IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ලොක්ඩවුන් කාලයේදී ඉන්දීය මාධ්‍යවේදීන් 50 වැඩි පිරිසක් ප්‍රචණ්ඩත්වයට ගොදුරුවෙලා

නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය සම්බන්ධයෙන් වාර්තා කිරීමේදී ඉන්දීය මාධ්‍යවේදීන් 55 දෙනකුට ආසන්න පිරිසක් විවිධ ප්‍රචණ්ඩ ක්‍රියාවලට සහ අඩත්තේට්ටම්වලට ලක්ව ඇතැයි වාර්තා වේ.
 
ඉන්දියාවේ නවදිල්ලි නුවර කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන ‘ද රයිට්ස් ඇන්ඩ් රිස්ක්ස් ඇනලයිසිස් ගෲප් (ආර්.ආර්.ඒ.ජී)’ පර්යේෂණ හා අධ්‍යයන ආයතනය නිකුත් කළ නවතම වාර්තාවක ඒ බව දැක්වේ.
 
කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ඉන්දීය රජය ලොක්ඩවුන් සීමා පැනවූ අතර ඒ අනුව මාර්තු මස 25 වැනිදා සිට මැයි මස 31 වැනිදා දක්වා කාලයේදී ඉන්දීය මාධ්‍යවේදීන් 55 දෙනකුට ආසන්න පිරිසක් විවිධ ප්‍රචණ්ඩ ක්‍රියාවලට ලක්වා ඇතැයි එම ආයතනය පෙන්වාදෙයි. 
 
ඒ අනුව ඇතැම් මාධ්‍යවේදීන් අත්අඩංගුවට පත්ව ඇති අතර, ඇතැම් අය කායික හිංසනවලට ලක්ව ඇත. කොරෝනා වයිරසය වාර්තා කළ ඇතැම් මාධ්‍යවේදීන්ගේ උපකරණ විනාශ කර ඇත. මේ හේතුවෙන් ඉන්දියාවේ අදහස් හා මත දැරීමේ මෙන්ම අදහස් ප්‍රකාශනයේ නිදහස තර්ජනයට ලක්වා ඇතැයි ද එම වාර්තාව පෙන්වාදෙයි.

 ‘‘ඉන්දියාව මාධ්‍යවේදීන්ට ලොව තිබෙන අවදානම් ස්ථානවලින් එකක් බවට පත්වෙලා’’ ‘ද රයිට්ස් ඇන්ඩ් රිස්ක්ස් ඇනලයිසිස් ගෲප් (ආර්.ආර්.ඒ.ජී)’ පර්යේෂණ හා අධ්‍යයන ආයතන වාර්තාවේ දැක්විණි.
 
මාධ්‍යවේදීන්ට ප්‍රහාර එල්ල වීමේ වැඩිම සිදුවීම් ගණනක් වාර්තා වී ඇත්තේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයෙනි. එම ප්‍රාන්තයේ මාධ්‍යවේදීන් 11 දෙනකුට ප්‍රහාර එල්ල වී ඇත. ජම්මු හා කාශ්මීරයේ මාධ්‍යවේදීන් හයදෙනකුට හිමාචල් ප්‍රදේශ් ප්‍රාන්තයේ මාධ්‍යවේදීන් පස්දෙනකුට ප්‍රහාර එල්ල වී ඇත.
 
අල්ජසීරා 
 
055

 



අදහස් (0)

ලොක්ඩවුන් කාලයේදී ඉන්දීය මාධ්‍යවේදීන් 50 වැඩි පිරිසක් ප්‍රචණ්ඩත්වයට ගොදුරුවෙලා

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 134 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 88 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 79 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය අද ඇරැඹේ
2024 අප්‍රේල් මස 25 24 0

මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්


ඇතන්ස් තැඹිලි පාට වෙයි
2024 අප්‍රේල් මස 24 288 0

ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද


බ්‍රිතාන්‍ය අගමැති සුනාක්ගෙන් යුක්රේනයට පවුම් මිලියන 500 ක්
2024 අප්‍රේල් මස 24 132 0

යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 319 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1705 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1548 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site