ඉන්දියාවේ නවදිල්ලි නුවර පවතින වායු දූෂණය හේතුවෙන්, පාසල් සිසුන්ගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් අවධානය යොමුකරමින් මිලියන 5ක් පමණ මුඛ ආවරණ ඔවුන්ට නිකුත් කිරීමට ඉන්දීය රජය පියවර ගෙන තිබේ.
ඉන්දියාව මේ වනවිට මහජන සෞඛ්‍ය සම්බන්ධයෙන් හදිසි තත්වයක් ප්‍රකාශ කර ඇත. ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දිල්ලිය ඇතුළු ආසන්නතම ප්‍රාන්ත දෙකකට වායු දූෂණය සම්බන්ධයෙන් කොන්දේසි කිහිපයක්ම පනවා තිබේ.
දිල්ලි නුවර පාසල් ලබන අඟහරුවාදා වනතුරු වසා දමා ඇත. නගරයේ සිදුකරන සියලු ඉදිකිරීම් කටයුතු තාවකාලිකව නවතා දමා ඇති අතර, ගිනි ආශ්රිත කටයුතුද තහනම් කර තිබේ.
දිල්ලි නගරය ‘ගෑස් කුටීරයක්’ බවට පත්ව ඇතැයි දිල්ලිහි ප්‍රධාන අමාත්යඅර්වින්ද් කෙජ්රිවාල් මහතා පවසයි.
ඉන්දියාවේ පැවැත්වීමට නියමිත ඉන්දු - බංගලාදේශ ක්‍රිකට් තරගය සඳහා ද වායු දූෂණයෙන් බාධා එල්ල වී තිබේ. බංග්ලාදේශ ක්‍රීඩකයින් මුඛ ආවරණ පැළඳගෙන පුහුණුවීම් කටයුතුවල යෙදෙමින් සිටිති.
පසුගිය වසරේදී ද ඉන්දියාවේ මෙවැනි ම ආකාරයේ වායු දූෂණ තත්වයක් ඇති වූ බවද, ස්වේච්ඡා සංගම් ජනයාට දහස් ගණන් මුඛ ආවරණ ලබාදුන් බවද වාර්තා වේ.
(බීබීසී ඇසුරිනි)
16844
ගාසා තීරයට ලබා දෙන ආධාර වැළැක්වීමෙන්, ගාසා තීරයේ සාගතයක් නිර්මාණය කළ බවටත්, එය වළක්වා ගැනීමට ඊශ්‍රායලය අපොහොසත් වූ බවටත් චෝදනා එල්ල වෙයි. ඊශ්‍රායලයට ම
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
පෘථිවිය කැරැකෙන වේගය එසේත් නැතිනම් භ්‍රමණය වන වේගය වැඩි වී, පෘථිවියේ වේලාව තත්පරයකින් අඩුවනු ඇතැයි ඇමෙරිකන් විද්‍යාඥයෝ පවසති.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
වායු දූෂණයෙන් ගැලැවීමට නවදිල්ලියේ සිසුන්ට මුඛ ආවරණ මිලියන 5ක්
Raveendra Sunday, 03 November 2019 11:14 AM
අපගේ අගනගරයත් ඉතාමත් ඉක්මණින් මෙම තත්වයට පත්වෙන දින වැඩි ඈතක් නොවෙනු ඇත."ප්‍රතිපත්ති සහ ප්රමිතීන්" පිළිබඳව නොසලකන්නේද.. එතැනදී සක්කරයත් ඇන ගන්නේය...
sampath Monday, 04 November 2019 12:14 PM
වාසනාවකට ලංකාවේ කොළඹ මෙහෙම දෙයක් වෙන්න තියෙන ඉඩ අඩුයි. මොකද එක පැත්තකින් මුහුද තියෙන නිසා කොහොම වුණත් නයිට්රජන් සහ සල්ෆර් සංයෝගවල සාන්ද්‍රණය ඉතා ඉහළ මට්ටමක කොළඹ නගරය පවතිනවා.. ඒ වගේ වැඩිම බලපෑම තියෙන්නේ කොළඹ පාසල් දරුවන්ට... අනෙක් අතට ලංකාවේ මෙවැනි තත්වයක් ඇති වෙනවා නම් වෙන්නේ මහනුවර... මොකද කඳු වළල්ලකින් වටවෙලා නිසා මේ දූෂිත වායු සාන්ද්‍රණය දිනෙන් දින ඉහළ යනවා. දැන්ම පර දෙපැත්තේ ගස් වවන්න පටන් ගත්තොත් සාමාන්‍යයෙන් හෝ මෙය පාලනය කල හැකියි.