IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


රැජිනිකාන්ත්ගෙන් නව දේශපාලන පක්ෂයක්

නවදිල්ලිහිදීය (රොයිටර්)

නව දේශපාලන පක්ෂයක් ආරම්භ කරන බව ඉන්දීය ද්‍රවිඩ සිනමාවේ සුප්‍රකට නළුවකු වන රැජිනිකාන්ත් අද (31) ප්‍රකාශ කළේය. 

රැජිනිකාන්ත් තමිල්නාඩු ප්‍රාන්තයෙන් දේශපාලනයට අත්පොත් තබන්නේ සිනමා තරු ප්‍රාන්ත මහ ඇමැතිධුරයට පත්වීමේ ඉතිහාසයත් හිමි තමිල්නාඩු ප්‍රාන්තයෙනි.

ඉකුත් වසරේ දෙසැම්බර් මාසයේදී ප්‍රාන්තයේ මහ ඇමැතිනිය ලෙසින් කටයුතු කළ ජයලලිතා ජයරාම්ගේ අභාවයත් සමඟ ප්‍රාන්තයේ දේශපාලනය අවුලෙන් අවුලට ගියේය. දේශපාලනයට පිවිසීමට පෙර ජයලලිතා ජයරාම් ද ජනප්‍රිය චිත්‍රපට නිළියකි. 

සිනමා රසිකයන් ‘සුපර්ස්ටාර්’ ලෙසින් හඳුන්වන රැජිනිකාන්ත් දේශපාලනයට පිවිසෙන්නේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි තමිල්නාඩු ප්‍රාන්තය තුළ භාරතීය ජනතා පක්ෂයට ස්ථාවර ස්ථානයක් ලබාගැනීමේ උත්සහායක නිරත වන අවස්ථාකදීය. දශක ගණනාවක් මුළුල්ලේ තමිල්නාඩු ප්‍රාන්තයේ බලය හොබවන්නේ ප්‍රාන්තය කේන්ද්‍ර කරගත් ‘ද්‍රවිඩ මුනේත්‍ර කලගම්’ සහ ‘ඕල් ඉන්දියා අන්නා ද්‍රවිඩ මුනේත්‍ර කලගම්’ යන පක්ෂ දෙකය.

පසුගිය දශක පහක කාලයේදී තමිල් ප්‍රාන්තයේ බලය එම ද්‍රවිඩ පක්ෂ දෙක අතර හුවමාරු විය. එම පක්ෂ දෙකම අනාගමික සහ කුල විරෝධී සමාජ සාධාරණත්වය තම ප්‍රධාන මතවාදය බවට පත් කරගෙන තිබේ. 
පසුගිය වසරේ පැවැති ප්‍රාන්ත මැතිවරණයේදී ඉන්දීය අගමැතිවරයා නියෝජනය කරන භාරතීය ජනතා පක්ෂයට තමිල්නාඩු ප්‍රාන්තයේ කිසිදු ආසනයක් දිනාගැනීමට නොහැකි වූ අතර මීළඟ ප්‍රාන්ත මහ මැතිවරණය වසර 2021 දී පැවැත්වීමට නියමිතය. 
 
“ආගමික හෝ කුල භේදයකින් තොරව මා දේශපාලනයට පිවිසෙනවා. මා බලයට පැමිණි වසර තුනක් ඇතුළත් කිසිවක් කළ නොහැකි වුවහොත් බලයෙන් ඉවත් වෙනවා. ප්‍රාන්තයේ ප්‍රජාතන්ත්‍රවාදය අවුල් සහගත තත්ත්වයකට පත්වෙලා” යැයි රැජිනිකාන්ත් කීය. 
සිනමාව හා දේශපාලනය එකිනෙකට වෙනස් යැයි රැජිනිකාන්ත්ගේ දේශපාලන සම්ප්‍රාප්තිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් විවිධ කොටස් පෙන්වා දී තිබේ. 
මිලියන 70කට වඩා වැඩි ජනගහනයක් සිටින තමිල්නාඩු ප්‍රාන්තය බී.එම්.ඩබ්ලව්, ජෙනරල් මෝටර්ස්, නිසාන්, රෙනෝල්ට්, ෆෝර්ඞ්, හයිඋන්ඩායි ආදී  ලෝ ප්‍රකට මෝටර් රථ සමාගම් රැසකම කර්මාන්තශාලාවලට නිවහන වී තිබේ. ඉන්දියාවේ මෝටර් රථ අපනයනවලින් වැඩි ප්‍රමාණයකට හිමිකම් කියන්නේ ද තමිල්නාඩු ප්‍රාන්තයයි. එම නිසාම තමිල්නාඩු ප්‍රාන්තය ඉන්දියාවේ මෙන්ම ඇතැම් අවස්ථාවලදී ආසියාවේ ද මෝටර් රථ නිෂ්පාදන කේන්ද්‍රස්ථානය යනුවෙන් ද හැඳින්වෙයි.  
 
055



අදහස් (2)

රැජිනිකාන්ත්ගෙන් නව දේශපාලන පක්ෂයක්

chaminda Tuesday, 02 January 2018 06:04 AM

ලංකාවේ නම් නැවතත් පාරවල් අයිනේ හිටගන ඉන්න මෙවන් යෝධ කාඩ්බෝඩ් වීරයන් දක්නට නොලැබේවා කියා ප්‍රර්ථනා කරනවා .

:       1       66

රජින්ද Tuesday, 02 January 2018 12:24 PM

මේ වගේ ඔලුවෙන් වැඩ කරන්න බැරි නළුවෝ තමයි දැන් අපේ රටෙත් ඉන්නේ. ඉතින් මේ මහා කාඩ්බෝඩ් වීරයා ආව කියල දේශපාලනයෙන් මෝහනය වෙලා ඉන්න තමිල්නාඩුවන්ට වෙන සෙතක් නැහැ. තවත් එක කාටුන් එකක් බැලුව වගේ තියේවි.

:       0       2

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඇතන්ස් තැඹිලි පාට වෙයි
2024 අප්‍රේල් මස 24 246 0

ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද


බ්‍රිතාන්‍ය අගමැති සුනාක්ගෙන් යුක්රේනයට පවුම් මිලියන 500 ක්
2024 අප්‍රේල් මස 24 104 0

යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.


ඉරානය සමඟ ගනුදෙනු කළොත් සම්බාධක
2024 අප්‍රේල් මස 24 8173 15

ඉරානය සමඟ ව්‍යාපාර ගනුදෙනු පවත්වන්නේ නම්, සම්බාධකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පාකිස්තානයට අනතුරු ඇඟවීමක් කර තිබේ.


කේට් ට චාල්ස් රජුගෙන් පැසැසුම්
2024 අප්‍රේල් මස 24 95 0

බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරුන්ගේ බිරිඳ මෙන්ම, වේල්සයේ කුමරිය යන ගෞරව නාමයෙන් ද හැඳින් වෙන, කේට් මිඞ්ල්ටන් කුමරියට චාල්ස් රජුගේ ප්‍රසංශා හ


හිස්බුල්ලා ඊශ්‍රායලට පහරදෙයි
2024 අප්‍රේල් මස 23 409 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් උතුරුදිග ඊශ්‍රායලයේ හමුදා මූලස්ථානයක් ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය පවසයි.


ඉරාන ජනපති පාකිස්තාන අගමැති හමුවෙයි
2024 අප්‍රේල් මස 23 729 0

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 305 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1677 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1535 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site