IMG-LOGO

2024 අප්‍රේල් මස 17 වන බදාදා


යුරෝපා සංගමය ඇමෙරිකා නිෂ්පාදන මත බදු පනවයි

බ්‍රසල්ස්හිදීය (රොයිටර්)
 
ඇමෙරිකා එක්සත් ජනපදය පැනවූ තීරුබදුවලට එකට එක කිරීමක් ලෙස යුරෝපා සංගමය අද (22) ඇමෙරිකා නිෂ්පාදන මත සියයට 25ක බද්දක් පැනවීමට තීරණය කළේය. 
 
යුරෝපා සංගමයේ රටවල් ඇමෙරිකාවට අපනයනය කරන වානේ සහ ඇලුමිනියම් මත තීරුබදු පැනවීමට ජනාධිපති ට්‍රම්ප් මේ මස මුලදී පියවර ගත්තේය. යුරෝපා සංගමය මෙලෙස ඇමෙරිකා නිෂ්පාදන මත බදු පැනවූයේ ඊට ප්‍රතිචාර දැක්වීමක් ලෙසය.
 
යුරෝපා සංගමය ගන්නා ලද මෙම පියවරත් සමඟ ඇමෙරිකා එක්සත් ජනපදය සහ චීනය අතර ඇති වෙමින් තිබෙන වෙළෙඳ යුද්ධය සම්පූර්ණ වෙළෙඳ යුද්ධයක් බවට පත්වනු ඇත. 
 
ඇමෙරිකා ජනාධිපතිවරයා චීන නිෂ්පාදන මත බදු තීරු බදු පැනවීමට තීරණය කළ අතර ඊට ප්‍රතිචාර දැක්වීමක් ලෙස චීනය ද ඇමෙරිකා නිෂ්පාදන මත බදු පැනවීය. ඒත් සමඟ දෙරට අතර වෙළෙඳ යුද්ධයක් ඇති වූ අතර යුරෝපා සංගමයත් ඇමෙරිකා නිෂ්පාදන සමඟ බදු පැනවීමත් සමඟ ගෝලීය වෙළෙඳ යුද්ධයක් ඇති වී තිබේ. 
 
ඇමෙරිකාව එක් පසකට වනවිට ඇමෙරිකාවේ මිත්‍ර රටවල් වන යුරෝපා සංගම් රටවල් සහ ඇමෙරිකාවේ ප්‍රතිපාර්ශවය වන චීනය තවත් පසකට වී තිබේ. ඇමෙරිකාවේ බදු පැනවීමේ තීරණ අසාධාරණ සහ අයුක්තිසහගත යැයි චීනය පමණක් නොව ඔවුන්ගේ මිත්‍ර රටවල් ද චෝදනා කරයි. 
 
යුරෝපා කලාපයේ නිෂ්පාදනය කෙරෙන මෝටර් රථ ආනයනය කිරීම නැවැතීමට හෝ ඒවා මත තීරු බදු පැනවීමට පියවර ගන්නා බවට ද ඇමෙරිකා ජනාධිපතිවරයා අනතුරු අඟවා තිබේ. 
 
ඊයේ (22) ගන්නා ලද තීරණයට අනුව යූරෝ බිලියන 2.8ක ( ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 3.2ක) ඇමෙරිකා එක්සත් ජනපද නිෂ්පාදන යුරෝපා සංගමයේ වෙළෙඳ කොමිසම අනුමැතිය දී තිබේ.  
 
“අප මේ දේ කරන්නේ කැමැත්තෙන් නෙමෙයි. අපට මෙවැන්නක් කරන්න ඕන වුණේ නැහැ. එහෙත් ඇමෙරිකා එක්සත් ජනපදයේ ඒකපාර්ශවීය සහ අසාධාරණ තීරණ නිසා අපට වෙන තෝරාගැනීමක් නැතිවුණා” යැයි යුරෝපා සංගම් වෙළෙඳ කොමිසමේ කොමසාරිස් සිසිලියා මාල්ම්ස්ත්‍රොම් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළාය. 
 
