ජාත්‍යන්තර කටයුතුවලදී නීතියේ ආධිපත්‍ය අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා රුසියාව, ඉන්දියාව සහ චීනය එකඟතාවකට එළැඹ තිබේ.
රුසියා, ඉන්දීය සහ චීන විදේශ අමාත්‍යවරුන්ගේ 15 වැනි ත්‍රෛපාර්ශවීය හමුවේදී එලෙස එකඟතාවකට පැමිණ ඇත. එම සාකච්ඡාවලදී ත්‍රස්තවාදය පරාජයට පත් කිරීම සඳහා රුසියාව ප්‍රමුඛත්වය ගෙන සිරියාව තුළ ක්‍රියාත්මක කරන ලද මෙහෙයුම්වල සාර්ථකත්වය ද ඇගයීමට ලක්ව ඇති අතර සිරියානු අර්බුදයට විසඳුමක් සිරියාව තුළින් ම පැමිණිය යුතු බව රටවල් තුනේ විදේශ අමාත්‍යවරු අවධාරණය කළහ.
ඉන්දීය විදේශ ඇමතිනි සුෂ්මා ස්වරාජ්, රුසියානු විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝව් සහ චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මෙලෙස එක්ව සාකච්ඡා පැවැත්වූහ. මෙම සාකච්ඡාවලදී උතුරු කොරියානු සහ යුක්රේන අර්බුද සම්බන්ධයෙන් ද අවධානය යොමු වී තිබේ.
සාකච්ඡා අවසානයේදී රටවල් ත්‍රිත්වයේ විදේශ අමාත්‍යවරුන් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබූ අතර එහිදි පාකිස්තානය පදනම් කරගනිමින් ක්‍රියාත්මක වන ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් අවධානය යොමු නොවී තිබූ බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.
ද හින්දු 055
තුර්කියේ ඉස්තාන්බුල් නගරසභා මැතිවරණය ලබන ඉරිදා (31) පැවැත්වීමට නියමිතය. දශක ගණනක් තිස්සේ තුර්කියේ බලයේ සිටින්නේ ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්ගේ ජා
වහා සටන් විරාමයක් අවශ්‍ය යැයි බල කරමින්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය, සම්මත කරගත් යෝජනාව, සටන් විරාමයක් ඇති කරගැනීමට තමන් සහ හමාස් සංවිධානය අතරේ පැව
පාකිස්තානයේ ට්‍රක් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එකම පවුලේ අට දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අනතුර සිදුවූයේ පාකිස්තානයට අයත් කයිබර් ප
ගාසා තීරයට ලබා දෙන ආධාර වැළැක්වීමෙන්, ගාසා තීරයේ සාගතයක් නිර්මාණය කළ බවටත්, එය වළක්වා ගැනීමට ඊශ්‍රායලය අපොහොසත් වූ බවටත් චෝදනා එල්ල වෙයි. ඊශ්‍රායලයට ම
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
රුසියාව - ඉන්දියාව හා චීනය පොදු එකඟතාවක
ආරියපාල හේවගේ Wednesday, 13 December 2017 01:40 AM
ඉතාමත් හොද ආරම්භයන්. නව ප්‍රවේශයක්. මෙවැනි ප්‍රබල රටවල් එකතුවීමෙන් යුරෝපීය තනි මතයට විකල්ප ඉදිරිපත් කල යුතුය.