මොංගෝලියා පාර්ලිමේන්තුවේ කතානායක එන්ක්බෝල්ඞ් මීගොම්බෝ මහතාට එරෙහිව විශ්වාසභංගයක් සම්මත කරගැනීමට එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අද (29) පියවර ගත්හ.
කතානායක එන්ක්බෝල්ඞ් මීගොම්බෝට දූෂණ චෝදනා එල්ල වී තිබෙන අතර ඉල්ලා අස්වෙන්නැයි බොහෝ පාර්ශව ඔහුට බල කර සිටියත් හෙතෙම ඊට කන් නොදුන්නේය. මේ අනුව පාර්ලිමේන්තුට විශ්වාසභංගයක් ගෙන ඒමට මන්ත්‍රීවරුන් කටයුතු කළ අතර එම විශ්වාසභංගය පාර්ලිමේන්තුවේදී සම්මත විය.
එන්ක්බෝල්ඞ් මීගොම්බෝ හිටපු ජනාධිපති අපේක්ෂයකු මෙන්ම එරට හිටපු අග්‍රාමාත්‍යවරයකු ද වේ.
කතානායකවරයා ඉල්ල අස්වෙන්නැයි බල කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පස් දෙනකු දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් දියත් කළ අතර ඔවුන් තවත් මන්ත්‍රීවරු පිරිසක් හා එක්ව පාර්ලිමේන්තුව වර්ජනය කළහ.
මේ හේතුවෙන් මසකට ආසන්න කාලයක් පාර්ලිමේන්තුවේ කටයුතු අකර්මණ්‍ය වී තිබිණි. පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදීත් මේ මාසයේදීත් වංචා දූෂණ සහ රාජ්‍ය මුදල් වංචා කිරීම් යනාදියට විරෝධය පළ කරමින් මොංගෝලියාවේ නගර කිහිපයකම විරෝධතා පැවැත්විණි. දහස් ගණනක් ඊට සහභාගී වූහ.
මොංගෝලියාවේ කතානායක එන්ක්බෝල්ඞ් මීගොම්බෝ ආණ්ඩුවේ තනතුරු විකුණානමින් අයථා ලෙස මුදල් උපයා ඇති බවත් එක්සත් ජනපද ඩොලර් මිලියන 24ක් මුදලක් සොයාගැනීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය සහ රාජ්‍ය ලේකම් යන තනතුරු මුදලට විකුණා ඇති බවටත් චෝදනා එල්ල වී තිබේ.
එන්ක්බෝල්ඞ් මීගොම්බෝ 2017 වසරේ පැවැති ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අතර ඔහු එයින් පරාජයට පත්වූයේය. ජනාධිපතිධුරයට පත්වූයේ කල්ට්මා බට්ටුලාගාය. කල්ට්මා මේ මස මුලදී කතානායකවරයා බලයෙන් පහ කළ හැකි පරිදි නව නීතියක් ද හඳුන්වා දුන්නේය.
ඒ.එෆ්.පී. ඇසුරිනි
055
ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා
ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)
චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.
මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්
ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද
යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
මොංගෝලියාවේ කතානායකට එරෙහිව විශ්වාසභංගයක්