වෛරය පෝෂණය වන හෝ ජාතිවාදය සාමාන්‍යකරණය කරමින් ප්‍රකාශ නිකුත් කරන පාලකයන් ප්‍රතික්ෂේප කරන්නැයි අමෙරිකාවේ හිටපු ජනාධිපති බැරැක් ඔබාමා මහතා ඇමෙරිකානු ජනතාවගෙන් ඉල්ලීමක් කරමින් කියා සිටියේය.
ඔබාමා මහතා මෙම ප්‍රකාශය සිදුකළේ කිසිම පාලකයකුගේ නමක් ප්‍රකාශ නොකරමිනි. එසේ වුවද, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා මෑතකදී කළ අදහස් දැක්වීමකින් පසුව ඔහු මේ බව පවසා තිබිණි.
ඇමෙරිකානු ජනාධිපතිවරයා ඊයේ(05) කළ ප්‍රකාශයකින්, ජාතිවාදී අදහස් වෙනත් ආකාරයකට හැරවීම සම්බන්ධයෙන්ද, ප්රචණ්ඩත්වය පෝෂණය කිරීම සම්බන්ධයෙන් ද දේශපාලන විචාරකයන්ගෙන් විවේචන එල්ල වී තිබිණි.
ඇමෙරිකාවේ ටෙක්සාස් සහ ඔහියොහිදී සිදු වූ වෙඩිතැබීම්වලදී පුද්ගලයන් 31 දෙනෙකු මිය යෑමෙන් පසු ට්‍රම්ප් මහතා මෙම අදහස් පළකර තිබූ අතර එහිදී සුදු ජාතිකයන්ගේ ශ්‍රේෂ්ඨත්වය සම්බන්ධයෙන්ද මහතා පවසා තිබිණි.
සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් ට්‍රම්ප් කළ මතභේදකාරී ප්‍රකාශයට ප්‍රතිචාර දැක්වීමෙන් වැළකී සිටි ඔබාමා මහතා මෙම ප්‍රකාශය පසුව නිකුත් කර තිබිණි.
“ඇමෙරිකාවේ ඇතැම් පාලකයන් වෛරය පෝෂණය වන හෝ ජාතිවාදය සාමාන්‍යකරණය කරන ප්‍රකාශ අපි ප්‍රතික්ෂේප කළ යුතුයි. අප වැනි මිනිසුන් දෙස නොබලන, අපගේ ජීවිතයට තර්ජනයක් වන, අනෙකුත් ජාතීන් පහත් මිනිසුන් වර්ගයක් සේ සලකන, ඇමෙරිකාව එක්තරා ආකාරයක මිනිසුන් වර්ගයකට පමණක් අයත් යැයි හඟවමින් ප්‍රකාශ කරන නායකයන් අප ප්‍රතික්ෂේප කළ යුතුයි.
අපේ දේශපාලනයේ හෝ පොදු ජීවිතවලදී ඒවාට තැනක් ලැබෙන්නෙ නැහැ. ඇමෙරිකාවේ කීර්තිනාමය ලෙස සලකන, ඉතා ප්‍රබල වන, බහුතර මිනිසුන්, සියලු ජාතීන්, විශ්වාස සහ දේශපාලන පක්ෂ සඳහා කාලය එළඹී ඇති බවට කිසිදු සැකයක් නැහැ” යැයිද හිටපු ජනාධිපතිවරයා පවසා ඇත.
(බීබීසී ඇසුරිනි)
16844
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
මතභේදයට ලක් ව ඇති අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය ඉන්දියාවේ කොටසක් ලෙස පිළිගන්නා බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබේ.
ඇමෙරිකාවේ, ෆ්ලොරීඩා ජනපදයේ දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කර ඇත.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
වෛරී ප්‍රකාශ කරන ඇමෙරිකානු පාලකයන් ප්‍රතික්ෂේප කරන්නැයි ඔබාමා කියයි