IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


වෙළෙඳ යුද්ධයෙන් වර්ධනයට බාධා - ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනතුරු අඟවයි

වොෂින්ටන්හිදීය (රොයිටර්)

උග්‍ර වෙමින් තිබෙන සහ අඛණ්ඩව පවත්නා වෙළෙඳ ගැටුම් සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ බදු ක්‍රියාමාර්ග ආර්ථික ප්‍රතිපාප්තිය (ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම) සහ මධ්‍යකාලීන ආර්ථික වර්ධන අපේක්ෂා දුර්මුඛ කරන්නේ යැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනතුරු අඟවයි. 

තම වෙළෙඳ පාර්ශ්වකරුවන්ගෙන් පළිගැනීමේ අරමුණින් තීරුබදු පැනවීමේ ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ප්‍රතිපත්තිය ඉතා හානිකර යැයි ද අන්තර්ජාතික මූල්‍ය අරමුදල පෙන්වාදෙයි.

ඇමෙරිකා ජනාධිපතිවරයාගේ එම තර්ජන සහ ක්‍රියාමාර්ග 2020 වසර සඳහා කර තිබෙන පුරෝකථන අනුව වාර්ෂික ගෝලීය ආර්ථික නිපැයුම සියයට 0.5කින් අඩු කරන බව ද අන්තර්ජාතික මූල්‍ය අරමුදල සඳහන් කරයි. 

අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ පුරෝකථන අනුව සියයට 0.5ක් යනු ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 500කි. ඒ අනුව එම අඩුවන අගය තායිලන්තයේ සමස්ථ ආර්ථිකයට සමාන අගයකි. 

“වර්තමානයේ ඇති වී තිබෙන වෙළෙඳ අර්බුද තවදුරටත් උග්‍ර වුවහොත් විශ්වාසය, වත්කම් මිලගණන් සහ ආයෝජන මත අහිතකර බලපෑම් එල්ල කරනවා. එය ඉතා ඉක්මනින් වර්ධනයට බලපෑම් එල්ල කරනවා” යැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධාන ආර්ථිකවේදී මෝරි ඔබ්ස්ට්ෆෙල්ඞ් පුවත්පත් සාකච්ඡාවක් පවත්වමින් කීය.

ඉහළ ඉල්ලුම නිසා ඇමෙරිකා එක්සත් ජනපදයේ වෙළෙඳ හිඟය ද තවදුරටත් වැඩිවිය හැකි යැයි ද වෙළෙඳ අර්බුද තවදුරටත් දිග්ගැස්සෙනු ඇතැයි ද ඔහු පැවැසීය.

ඇමෙරිකා එක්සත් ජනපදය වානේ සහ ඇලුමීනියම් මත තීරුබදු පැනවීම සහ එක්සත් ජනපද ඩොලර් බිලියන 34ක වටිනාකමකින් යුත් චීන භාණ්ඩ මත බදු පැනවීමත් සමඟ වාර්ෂික ගෝලීය ආර්ථික නිපැයුම අඩුවීම සිදුවීම දැනටමත් ආරම්භ වී තිබේ.

තවත් ඩොලර් බිලියන 200ක භාණ්ඩ මත බදු පනවන බවට ද ඇමෙරිකා ජනාධිපතිවරයා අනතුරු අඟවා තිබෙන අතර මෝටර් රථ ආනයන මත සියයට 25ක ගෝලීය බද්දක් පනවන බව ද ඇමෙරිකා ජනාධිපතිවරයා තවදුරටත් අනතුරු අඟවා තිබේ. 

“ඇමෙරිකාව ගෝලීයව කරනා මෙම ප්‍රතිචාර දැක්වීම එසේ නැතිනම් තම පාර්ශවකරුවන් සමඟ එකට එක කිරීම නිසා අර්බුදය තවදුරටත් දිග්ගැස්සෙනවා. ඒ වගේම ගෝලීය වෙළෙඳපොළවලදී ඇමෙරිකා අපනයන වැඩි ප්‍රමාණයක් බදුවලට හසුවෙනවා. එම නිසා මෙය ඉතා අවදානම් තත්ත්වයක්” යැයි ද ඔබ්ස්ට්ෆෙල්ඞ් කීය.

මේ වසරත් ලබන වසරත් සඳහා ගෝලීය ආර්ථික වර්ධන පුරෝකථනය සියයට 3.9ක් යැයි අන්තර්ජාතික මූල්‍ය අරමුදල සඳහන් කරයි. එය පසුගිය අප්‍රේල් මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කරන ලද පුරෝකථනවලට නොවෙනස් අගයකි. මෙම පුරෝකථන කරන ලද්දේ දැනට පනවා ඇති බදු සැලකිල්ලට ගනිමින් පමණක් බවත් මෝටර් රථ ක්ෂේත්‍රයට පැනවීමට නියමිත බදු සැලකිල්ලට නොගත් බවත් ඔබ්ස්ට්ෆෙල්ඞ් පැවැසීය. 

කෙසේ නමුත් ආර්ථික වර්ධන ගම්‍යතාව අඩු වෙමින් තිබෙන බව ද හෙතෙම කීය. 

