IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


රතු කුරුස සංවිධානයේ ආධාර කැරැකස් නුවරට

ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය වෙනිසියුලාවට ලබාදුන් දෙවැනි මානුෂීය ආධාර තොගය සඳුඳා කැරැකස් අගනුවර වෙත ළඟා විය. 

මෙම ආධාර තොගයට ටොන් 24ක වෛද්‍ය ආධාර සහ පැනමාවෙන් ලබාදුන් විදුලි උත්පාදන යන්ත්‍ර තොගයක් ද ඇතුළත් විය. වෙනිසියුලාවේ ඇති වී තිබෙන උග්‍ර සෞඛ්‍ය අර්බුදයට පිළියමක් ලෙස රතු කුරුස සංවිධානය වෙනිසියුලාවට මානුෂීය ආධාර ලබාදීමට පියවර ගත්තේය. 

“ඖෂධ ඇතුළු වෛද්‍ය ආධාර සහ විදුලි උත්පාදන යන්ත්‍ර ඇතුළු මානුෂීය ආධාර තොගය ලැබුණු බව වෙනිසියුලාවේ රතු කුරුස සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.  
 
වෙනිසියුලාව මෑත ඉතිහාසයේ මුහුණ දුන් දරුණුම අර්බුදයට මුහුණ දී ඇතැයි ද එම සංවිධානය සඳහන් කළේය. කැරැකස් නුවර පිහිටි වෙනිසියුලානු රතු කුරුස සංවිධානයට අයත් ගබඩාවක් වෙත එම මානුෂීය ආධාර තොගය රැගත් ට්‍රක් රථ හයක් පැමිණි ඇත.

මේ වනවිට වෙනිසියුලාවේ රෝහල් රැසක ඖෂධ හිඟ වී තිබෙන අතර වෙනිසියුලාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය වසර හතරක සිට දැඩි පසුබැසීමකට ලක්ව තිබේ. ඊට අමතරව එරට තුළ තිබෙන අති උද්ධමනය නිසා ජනතාවට මූලික අවශ්‍යතා සපුරා ගැනීමට දුෂ්කර වී තිබේ. 
 
විශේෂයෙන්ම ආහාර සහ ඖෂධ ලබාගැනීම දුෂ්කර වී තිබේ. වෙනිසියුලාවේ ජනගහනය මිලියන 30ක් වන අතර ඉන් හතරෙන් එකකට ආධාර අත්‍යවශ්‍යව ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරයි.
 

තෙල් සම්පතින් පොහොසත් දකුණු ඇමෙරිකානු රටක් වන වෙනිසියුලාවේ තෙල් නිෂ්පාදනය කඩා වී තිබෙන අතර අපේක්ෂිත මට්ටමට තෙල් නිෂ්පාදනය කිරීමට අපොහොසත් වී තිබේ. 
 
වෙනිසියුලාවේ උද්ධමනය මේ වසරේදී මිලියන 10ක් (ප්‍රතිශතයක් ලෙස) වනු ඇතැයි ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇස්තමේන්තු කර ඇත. 

ජාත්‍යන්තර රතු කුරුස කමිටුව සමඟ ගිවිසුමකට අත්සන් කිරීමෙන් පසුව සමාජවාදී පාලකයකු වන වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස් මදුරෝ පසුගිය අප්‍රේල් මාසයේදී පළමු ආධාර තොගයට රට තුළට පැමිණීමට අවසර දුන්නේය. 
 
වෙනිසියුලාව තුළ මේ වනවිට බල අරගලයක් නිර්මාණය වී තිබෙන අතර විපක්ෂ නායක යුවාන් ගුවයිඩෝ ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා වී සිටී.
  

ඒ.එෆ්.පී. ඇසුරිනි 
 
055
 



අදහස් (0)

රතු කුරුස සංවිධානයේ ආධාර කැරැකස් නුවරට

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

කන්නඩ නිළියට කරදර කරලා
2024 අප්‍රේල් මස 20 215 0

ජනප්‍රිය කන්නඩ චිත්‍රපට නිළියක වන හර්ෂිකා පූණාචා සහ ඇගේ සැමියා ට කිසියම් කිරිසක් කරදර කර ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි.


උතුරු කොරියා නායකයා වෙනුවෙන් ගීතයක්
2024 අප්‍රේල් මස 20 130 0

උතුරු කොරියාවේ පාසල් දරු දැරියන් එක් වී, උතුරු කොරියා නායක කිම් ජොන් උන් අගයමින් ගැයූ ගීයක්, නායක කිම් ජොන් උන්ගේ ‘නිල ගීතය’ බවට පත් වී ඇතැයි උතුරු කොරි


ඉරානයට පහර දුන්නේ ඇමෙරිකාව දැනුවත්ව
2024 අප්‍රේල් මස 20 147 0

ඉරානයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කිරීමට ප්‍රථම ඇමෙරිකාවට ඊශ්‍රායලය ඒ බව දැනුම් දුන් බව පැවැසෙයි. කෙසේ නමුත් තමන් ඉරානයේ ඉලක්ක වෙත ප්‍රහාරයක් එල්


පාකිස්තානයට මහ වැසි: 87 ක් මරුට
2024 අප්‍රේල් මස 20 45 0

පාකිස්තානයේ පළාත් රැසකට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සහ අකුණු අනතුරු හේතුවෙන් 87 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, 82 දෙනකු තුවාල ලබා ඇති බවත් පාකිස්තාන ජාතික


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 888 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 127 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 237 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1551 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1455 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site