වෙනිසියුලා විපක්ෂය දියත් කරන ලද දැවැන්ත වැඩ වර්ජනයකට වෙනිසියුලා වැසියන් මිලියන ගණනක් එක්ව ඇතැයි වාර්තා වේ.
නව ව්‍යවස්ථාවක් ගෙන ඒම සඳහා වෙනිසියුලා ජනාධිපති නිකොලස් මදුරෝ මහතා ලබන 30 වැනිදා මැතිවරණයක් පැවැත්වීමට සූදානමින් සිටින අතර ඊට එරෙහිව මෙම වැඩ වර්ජනය පැවැත්වෙයි.
වෙනිසියුලා ජනාධිපතිවරයා නියමිත මැතිවරණ නොපවත්වමින් ඒකාධිපති පාලනයක් ගෙන යන බවට චෝදනා කරමින් එරට විපක්ෂය පසුගිය අප්‍රේල් මාසයේදී ආණ්ඩු විරෝධී, විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කරන ලදි.
මදුරෝ මහතා අනුගමනය කරන ප්‍රතිපත්ති හේතුවෙන් ඇමෙරිකාව සමඟ ද මතභේදාත්මක තත්ත්වයක් උද්ගත වී තිබෙන අතර වෙනිසියුලා ජනාධිපතිවරයාට කිසිදු ලෙසකින් නීතිවිරෝධී ලෙස ව්‍යවස්ථා සංශෝධන කිරීමට ඉඩ නොදෙන බව ඇමෙරිකාව සඳහන් කරයි.
වෙනිසියුලාවට එරෙහිව සම්බාධක පනවන බවත් කිසිදු ලෙසකින් වෙනිසියුලාව කැබලිවලට කැඩී වෙන්වීමට ඉඩ නොතබමන බවත් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා ඉකුත් දා අනතුරු ඇඟවීය. අප්‍රේල් මාසයේ සිට මේ දක්වා පැවැති විරෝධතාවලදී ඇති වූ ගැටුම් හේතුවෙන් 100කට වැඩි පිරිසක් මියගොස් ඇති අතර දහසකට ආසන්න පිරිසක් අත්අඩංගුවට පත්ව තිබේ.
වැඩ වර්ජනය ඉතා කුඩා එකක් බවත් නායකයන් අත්අඩංගුවට ගන්නා බවත් මදුරෝ ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ. රටෙන් සියයට 85කට ආසන්න පිරිසක් වැඩ වර්ජනයකට සම්බන්ධ වී සිටින බව වෙනිසියුලා විපක්ෂය පවසයි.
ඒ.එෆ්.පී/රොයිටර් 055
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් උතුරුදිග ඊශ්‍රායලයේ හමුදා මූලස්ථානයක් ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය පවසයි.
දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන
ඊශ්‍රායල හමුදා බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජනරාල් ඇරොන් හලීවා ඉල්ලා අස්විය. හමුදා බුද්ධි අංශ ප්‍රධානියා මෙසේ ඉල්ලා අස් වූයේ පසුගිය ඔක්තෝබර් 7 වැනිදා ඊශ්
චීනයේ ප්‍රධාන නගරවලින් අඩක් ගිලා බසිමින් පවතින බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි. විදෙස් මාධ්‍ය මේ බව අනාවරණය කළේ ජගත් භූ විද්‍යාඥයන් ‘සයන්ස්’ විද්‍යා සඟ
ශ්‍රී ලංකා සංචාරට පෙර ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණියේය. ඉරාන ජනාධිපති රයිසිට පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ
මාලදිවයින පාර්ලිමේන්තු මැතිවරනයෙන්, දැඩි චීන හිතවාදියකු වන මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුගේ ‘ජනතා ජාතික කොංග්‍රසය’ දේශපාලන පක්ෂය විශිෂ්ට ජයක් හ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
වෙනිසියුලාවේ දැවැන්ත වැඩ වර්ජනයක්