වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් පිරිනැමෙන නොබෙල් ත්‍යාගය දිනා ගැනීමට ඇමෙරිකා එක්සත් ජනපදයේ ජාන විද්‍යාඥයන් තිදෙනකු සමත්ව තිබේ.
බොහෝ ජීවි දෑ වල නින්ද-අවදි වීම යන චක්‍රය පාලනය කරන ‘ජෛව ඔරලෝසු’ සම්බන්ධයෙන් කරන ලද සොයාගැනීම්, පර්යේෂණ ආදිය සම්බන්ධයෙන් ජෙෆ්රි සී. හෝල්(72), මයිකල් රොස්බෑෂ් (73) සහ මයිකල් ඩබ්. යන්ග්(68) යන ජාන විද්‍යාඥයන්ට වෛද්‍ය විද්‍යාව සඳහා පිරිනැමෙන නොබෙල් ත්‍යාගය හිමි වන බව නොබෙල් සභාව නිවේදනය කළේය.
ඔරලෝසුවක් ස්ථාපිත කිරීමේදි ජාන කරන කාර්ය සොයා ගැනීමට ජෙෆ්රි සී. හෝල්, මයිකල් රොස්බෑෂ් සහ මයිකල් ඩබ්. යන්ග් යන ජාන විද්‍යාඥයන් තිදෙනා සමත් වූ බවත් එමගින් නින්ද, ආහාර රටා, හෝර්මෝන සහ ශරීර උෂ්ණත්වය නියාමනය කරන බවත් නොබෙල් සභාව ප්‍රකාශ කළේය.
වෛද්‍ය විද්‍යාවට හිමි නොබෙල් ත්‍යාගය දිනාගත් ජාන විද්‍යාඥයන්ගේ සොයාගැනීම්වලින් ශාක, සත්වයන් හා මනුෂ්‍යයන් ඔවුන්ගේ ජෛව රිද්මයට හැඩ ගැසෙන ආකාරය සහ පෘථවියේ පරිභ්‍රමණය සමඟ සමමුහුර්ත වන ආකාරය පැහැදිලි කර තිබෙන බව එම සභාව තවදුරටත් කීවේය.
වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් පිරිනැමෙන නොබෙල් ත්‍යාග මුදල වන ස්වීඩන ක්‍රෝනෝර් මිලියන 9 (එක්සත් ජනපද ඩොලර් මිලියන 1.1) ඔවුන් තිදෙනා අතරේ සම සමව බෙදී යයි. එමෙන්ම නම සඳහන් කරන ලද නොබෙල් පදක්කමක් ඔවුන් තිදෙනාට හිමි වේ.
(ඒ.එෆ්.පී-055)
තුර්කියේ ඉස්තාන්බුල් නගරසභා මැතිවරණය ලබන ඉරිදා (31) පැවැත්වීමට නියමිතය. දශක ගණනක් තිස්සේ තුර්කියේ බලයේ සිටින්නේ ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්ගේ ජා
වහා සටන් විරාමයක් අවශ්‍ය යැයි බල කරමින්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය, සම්මත කරගත් යෝජනාව, සටන් විරාමයක් ඇති කරගැනීමට තමන් සහ හමාස් සංවිධානය අතරේ පැව
පාකිස්තානයේ ට්‍රක් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එකම පවුලේ අට දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අනතුර සිදුවූයේ පාකිස්තානයට අයත් කයිබර් ප
ගාසා තීරයට ලබා දෙන ආධාර වැළැක්වීමෙන්, ගාසා තීරයේ සාගතයක් නිර්මාණය කළ බවටත්, එය වළක්වා ගැනීමට ඊශ්‍රායලය අපොහොසත් වූ බවටත් චෝදනා එල්ල වෙයි. ඊශ්‍රායලයට ම
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
වෛද්‍ය නොබෙල් ත්‍යාගය ඇමෙරිකාවට
ලුම්බිණි Tuesday, 03 October 2017 09:37 AM
අපිත් එහෙම පස්සට යන අය නොවෙයි. අපේ දොස්තර මහත්වරු ලෝකයේ වැඩිම වර්ජන කිරීම හේතුවෙන් නොබෙල් ත්‍යාගය දිනා ගන්න ඉඩ තියෙනවා.
Nimal Tuesday, 03 October 2017 10:35 AM
ඔන්න එකටත් බනින්නේ ලංකාවේ වෛද්‍යවරුන්ට. ඔය සම්මානය අපේ රටට ලැබුනත් ඉතින් කියයි 'වැඩ වර්ජනය නොකරපු දොස්තරලට මේක ලැබුනා' කියල.