අග්‍රාමාත්‍ය ඔලෙක්සි ගොන්චාරුක්ට තවත් අවස්ථාවක් දීමට තමාට අවශ්‍ය යැයි යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසයි.
යුක්රේන අග්‍රාමාත්‍යවරයාගේ හඬ පටයක් ප්‍රසිද්ධ වීමත් සමඟ මෙම අර්බුදය හටගත්තේය. යුක්රේන අග්‍රාමාත්‍යවරයා, ජනාධිපතිවරයාගේ ආර්ථික ප්‍රතිපත්ති ප්‍රශ්න කරන හඬ පටයක් පසුගියදා ප්‍රසිද්ධියට පත්විය. ඒත් සමඟම තමන් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වන්නේ යැයි අග්‍රාමාත්‍ය ඔලෙක්සි ගොන්චාරුක් පැවැසීය.
එහෙත් අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීම පිළිනොගන්නා බවත් ඔහුට ‘තවත් අවස්ථාවක්’ දීමට තමන්ට අවශ්‍ය බවත් යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි කීය.
ජනාධිපතිවරයාට ආර්ථිකය ගැන කිසිදු අදහස් නැති බව ප්‍රසිද්ධියට පත්වූ එම හඬ පටවලින් කියැවිණි.
“ මං ඔබටත් ආණ්ඩුවටත් තවත් අවස්ථාවක් දෙනවා” යැයි අග්‍රාමාත්‍යවරයා සමඟ පැවැති රැස්වීමකදී ජනාධිපති සෙලෙන්ස්කි කීය. ජනාධිපතිවරය එම රැස්වීමේ විඩියෝ පටයක් ද මුදා හැරියේය.
මෙම සිදුවීමේ ජනාධිපති සෙලෙන්ස්කිගේ පළමු සහ ප්‍රධාන දේශපාලන පරීක්ෂණය විය. සෙලෙන්ස්කි ජනාධිපති ධුරයට පත්වීමට පෙර විකට නළුවෙකි. ඔහුට කිසිදු දේශපාලන අත්දැකීමක් නොමැති අතර පසුගිය වසරේ පැවැති ජනාධිපතිවරණයෙන් ඔහු විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.
ඉන්පසු ඔහුගේ පක්ෂය පාර්ලිමේන්තුවේ බහුතර ආසන සංඛ්‍යාවක් දිනාගැනීමට සමත්විය. ජනතාවට සේවය කිරීම යන අරුතින් එම පක්ෂය ‘සර්වන්ට් ඔෆ් ද පීපල්’ යනුවෙන් නම් කර ඇත.
ඒ.එෆ්.පී.
055
ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි
ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ
රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.
මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප
ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින
ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
යුක්රේන අගමැතිට අවස්ථාවක් දෙන්න ජනපති සැරසෙයි