IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


රාජකීය විවාහ උළෙල ආවරණයට ලක් සම්භවයක් ඇති මාධ්‍යවේදිනියක්


 

 
ලබන මාසයේදී පැවැත්වෙන බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ ඇමෙරිකා ටෙලිනාට්‍ය නිළි මේගන් මාර්කල්ගේ රාජකීය විවාහ උත්සවය ආවරණය කිරීම සඳහා අවසර ලැබී තිබෙන මාධ්‍යවේදීන් අතරට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත මාධ්‍යවේදිනියකද සිටින බව  වාර්තාවේ.
 
මෙලෙස සුදුසුකම් ලබා ඇත්තේ ඈන් මේරි මැදිවක නැමැති මාධ්‍යවේදිනියකි. ඇය කැනඩා ගුවන් විදුලි සංස්ථාවේ සහ කැනේඩියානු රූපවාහිනී නාලිකාවෙහි ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයන් සිදුකරන නිවේදිකාව ද වන්නීය. එසේම ඇය කැනඩාවේ සම්මානනීය ප්‍රවෘත්ති නිවේදිකාවක වන බවද සදහන්ය.
 
ඈන් මේරි මැදිවක ‘‘ 2011 වසරේ ටොරන්ටෝ කාන්තාව ‘‘නම් ගෞරව සම්මානයන් පවා පිදුම් ලැබූ මාධ්‍යෙව්දිනියකි.
 
1975 වසරේදී මහනුවර, දුම්බර ප්‍රදේශයේදී උපත ලබා ඇති ඈන් මේරි මැදිවක ඉන් පසුව සිය දෙමව්පියන් සමග කැනඩාවේ ස්ථිර පදිංචියට ගොස් ඇති බවද සදහන්ය. තමාට අවුරුදු 18 ක් සපිරෙනවාත් සමග කැනඩාවේ තරුණයින් සම්බන්ධයෙන් වන වාර්තා වැඩසටහන් නිෂ්පාදනය කිරීමට පටන් ගන්නා ඇය ක්‍රමක් ක්‍රමයෙන් තම වෘත්තීය ජීවිතය සාර්ථක කර ගනු ලැබුවාය.
 
හැරී කුමරු සහ මේගන් මාර්කල් ගේ විවාහොත්සවය ආවරණය කිරීමේ වගකීම කැනේඩියානු රුපවාහිනි නාලිකාව සහ එරට ගුවන් විදුලි සංස්ථාව ඈන් මේරි මැදිවක හට පැවරීමට ප්‍රධාන හේතුව ඇය මේවන විට එරට සිටින ප්‍රධාන පෙලේ ප්‍රවෘත්ති ප්‍රකාශිකාවක් මෙන්ම වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් ලෙස ගොඩනගා ගෙන තිබෙන ස්ථාවරය බව වාර්තා වේ.

ලබන මැයි මස 19 වනදා පවත්වන මෙම රාජකීය විවාහයට සියලුම කටයුතු මේවනවිට සූදානම් වෙමින් තිබෙන අතර එය ලන්ඩන් නුවර ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේදී පැවැත්වේ.
 
බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ ඇමෙරිකා ටෙලි නිළි මේගන් මාකෙල්ගේ රාජකීය මංගල උත්සවයට, සහභාගී වෙන්නැයි 12 හැවිරිදි බ්‍රිතාන්‍ය දැරියක වන අමීලියා තොම්සන්ට ඇරැයුම් ලැබී ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

රාජකීය යුවල පසුගිය දා නිවේදනය කළේ විශේෂ අමුත්තන් ලෙස තෝරාගත් සාමාන්‍ය වැසියන් 1,200 දෙනකුට ඇරැයුම් කරන බවය. අමීලියා ද ඔවුන්ගෙන් කෙනකු වන බව පැවැසෙයි.
 
දේශපාලනඥයන් කිසිවකු මංගල උත්සවයට ඇරැයුම් නොකිරීමට ද හැරී සහ මේගන් තීරණය කර ඇතැයිද වාර්තා වේ. 

 

(125)



අදහස් (10)

රාජකීය විවාහ උළෙල ආවරණයට ලක් සම්භවයක් ඇති මාධ්‍යවේදිනියක්

ගාමිණී Thursday, 12 April 2018 05:59 PM

සුබ පැතුම්!

:       4       206

දිලාන් Friday, 13 April 2018 03:58 AM

ඕක කියන්න තරම් විශේෂ කාරණයක්ද? අපේ අයගේ යටත් විජිතවාදී මානසිකත්වය තවම ඉවත්වෙලා නැහැ. ඇය දක්ෂ මාධ්‍යවේදිනියක් වෙන්න ඇති. එත් මේ අවස්ථාව ශ්‍රී ලාංකික අපට නම් විශේෂ දෙයක් නොවෙයි.

