IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


ලංකාවෙන් පිටුවහල් කළ මාලදිවයින් ජාතිකයකු ඇෆ්ඝනිස්ථානයේදී රිමාන්ඩ්

(බිඟුන් මේනක ගමගේ) 

ශ්‍රී ලංකාවේ බලධාරින් විසින් පිටුවහල් කරන ලද මාලදිවයින් ජාතිකයකු ත්‍රස්තවාදයට අනුබල දීමේ වරදට ඇෆ්ඝනිස්ථාන අධිකරණය විසින් බන්ධනාගාරගත කරනු ලැබ ඇතැයි මාලදිවයින් පොලිසිය සඳහන් කරයි.

අලි ෂාෆි නමැති මෙම පුද්ගලයා වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා ලංකාවට පැමිණ ඇතැයි ද පසුව මෙරට ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් ඔහු පාකිස්ථානයට පිටුවහල් කර ඇතැයි ද මාලදිවයින් පොලිස් නිවේදන උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

පසුව එම තැනැත්තා පාකිස්ථාන දේශ සීමා හරහා ඇෆ්ඝනිස්ථානයට පිවිස එහිදී අයි.එස්. අයි.එස්. ත්‍රස්ත සංවිධානයට සහාය දක්වා ඇතැයි ද එම වාර්තාවල සඳහන් වේ.

උග්‍ර ආගමික අන්තවාදියකු වන අලි ෂාෆි නමැත්තා 2015 දී අත්අඩංගුවට පත්ව ඇතත් ප්‍රමාණවත් සාක්ෂි නොමැතිවීම හේතුවෙන් නිදහස්ව ඇතැයි ද එම වාර්තාවල වැඩිදුරටත් සඳහන් වේ. 



අදහස් (0)

ලංකාවෙන් පිටුවහල් කළ මාලදිවයින් ජාතිකයකු ඇෆ්ඝනිස්ථානයේදී රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

මාලදිවයින ජනපතිට මුයිසුට දූෂණ චෝදනා
2024 අප්‍රේල් මස 18 66 0

මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 1018 1

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 388 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


ඉරාන ජනාධිපතිට පුටින්ගෙන් ඇමතුමක්
2024 අප්‍රේල් මස 17 520 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි ඇමතුවේය. ඊශ්‍රායලය සමඟ ඇතිකරගත් අර්බුදය තවත් උත්සන්න වීමට ඉඩ නොතබන්නැයි රුසියන් ජ


ඔලිම්පික් ගිනි සිළුව ප්‍රංශය බලා එයි
2024 අප්‍රේල් මස 17 538 0

ජූලි මස 26 වැනිදා සිට අගෝස්තු මස 11 වැනිදා දක්වා ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වීමට සැලසුම් කර තිබෙන 2024 ඔලිම්පික් උලෙළේ ගිනි සිළුව ප්‍රංශය බලා රැගෙන යෑමේ ස


ඩුබායි ගුවන්තොටුපොළ ජලයෙන් යටවෙයි
2024 අප්‍රේල් මස 17 5158 5

නොකඩවා ඇද හැලෙන මහ වැසි සහ තද සුළංවලින් එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය බැටකයි. ඩුබායි නගරය මේ වනවිට ජලයෙන් යටවී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 195 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1481 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1396 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site