රසායන විද්‍යාව සඳහා 2020 වසරේ නොබෙල් ත්‍යාගය විද්‍යාඥයින් දෙදෙනකුට පිරිනමා ඇත. සතුන්, ශාක සහ ක්ෂුද්‍ර ජීවීන්ගේ ඩීඑන්ඒ සංස්කරණය කිරීම සඳහා අවශ්‍ය මෙවලම් සංංවර්ධනය කිරීම වෙනුවෙන් එම ත්‍යාගය හිමිවී ඇති අතර මෙවර විශේෂත්වය වන්නේ එය කාන්තාවන් දෙදෙනකු විසින් හිමිකරගෙන තිබීමයි.
ප්‍රංශ ජාතික එම්මානුවෙල් චාර්පෙන්ටියර් සහ ඇමරිකානු ජාතික ජෙනිෆර් ඩවුඩ්නා එම විද්‍යාඥවරියන් දෙදෙනායි. ස්වීඩ්න් ක්‍රවුන් මිලියන 10ක ත්‍යාගය ඔවුන් දෙදෙනා අතර බෙදීයනු ඇත. මීට පෙර කාන්තාවන් දෙදෙනකුට පමණක් රසායන විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය හිමිවී නොමැත.
51 හැවිරිදි චාර්පෙන්ටියර් සහ 56 හැවිරිදි ඩවුඩ්නා රසායන විද්‍යාව සඳහා පදක්කමක් දිනාගත් හයවන හා හත්වන කාන්තාවන් වේ.
ඔවුන්ගේ මෙම සොයාගැනීම් පිළිකා ප්‍රථිකාර සහ පාරම්පරික රෝග සුවකිරීම ඇතුළුව ජීව රසායන විද්‍යා ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් ඇතිකිරීමට සමත් කතුරක් ලෙස විද්‍යාඥයෝ හඳුන්වති.
රොයිටර් පුවත් ඇසුරිණි
085
ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි
ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ
රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.
මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප
ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින
ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
රසායන විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය කාන්තාවන් දෙදෙනකුට