:       1091       1068

Ajith NissankaSaturday, 14 April 2018 06:54 AM

මෙම මාධ්‍යවේදිනිය කොහොම නමුත් ලෝක වාසින් වැඩිපුරම කතාවෙන රාජකීය විවාහ උළෙල ආවරණයට එකතු වෙන්න ලැබීම ඇයගේ ලොකු වාසනාවක්!

:       46       109

sashi Friday, 13 April 2018 10:07 AM

මමත් දිලාන් ගේ අදහසට සම්පුර්ණයෙන් එකඟයි.

:       543       532

රමණි Friday, 13 April 2018 06:15 PM

මැය 2007 වසරේ කැනඩාවේ වයස 35 ට අඩු ටොප් 35 ලිස්ට් එකට නොමිනේට් වුනා. 2004 වසරේ සුනාමි වෙලාවෙත් ලංකාව ගැන වාර්තා වැඩ සටහනක් කළා අවතැන් වෙච්ච් මිනිස්සුන් ගේ දුෂ්කරතා ගැන. දුෂ්කර ගමන් මගක් ඔස්සේ ලබපු මේ ඔබගේ වෘත්තීයමය ජයග්‍රහණය ගැන ලංකාවේ ගැහැනියක් වශයෙන් අපිට ආඩම්බරයක්.

:       4       262

විජිත් Monday, 16 April 2018 08:53 AM

ඔබ හරි රමණි, කැනඩාවේ ඉන්න හැම මාධ්‍යවේදීන්ටම මේ රාජකීය අවස්ථාව ආවරණය කරනට අවස්ථාව ලැබුනේ නැහැ. ඒ සඳහා ඒ රටේ සිටින විශිෂ්ඨම මාධ්‍යවේදීන් අතුරෙන් ඈන්මරි අබේසිංහ මැදිවක මහත්මියව තොරාගත්තේ අැයගේ දක්ෂතාවය නිසාබව රහසක් නොවෙයි. ශ්‍රී ලංකික සම්භවයක් ඇති නිසා එය ඇත්තටම අපේ රටට ආඩම්බරයක්...

:       0       63

Chandima Monday, 16 April 2018 01:42 PM

අනේ මේ කොල්ල ඉඳල ඉඳල කරගත්තු කසාදෙ.

:       10       12

nishantha Tuesday, 17 April 2018 07:58 AM

කුහක සිංහලයින් තමයි අද මේ රට අගාධයට අරන් යන්නේ.. අන් අය කරුණාකර එවන් ගොබ්බයින්ව පිළිකුලින් යුතුව හෙළාදකින්න. අනික ඔය දෙදෙනාම සරමක් හා රෙද්ද හැට්ටේ ඇඳ පයින් ගමන් යන අය විය යුතුයි. මෙහි දමා ඇති අදහසේ විදියට ....

:       0       22

රුවන් Wednesday, 18 April 2018 01:59 AM

කැනඩියානු ජාතිකයෙක්. ලංකාවේ ඉපදුනා විතරයි. සිංහල වචනයක් බැරුව ඇති. ලොකුවට කතා කරන්න දෙයක් නෙමේ

:       51       90

de silva berlin Wednesday, 18 April 2018 03:20 PM

මේ මගුල ලංකාව වැනි බ්‍රිතාන්‍යයේ පැරණි යටත් විජිතවල මිනිසුන්ට ලොකු ප්‍රවෘත්තියක් වුණාට වෙන රටවල මිනිසුන්ට ඕක එතරම් දෙයක් නොවේ. ඕක කවරින් කරන්න යන එක ඔච්චර විශාල දෙයක් නොවේ. ලංකාවේ මෙම කාන්තාවට වැඩිය ජාත්‍යන්තර ප්‍රසිධියට පත්වුණු මාධ්‍යවේදීන් ඉඳල තිබෙනවා. දැනුත් ඉන්නවා.

:       60       76

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 80 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


රුසියන් සෙබළු 50,000 ක් මැරිලා
2024 අප්‍රේල් මස 18 183 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.


මාලදිවයින ජනපතිට මුයිසුට දූෂණ චෝදනා
2024 අප්‍රේල් මස 18 136 0

මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 1456 1

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 432 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


ඉරාන ජනාධිපතිට පුටින්ගෙන් ඇමතුමක්
2024 අප්‍රේල් මස 17 735 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි ඇමතුවේය. ඊශ්‍රායලය සමඟ ඇතිකරගත් අර්බුදය තවත් උත්සන්න වීමට ඉඩ නොතබන්නැයි රුසියන් ජ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1506 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1409 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site