එක්සත් ජාතීන්ගේ සංවිධානයේදීය (රොයිටර්)
එක්සත් ජාතීන්ගේ සංවිධානය උතුරු කොරියාවට පනවන ලද සම්බාධක කඩ කළ තම ජාතිකයන් ආරක්ෂා කිරීමට රුසියාව කටයුතු කරමින් සිටින බවට ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනි නිකි හේලී බ්‍රහස්පතින්දා (14) චෝදනා කළාය.
සම්බාධක උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් සකසන ලද ස්වාධීන වාර්තාව වෙනස් කිරීමට රුසියාව උත්සාහ කරන බව සඳහන් කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමෙරිකා තානාපතිනි නිකී හේලී එලෙස චෝදනා කළාය.
ඇමෙරිකා එක්සත් ජනපදයේ ඉල්ලීමකට අනුව උතුරු කොරියාවට පනවන ලද සම්බාධක ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විමසා බැලීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය ලබන සඳුඳා රැස්වන බව ද එක්සත් ජාතීන්ගේ සංවිධානයට පත්කර සිටින ඇමෙරිකා එක්සත් ජනපද දූත පිරිස සඳහන් කළහ.
උතුරු කොරියාවට පනවන ලද සම්බාධක සම්බන්ධයෙන් විමසා බැලීම සඳහා කමිටුවක් පත් කර තිබේ. එම කමිටුව පසුගිය මාසයේදී ආරක්ෂක කවුන්සිලයට වාර්තාවක් ඉදිරිපත් කළේය.
උතුරු කොරියාව ඔවුන්ගේ න්‍යෂ්ටික සහ මිසයිල වැඩසටහන් නවත්වා නැතැයි ද එක්සත් ජාතීන්ගේ සම්බාධක උල්ලංඝණය කරමින් අපනයන කටයුතුවල නිරත වන බව ද එම වාර්තාවෙන් අනාවරණය කරන ලදි.
අදාළ වාර්තාව සංශෝධනය කරන්නැයි රුසියාව ස්වාධීන නිරීක්ෂකයන්ට පීඩනයක් එල්ල කර ඇතැයි රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම වාර්තාව ප්‍රකාශයට පත් කරන්නේ නැද්ද යන්න සම්බන්ධයෙන් ආරක්ෂක කවුන්සිලය පොදු සම්මුතියක් සහිතව එකඟ විය යුතුය. කෙසේ නමුත් සංශෝධනය කරන ලද ලියවිල්ල ප්‍රකාශයට පත් කරන්නේ නම් තමන් ඊට විරුද්ධ වන බව ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රකාශ කර ඇත.
“රුසියාවට එය සංශෝධනය කරන්න ඉඩ දෙන්න බැහැ. ඔවුන්ට බැහැ ස්වාධීන එක්සත් ජාතීන්ගේ වාර්තාවලට බාධා කරන්න. එහි තිබෙන දේවල්වලට ඔවුන් කැමැති නැහැ කියලා ඔවුන්ට වුවමනා දේවල් කරන්න දෙන්න බෑ” යැයි නිකි හේලී නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළාය.
“එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ නිර්දේශ සහ යෝජනා ක්‍රියාත්මත අනිවාර්යයි. රුසියාව ද ඇතුළුව සෑම සාමාජික රටක්ම ඊට බැඳි සිටිනවා. සෑම සාමාජික රටක්ම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ නිර්දේශ සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කළ යුතුයි” නිකී හේලී තවදුරටත් සඳහන් කළාය.
055
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
මතභේදයට ලක් ව ඇති අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය ඉන්දියාවේ කොටසක් ලෙස පිළිගන්නා බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබේ.
ඇමෙරිකාවේ, ෆ්ලොරීඩා ජනපදයේ දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කර ඇත.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
රුසියාවට ඇමෙරිකාවෙන් චෝදනා