ලොව පැරණිතම ග්‍රහක ආවාටය ඕස්ට්‍රේලියාවෙන් සොයාගෙන තිබෙන බව විද්‍යාඥයෝ පවසති.
ඕස්ට්‍රේලියාවේ බටහිර යාරබුබ්බා ප්‍රදේශයෙන් සොයාගෙන ඇති මෙම ආවාටය මීට වසර බිලියන 2.2කට පමණ පෙර ග්‍රහකයක් කඩා වැටීමෙන් නිර්මාණය වී ඇත.
එම ආවාටය පෘථිවි වයසින් අඩක් පමණ පැරණි බවත් ආවාටයේ ඇති ඛණිජ පරීක්ෂා කිරීමෙන් වයස නිගමනය කළ බවත් විද්‍යාඥයෝ පවසති. මෙහිදි සර්කෝන් සහ මොනසයිට් කුඩා ස්ඵටික පරික්ෂා කර ඇත.
ඕස්ට්‍රේලියාවේ කර්ටින් විශ්ව විද්‍යාලයේ පිරිසක් විසින් සිදුකළ ඇති මෙම පර්යේෂණයේ වාර්තාව නේචර් කොමියුනිකේෂන්ස් සඟරාවේ ප්‍රකාශයට පත්කර තිබේ.
ආවාටය 1979 වර්ෂයේදී සොයාගෙන ඇති නමුත් භූ විද්‍යාඥයින් මීට පෙර එය කෙතරම් පැරණිදැයි පරීක්ෂා කර නොතිබිණි.
කෙසේවුවද විද්‍යාඥයින් පවසන්නේ ආවාටය එතරම් පැරණි වනු ඇතැයි ඔවුන් අපේක්ෂා නොකළ බවයි.
පෘථිවි ගෝලය අයිස් වලින් ආවරණය වී තිබූ අවධියේ ග්‍රහකය කඩාවැටී ඇති අතර එය කිලෝමීටරයක තරම් අයිස් තට්ටුවකට පහර දෙන්නට ඇතැයි විද්‍යාඥයෝ සඳහන් කරති.
(බීබීසී ඇසුරිණි - 085)
ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා
ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)
චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.
මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්
ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද
යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ලොව පැරණිතම ග්‍රහක ආවාටය ඕස්ට්‍රේලියාවෙන් සොයාගනී