IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ලියාම් ෆොක්ස්ගෙන් තදබල ප්‍රකාශයක්

යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ ක්‍රියාවලිය කොල්ල කෑමට පාර්ලිමේන්තුවට කිසිදු අයිතියක් නැතැයි බ්‍රිතාන්‍යයේ වෙළෙඳ අමාත්‍ය ලියාම් ෆොක්ස් අද (20) පැවැසීය. 
 
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනකු බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ ක්‍රියාවලිය ඔවුන්ගේ පාලනයට ගැනීමට ගත් උත්සහයන් කිහිපයක් පිළිබඳ තොරතුරු වාර්තා වීමත් සමඟ ලියාම් ෆොක්ස් ඒ බව කීවේය. 
 
“යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ ක්‍රියාවලිය කොල්ලකන්න පාර්ලිමේන්තුවට කිසිදු අයිතියක් නැහැ. මොකද පාර්ලිමේන්තුව ජනතාවට පොරොන්දුවක් දී තිබෙනවා. ‘අපි ඔබත් සමඟ කොන්ත්‍රාත්තුවක් ඇති කරගෙන තිබෙනවා. අපි තීරණයක් ගන්නවා. ඔබ එම තීරණයට ගරු කරනවා’ යනුවෙන් පාර්ලිමේන්තුව මේ රටේ ජනතාවට පවසා තිබෙනවා” යැයි ලියාම් ෆොක්ස් බී.බී.සී. පුවත් සේවයේ ඇන්ඩෘ මාර් වැඩසටහනට එක්වෙමින් සඳහන් කළේය.
 
“ජනමත විමසුමේ ප්‍රතිඵලයට සෑම විටම විරුද්ධ වූ පිරිසක් හිටියා. ඔවුන් දැන් ජනතාවගේ ප්‍රතිඵලය හොරකම් කරමින් ඉන්නවා. ඔවුන් දැන් බි්‍රතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ ක්‍රියාවලිය හොරකම් කරන්න හදනවා” යැයි ද හෙතෙම කීවේය. 
 
රොයිටර් ඇසුරිනි



අදහස් (0)

ලියාම් ෆොක්ස්ගෙන් තදබල ප්‍රකාශයක්

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

හිස්බුල්ලා ඊශ්‍රායලට පහරදෙයි
2024 අප්‍රේල් මස 23 307 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් උතුරුදිග ඊශ්‍රායලයේ හමුදා මූලස්ථානයක් ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය පවසයි.


ඉරාන ජනපති පාකිස්තාන අගමැති හමුවෙයි
2024 අප්‍රේල් මස 23 645 0

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන


ඊශ්‍රායල හමුදා බුද්ධි අංශ නායකයා ඉල්ලා අස්වෙයි
2024 අප්‍රේල් මස 22 4136 3

ඊශ්‍රායල හමුදා බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජනරාල් ඇරොන් හලීවා ඉල්ලා අස්විය. හමුදා බුද්ධි අංශ ප්‍රධානියා මෙසේ ඉල්ලා අස් වූයේ පසුගිය ඔක්තෝබර් 7 වැනිදා ඊශ්


චීනයේ නගර ගිලා බහිනවා
2024 අප්‍රේල් මස 22 467 0

චීනයේ ප්‍රධාන නගරවලින් අඩක් ගිලා බසිමින් පවතින බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි. විදෙස් මාධ්‍ය මේ බව අනාවරණය කළේ ජගත් භූ විද්‍යාඥයන් ‘සයන්ස්’ විද්‍යා සඟ


ඉරාන ජනපති පාකිස්තානයට
2024 අප්‍රේල් මස 22 2613 0

ශ්‍රී ලංකා සංචාරට පෙර ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණියේය. ඉරාන ජනාධිපති රයිසිට පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ


මැතිවරණයෙන් ජනපති මුයිසුගේ පක්ෂයට ජය
2024 අප්‍රේල් මස 22 82 0

මාලදිවයින පාර්ලිමේන්තු මැතිවරනයෙන්, දැඩි චීන හිතවාදියකු වන මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුගේ ‘ජනතා ජාතික කොංග්‍රසය’ දේශපාලන පක්ෂය විශිෂ්ට ජයක් හ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 285 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1647 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1518 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site