වියට්නාමයේ නැගෙනහිර සහ මධ්‍යම පළාත්වල ඇතිවූ ගංවතුර හා නායයෑම් හේතුවෙන් 37ක් මියගොස් 40දෙනකු පමණ අතුරුදන්ව ඇතැයි බලධාරීහු පවසති.
දහස්ගනණක පිරිසක් අවතැන්ව ඇති අතර නිවාස 16000ක් පමණ ජලයෙන් යටවී ඇත.
දින කිහිපයක් තිස්සේ පැවති අධික වර්ෂාව නිසා මෙම තත්වය ඇතිවූ බව පැවසේ.
ආපදාව වාර්තා කරමින් සිටි ප්‍රාදේශීය වාර්තාකරුවකු ද පාලමක් කඩා වැටීම නිසා වතුරේ ගසාගෙන ගොස් අතුරුදන්ව ඇත.
ඉදිරි දින කිහිපයේදී කාලගුණික තත්වය මීට වඩා දරුණු වනු ඇති බවත් එය සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බවටත් කාලගුණ අංශ අනතුරු අඟවා ඇත.
(අප්ජසීරා පුවත් ඇසුරිණි - 085)
ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි
ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ
රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.
මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප
ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින
ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
වියට්නාම ගංවතුරෙන් 37 ක් මරුට