IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


වෙනිසියුලාවට අයත් තෙල් සමාගම් ගිණුම් රුසියානු බැංකුවට මාරු කරයි

වෙනිසියුලා රජයට අයත් පී.ඩී.වී.එස්.ඒ. තෙල් සමාගමේ ගිණුම් රුසියානු රජයට අයත් ‘ගැස්ප්‍රොම්බෑන්ක්’ බැංකුවට මාරු කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි. 
 
තෙල් විකුණුම්වල මුදල් අදාළ බැංකුවේ තැන්පත් කරන්නැයි ද පී.ඩී.වී.එස්.ඒ. තෙල් සමාගමේ සිය සමාගමේ බද්ධ සමාගම්වල ගනුදෙනුකරුවන්ගෙන් ඉල්ලා ඇත. 
 
පී.ඩී.වී.එස්.ඒ. සමාගම රුසියානු රජයට අයත් ‘ගැස්ප්‍රොම්බෑන්ක්’ බැංකුවේ ගිණුම් විවෘත කර ඇත්තේ මෑතකදී බව ද වාර්තා වේ. 
 
වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස් මදුරෝ මහතාට තෙල් වෙළෙඳාමෙන් ලබන ආදායම් ලබාගැනීම වැළැක්වීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය පී.ඩී.වී.එස්.ඒ. තෙල් සමාගමට ජනවාරි 28 වැනිදා දැඩි සම්බාධක පැනවීය. ඇමෙරිකා එක්සත් ජනපදය මීට පෙර ද එම සමාගමට සම්බාධක පනවා තිබිණි. 
 
වෙනිසියුලාවේ තෙල් කර්මාන්තයෙන් ලැබෙන මුදල් ලබාගැනීම සඳහා මදුරෝ මහතා ප්‍රමුඛ පිරිස අරමුදලක් ස්ථාපිත කරනු ඇතැයි වෙනිසියුලාවේ විපක්ෂ නායක යුවාන් ගුවයිඩෝ මහතා ඉකුත් දිනෙක පැවැසීය.
 
ජුවාන් ගුවයිඩෝ තමන් වෙනිසියුලාවේ අන්තර්වාර ජනාධිපතිවරයා යැයි ප්‍රකාශ කිරීමත් සමඟ වෙනිසියුලාව තුළ නව දේශපාලන අර්බුදයක් නිර්මාණය විය. 
 
ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර රටවල් කිහිපයක්ම වෙනිසියුලාවේ නිත්‍යනුකූල නායකයා ගුවයිඩෝ යැයි පිළිගෙන ඇත. එහෙත් යුවාන් ගුවයිඩෝ ඇමෙරිකාවේ රූකඩයක් ඔහු ඇමෙරිකාවේ සහාය ඇතිව කුමන්ත්‍රණයක් ආරම්භ කරන බව ද ජනාධිපති මදුරෝ මහතා චෝදනා කරයි. 
 
රොයිටර් ඇසුරිනි 
 
055



අදහස් (0)

වෙනිසියුලාවට අයත් තෙල් සමාගම් ගිණුම් රුසියානු බැංකුවට මාරු කරයි

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 180 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 98 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


රුසියන් සෙබළු 50,000 ක් මැරිලා
2024 අප්‍රේල් මස 18 223 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.


මාලදිවයින ජනපතිට මුයිසුට දූෂණ චෝදනා
2024 අප්‍රේල් මස 18 151 0

මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 1495 1

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 444 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1508 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1413 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site