ඇමෙරිකා එක්සත් ජනපදය සහ චීනය සඳහා කරන ලද ආර්ථික වර්ධන පුරෝකථන ද නොවෙනස්ව පවතී. ඇමෙරිකා එක්සත් ජනපදය මේ වසරේදී සියයට 2.9කින් ද ලබන වසරේදී සියයට 2.7කින් ද වර්ධනය වනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනාවැකි පළ කරයි. චීනයේ ආර්ථිකය මේ වසරේදී සියයට 6.6කින් ද ලබන වසරේදී සියයට 6.4කින් ද වර්ධනය වනු ඇතැයි ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වාදෙයි. 

එහෙත් යුරෝපා කලාපයේ රටවල් සහ ජපානය සහ බ්‍රිතාන්‍යය වෙනුවෙන් කරන ලද ආර්ථික වර්ධන පුරෝකතන අගයන් පහත දැමීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කටයුතු කර තිබේ.

එම රටවල තිබෙන දේශපාල අවිනිශ්චිතතාව ඊට ප්‍රධාන වශයෙන් හේතු වූ බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වාදෙයි. 

යුරෝපා කලාපයේ ආර්ථික වර්ධන වේගය 2.4 සිට 2.2 දක්වාත්, බ්‍රිතාන්‍යයේ ආර්ථික වර්ධන වේගය සියයට 1.6 සිට1.4 දක්වාත්  ජපානයේ ආර්ථික පුරෝකථන සියයට 1.2 සිට 1.0 දක්වාත් පහත දැමීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පියවර ගෙන තිබේ.

නැගී එන වෙළෙඳපොළ හිමි රටවල් කිහිපයක ආර්ථික වර්ධන පුරෝකථන අගය පහළ දැමීමට ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පියවර ගෙන තිබේ. බ්‍රසීලයේ ආර්ථික වර්ධන වේගය අඩකින් සියයට 1.8ක් දක්වා පහත දැමීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කටයුතු කර තිබෙන අතර කම්කරු උද්ඝෝෂන සහ දේශපාලන අවිනිශ්චිතතාව ඊට ප්‍රධාන වශයෙන් හේතු වී තිබේ. 

ඉන්දියාවේ ආර්ථික වර්ධන වේගය ද 0.1න් සහ 0.3න් කපා හැරීමට ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කටයුතු කර තිබේ. ඒ අනුව 7.4ක් ලෙස පුරෝකථනය කර තිබූ මේ වසරේ ආර්ථික වර්ධන වේගය සියයට 7.3ක් ලෙසත් 7.8ක් ලෙස පුරෝකථනය කර තිබූ ලබන වසරේ ආර්ථික වර්ධන වේගය සියයට 7.5ක් ලෙසත් නැවත පුරෝකථනය කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පියවර ගෙන තිබේ.

සෞදි අරාබිය සහ රුසියාව හැරෙන්නට ස්වාධීන රාජ්‍යයන්ගෙන් සැඳුම්ලත් පොදු රාජ්‍ය මණ්ඩලයීය රටවල වර්ධන පුරෝකථන සුළු අගයකින් නැවත පුරෝකථනය කරන්නට ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කටයුතු කර ඇත. 

055

 



අදහස් (0)

වෙළෙඳ යුද්ධයෙන් වර්ධනයට බාධා - ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනතුරු අඟවයි

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

හිස්බුල්ලා ඊශ්‍රායලට පහරදෙයි
2024 අප්‍රේල් මස 23 261 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් උතුරුදිග ඊශ්‍රායලයේ හමුදා මූලස්ථානයක් ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය පවසයි.


ඉරාන ජනපති පාකිස්තාන අගමැති හමුවෙයි
2024 අප්‍රේල් මස 23 587 0

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන


ඊශ්‍රායල හමුදා බුද්ධි අංශ නායකයා ඉල්ලා අස්වෙයි
2024 අප්‍රේල් මස 22 4098 3

ඊශ්‍රායල හමුදා බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජනරාල් ඇරොන් හලීවා ඉල්ලා අස්විය. හමුදා බුද්ධි අංශ ප්‍රධානියා මෙසේ ඉල්ලා අස් වූයේ පසුගිය ඔක්තෝබර් 7 වැනිදා ඊශ්


චීනයේ නගර ගිලා බහිනවා
2024 අප්‍රේල් මස 22 442 0

චීනයේ ප්‍රධාන නගරවලින් අඩක් ගිලා බසිමින් පවතින බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි. විදෙස් මාධ්‍ය මේ බව අනාවරණය කළේ ජගත් භූ විද්‍යාඥයන් ‘සයන්ස්’ විද්‍යා සඟ


ඉරාන ජනපති පාකිස්තානයට
2024 අප්‍රේල් මස 22 2597 0

ශ්‍රී ලංකා සංචාරට පෙර ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණියේය. ඉරාන ජනාධිපති රයිසිට පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ


මැතිවරණයෙන් ජනපති මුයිසුගේ පක්ෂයට ජය
2024 අප්‍රේල් මස 22 78 0

මාලදිවයින පාර්ලිමේන්තු මැතිවරනයෙන්, දැඩි චීන හිතවාදියකු වන මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුගේ ‘ජනතා ජාතික කොංග්‍රසය’ දේශපාලන පක්ෂය විශිෂ්ට ජයක් හ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 283 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1638 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site