055



අදහස් (4)

යුරෝපා සංගමය ඇමෙරිකා නිෂ්පාදන මත බදු පනවයි

රජින්ද Friday, 22 June 2018 11:45 AM

ට්‍රම්ප් මහත්මයා මේ යන්නේ 70 දශකයේ ලංකාවේ සිරිමාවෝ මැතිනිය ස්වයංපෝෂිත ආර්ථික ක්‍රමයක් ඇති කිරීමේ රටාවට අතිශයින්ම සමාන අකාරයෙන් බව පැහැදිලියි. මෙහිදී 75%ක් රටට හිතකර අතර ඉතිරි 25% රටට අහිතකර වේ. එහෙත් රටක පැවැත්ම ස්ථීර වීමට නම්, 75% ප්‍රතිලාභය අනුමත කල යුතුව ඇත. නමුත් ලෝකයේ ඉදිරියට එන්නේ අමුද්‍රව්‍යයන්ගේ අහේනි යුගයක් බැවින් ඊට මුහුණදීමට ඇමෙරිකාව අපොහොසත්වනු ඇත...

:       0       2

rasika Friday, 22 June 2018 02:31 PM

දැන් කෝ අර ඇමෙරිකාව කියන විවෘත ආර්ථිකය. තමන්ට අවාසි වෙනකොට ආර්ථිකය වහ ගන්නවා. වාසි වෙනකොට විවෘත කරනවා...

:       0       10

වෛරන් Saturday, 23 June 2018 03:42 AM

ආර්තිකය කලමනාකරනයට මෙහමයි කියල මොඩලයක් ඉදිරිපත් කරන්න බෑ වෙනස් වෙන ලෝකෙක. කාලෙන් කාලෙට මොඩලය වෙනස් කරන්න වෙනවා. ඒක කොයි රටටත් පොදු කාරනයක්.

:       0       0

sandun Sunday, 24 June 2018 02:38 PM

දැන් ඇමෙරිකාව නැවතත් හොයන්නේ යුද්ධයක්.. ඇමෙරිකාව පාලනය කරන යුදෙව්වන්ගේ එකම ආශාව ඔවුන්ගේ යුධ අයුධ සහ නවීන බෝම්බ විකුණා ගැනීමයි... ඒ සඳහා යුද්ධයක් තිබිය යුතුයි. හැබැයි හැම යුද්ධයකින්ම අන්තිමට ඇමෙරිකාව පරාජයක් මයි ලැබුවේ... එය යුදෙව්වන්ට ප්‍රශ්නයක් නොවෙයි.. අායුධ විකුණුනාද? සල්ලි ලැබුණාද? එපමණයි.. ට්‍රම්ප් මේ යන්නේ ඒ ගමනයි..

:       0       1

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

විපක්ෂ නායකයා පාර්ලිමේන්තුවේ යකා නටයි
2024 අප්‍රේල් මස 16 2343 0

මතභේදයට තුඩුදුන් පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැත්වෙද්දී, ජෝර්ජියා විපක්ෂ නායක මාමුකා මිඩිනරාඩ්සේ, පාර්ලිමේන්තුවේ කලහ ක


Tik Tok තරුව මියයයි
2024 අප්‍රේල් මස 16 183 0


‘අයි පොප්’ ගායක තණ්ඩායමක් කරළියට
2024 අප්‍රේල් මස 16 1979 0

ජපානයේ ‘ජේ පොප්’ සහ කොරියාවේ ‘කේ පොප්’ සංගීත කණ්ඩායම්වලට නොදෙවැනි අයුරින්, ඉන්දියාවෙන් ‘අයි පොප්’ සංගීත කණ්ඩායමක් ගීත ලොවට පිවිස සිටින බව විදෙස් මාධ


ඉන්දියාවේ බෝට්ටු අනතුරක්
2024 අප්‍රේල් මස 16 56 0

ඉන්දියාවේ ජම්මු කාශ්මීර් ප්‍රදේශයේ බෝට්ටු අනතුරකින් කුඩා ළමුන් ඇතුළු පිරිසක් අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. බෝට්ටු අනතුර සිදුවී ඇත්ත


ඉරාන න්‍යෂ්ටික බලාගාරවලට පහර දීමේ සූදානමක්
2024 අප්‍රේල් මස 16 3776 1

ඉරානයෙන් එල්ල වූ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ඊශ්‍රායලය, ඉරානයේ න්‍යෂ්ටික බලශක්ති බලාගාර ඉලක්ක කර ගනිමින් ප්‍රති ප්‍රහාර එල්ල


සල්මාන්ගේ නිවසට වෙඩි තැබූ දෙකක් අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 16 42 0

සුපිරි බොලිවුඩ් නළු සල්මන් ඛාන්ගේ නිවසට වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් එරට පොලීසිය සැකපිට පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය පව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 151 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1429 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1354 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site