ලොව විශාලත්වයෙන් දෙවැනි මත්ස්‍යා අල්ලා ගැනීමට ඕස්ට්‍රේලියානු ධීවරයන් පිරිසක් සමත් වී ඇත. මෙම මත්ස්‍යයා කොප්පරා මාලු වර්ගයට අයත් මත්ස්‍යයෙකි.
ඕස්ට්‍රේලියානු ඉතිහාසයේ හමුවූ විශාලතම කොප්පරා මාලුවා වන අතර මෙම මත්ස්‍යාගේ බර කිලෝග්‍රෑම් 439 ක් වේ.
ජෝර්ජ් ලිරන්සීස් ඇතුළු තිදෙනෙකුගෙන් යුතු දක්ෂ ධීවරයන් කණ්ඩායමක් විසින් ඕස්ට්‍රේලියාවේ මල්ලකූටා ප්‍රදේශයට ආසන්න නිව් සවුත්වෙල්ස් සහ වික්ටෝරියා මායිමට එපිට මුහුදේ දී මෙම මත්ස්‍යයා අල්ලා ගනු ලැබ ඇත.
පැය දෙකකට ආසන්න කාලයක සටනකින් පසුව මෙම මත්ස්‍යයා බෝට්ටුවට නංවා ගැනීමට ඔවුහු සමත් වුහ.
ජෝර්ජ් ලිරන්සීස් පැවසුවේ ලොව විශාලත්වයෙන් දෙවැනි කොප්පරා මාලුවා අල්ලා ගත් බව ඔවුන් නොසිතූ බවයි.
ලොව විශාලතම කොප්පරා මාලුවා මීට පෙර හමුවී ඇත්තේ 1953 දී චිලී දේශයේ මුහුදු සීමාවෙනි. එම මත්ස්‍යයාගේ බර කිලෝ 536.1 කි.
"අපි මාලුවාට සමීප වුණාට පස්සේ ඌ උඩ පනින්න ගත්තා. අපිට දැණුනේ අපේ බෝට්ටුව වටේ කවුරුහරි මිසයිල ප්‍රහාරයක් එල්ල කරනවා වගේ" ඒබීසී පුවත් සේවයට වෙත අදහස් දක්වමින් ජෝර්ජ් ලිරන්සීස් පැවසුවේය.
- 209
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
මතභේදයට ලක් ව ඇති අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය ඉන්දියාවේ කොටසක් ලෙස පිළිගන්නා බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබේ.
ඇමෙරිකාවේ, ෆ්ලොරීඩා ජනපදයේ දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කර ඇත.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ලොව දෙවැනි විශාලම මත්ස්‍යයා අල්ලා ගනී
sam Saturday, 02 June 2018 01:49 AM
මේ මාළුවා බිලි පිත්තකින් ඇල්ලු ලෝකයේම දෙවැනි විශාලතම (swordfish ) ස්වෝඩ් ෆිෂ් ලෙස වාර්තා පොත් වලට ඇතුලත් නොවියහැකි බව කියැවුනා. මාළුවා මුහුදෙන් ඇල්ලු බව ඇත්ත වුනාට, බර කිලෝ 439 වූ බව ඇත්ත වුනාට වාර්තා පොත් වලට ඇතුලත් කිරීමේ ක්‍රමවේදයේ තියන අනිකුත් අවශ්‍යතාවයන් සපුරා නැති බවත් , මේ මාළුවා ඇල්ලු, විනෝදයට මසුන් අල්ලන (game fishing) පිරිසට වාර්තා හඹා යාමේ අවශ්‍යතාවයක් නැති බවත් මෙය හුදු විනෝදය සඳහාම පමණක් බවත් කියැවුනා .
Bamunuarachchi Sunday, 03 June 2018 12:03 AM
මුදලින් ලාබයක් ලබන්නට ඇති ඒත් මුහුදට විශාල මාළුවෙකු නැතිඋනා.