IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


රසායන විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය විද්‍යාඥයින් තිදෙනකුට

2019 වර්ෂයේ රසායන විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය ලිතියම් අයන කෝෂ වැඩිදියුණු කිරීම සම්බන්ධව කටයුතු කළ විද්‍යාඥයින් තිදෙනකුට හිමිව ඇත.

ජෝන් බී. ගොඩනව්, එම්. ස්ටැන්ලි වයිට්හැම් හා අකිරා යොෂිනෝ එම සම්මානලාභී විද්‍යාඥයින් තිදෙනාය.

පවුම් 738000 ක මුදල් ත්‍යාගය මෙම විද්‍යාඥයින් තිදෙනා අතර බෙදී යනු ඇත.

ඇමරිකානු ජාතික 97 වියැති මහාචාර්ය ගොඩනව් නොබෙල් ත්‍යාගය ලබන වයසින් වැඩිම පුද්ගලයා ලෙස ඉතිහාස ගතවේ.

වයස අවුරුදු 77ක් වන  වයිට්හැම් මහතා බ්‍රිතාන්‍ය ජාතිකයෙකි.

ජපානයේ ඔසාකා නගරයේ උපත ලබා ඇති යොෂිනෝ මහතා 71වන වියේ පසුවේ.

ආරෝපණය කලහැකි සැහැල්ලු නමුත් ප්‍රබල විද්‍යුත් කෝෂ, ජංගම දුරකථන, ලැප්ටොප් පරිගණක හා විදුලි මෝටර් රථ වැනි උපකරණ වල ප්‍රවර්ධනයට බොහෝ සෙයින් උපකාරී වූ අතර එය එම ක්ෂේත්‍රයේ මහත් පෙරළියක් ඇති කිරීමට හේතු වී ඇතැයි නොබෙල් සම්මාන කමිටුව පවසයි.

තොරතුරු සන්නිවේදනයට, අධ්‍යයනයට, සවන් දීමට සහ දැනුම ගවේෂණයට මෙම සැහැල්ලු විද්‍යුත් උපාංග ලොව පුරා භාවිතා කරන බවද ඔවුහු පවසති.

(බීබීසි ඇසුරිණි - 085)

 



අදහස් (1)

රසායන විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය විද්‍යාඥයින් තිදෙනකුට

jayath Thursday, 10 October 2019 10:54 AM

මේ තාක්ෂණය දියුණු වෙන වේගය බැලුවාම නුදුරේදීම සමහරවිට කාර්යක්ෂමතාවය 88% - 90% වන බැටරි හදාවි.. එ්කත් එක්කම ගැසලින් මෝටර්රථ ධාවනයෙන් ඉවත් වේවි...!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 662 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 114 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


රුසියන් සෙබළු 50,000 ක් මැරිලා
2024 අප්‍රේල් මස 18 275 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.


මාලදිවයින ජනපතිට මුයිසුට දූෂණ චෝදනා
2024 අප්‍රේල් මස 18 153 0

මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 1508 2

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 455 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 211 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1516 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site