත් සම්බාධක
2024 අප්‍රේල් මස 24 5692 12

ඉරානය සමඟ ව්‍යාපාර ගනුදෙනු පවත්වන්නේ නම්, සම්බාධකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පාකිස්තානයට අනතුරු ඇඟවීමක් කර තිබේ.


කේට් ට චාල්ස් රජුගෙන් පැසැසුම්
2024 අප්‍රේල් මස 24 74 0

බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරුන්ගේ බිරිඳ මෙන්ම, වේල්සයේ කුමරිය යන ගෞරව නාමයෙන් ද හැඳින් වෙන, කේට් මිඞ්ල්ටන් කුමරියට චාල්ස් රජුගේ ප්‍රසංශා හ


හිස්බුල්ලා ඊශ්‍රායලට පහරදෙයි
2024 අප්‍රේල් මස 23 396 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් උතුරුදිග ඊශ්‍රායලයේ හමුදා මූලස්ථානයක් ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය පවසයි.


ඉරාන ජනපති පාකිස්තාන අගමැති හමුවෙයි
2024 අප්‍රේල් මස 23 727 0

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 297 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1669 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1528 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site