එක්සත් ජාතීන්ගේ සංවිධානයේදීය (ඒ.එෆ්.පී)
එක්සත් ජාතීන්ගේ 72 වැනි මහ මණ්ඩල සැසිවාරයට සමගාමීව පැවැත්වෙන ලෝක නායකයන්ගේ වාර්ෂික විවාදය අද (19) ආරම්භ වීමට නියමිතය.
මෙහිදි ලෝක නායකයන් මහ සමුළුව ඇමතීමට නියමිත අතර ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ දේශනය කෙරෙහි වැඩි අවධානයක් යොමු ව තිබේ. මෙය ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසියක් අමතන පළමු අවස්ථායි.
ඇමෙරිකා ජනාධිපතිවරයා සිය දේශනයේදී උතුරු කොරියාව සහ ඉරානය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරනු ඇතැයි පැවසේ. බ්‍රසීල ජනාධිපති මයිකල් ටෙමර්ගේ දේශනයෙන් පසු ඇමෙරිකා ජනාධිපතිවරයා සිය දේශනය පවත්වනු ඇත. ජනාධිපති ට්‍රම්ප්ගේ ‘ඇමෙරිකාව පළමුවෙන්’ ප්‍රතිපත්තිය නිසා ජාත්‍යන්තරය ඔහු ජාතිකවාදියකු හඳුන්වා දී තිබිණි.
එක්සත් ජාතීන්ගේ වාර්ෂික මහ මණ්ඩල සැසිය සමාජ ශාලාවක් පෙර අවස්ථාවකදී ඇමෙරිකා ජනාධිපතිවරයා විසින් හඳුන්වා දී තිබිණි. ‘මිනිස්සු එකතු වී කා බී, විනෝද වී යන තැනක්’ යනුවෙන් ඇමෙරිකා ජනාධිපතිවරයා මහ සැසිය හඳුන්වා දී තිබිණි.
මෙවර එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලය සැසිය ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන්ගේ පළමු සැසිය ද වේ. ප්‍රංශ ජනාධිපතිවරයාගේ දේශනය ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ දේශනයට හාත්පසින්ම වෙනස් වනු ඇත.
දේශගුණ විපර්යාස සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධිපතිවරයා වෙනස් ප්‍රතිපත්තියක් දරන විට දේශගුණ විපර්යාසවලට මුහුණ දීම සඳහා ලෝකය එක්විය යුතු යැයි ප්‍රංශ ජනාධිපතිවරයා පවසයි. ‘ඇමෙරිකාව නැවත වරක් ශ්‍රේෂ්ඨත්වයට පත් කරමු’ යැයි ඇමෙරිකා ජනාධිපතිවරයා පවසන වනවිට ‘පෘථිවිය නැවත වරක් ශ්‍රේෂඨත්වයට පත් කරමු’ යැයි ප්‍රංශ ජනාධිපතිවරයා නිරන්තරයෙන් ප්‍රකාශ කරයි.
055
පෘථිවිය කැරැකෙන වේගය එසේත් නැතිනම් භ්‍රමණය වන වේගය වැඩි වී, පෘථිවියේ වේලාව තත්පරයකින් අඩුවනු ඇතැයි ඇමෙරිකන් විද්‍යාඥයෝ පවසති.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ලෝක නායකයන්ගේ වාර්ෂික විවාදය අද ඇරැඹෙයි