IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


මියන්මාරයේ ගැටුම් වලින් මාසයකදී රෝහින්ග්‍යාවරු 6700ක් මරුට

මියන්මාරයේ රඛයින් පළාතේ ඇතිවූ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් පසුගිය අගෝස්තු 24වනදා සිට සැප්තැම්බර් 24දක්වා කාලය තුළ රෝහින්ග්‍යාවරුන් 6700ක් පමණ මියගොස් ඇතැයි සරණාගතයින් සම්බන්ධව කරන ලද සමීක්ෂණයකින් හෙළිවී ඇත.

මෙඩිසින්ස් සෑන්ස් ෆ්‍රොන්ටියරස් නම් සංවිධානය සිදු කරන ලද මෙම සමීක්ෂණයෙන් හෙළි වි ඇත්තේ මෙම කාලය තුල මියගොස් ඇති මුළු සරණාගතයින් ප්‍රමාණය 9000ක් පමණ වන අතර එයින් සියයට 71ක් පමණ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් මියගොස් ඇති බවත්ය. 
 
මියගොස් ඇති අයගෙන් 1000ක් පමණ අවුරුදු පහට අඩු දරුවන් බවද සොයාගෙන ඇත.  
 
සමීක්ෂණය සිදු කල සංවිධානය වෛද්‍යවරුන්ගෙන් සමන්විත වන අතර අන්තර්ජාතික මානවවාදී සේවා සපයන රාජ්‍ය නොවන සංවිධානයකි. 
දැනට බංගලාදේශයේ කඳවුරු වල රැදී සිටින සරණාගතයින් සමග සාකච්ඡා කර මෙම දත්ත රැස් කළ බව මෙඩිසින්ස් සෑන්ස් ෆ්‍රොන්ටියරස් සංවිධානයේ අධ්‍යක්ෂ සිඩ්නි වෝං පවසයි. 
 
මෙම කාලය තුළ රෝහින්ග්‍යා සරණාගතයින් 647000ක් පමණ බංගලාදේශයට පලාගොස් ඇති බවද ඔහු පවසයි. චෝදනා ප්‍රතික්ෂේප කරන මියන්මාර හමුදාව පවසන්නේ ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් මෙම පිරිස මියගොස් ඇති බවයි. 
 
 
(සීඑන්එන් පුවත් ඇසුරිණි - 085)



අදහස් (5)

මියන්මාරයේ ගැටුම් වලින් මාසයකදී රෝහින්ග්‍යාවරු 6700ක් මරුට

[email protected] Thursday, 14 December 2017 04:02 PM

මේ අය කියන ඒවා බොරු. ලංකාවෙන් වෙන රටවලට පලා යන දෙමළ, මුස්ලිම් ජාතීන් වගේ මේ අයත් බොරු කියනවා ඇ.ි

:       161       1546

Gihan Thursday, 14 December 2017 05:36 PM

ඔය එන් ජි ඕ කාරයෝ කියන ඒවා පිළිගන්නේ බටහිර අය තමයි. අපේ අවසන් සටනේ 40,000ක් මැරුණා කිව්වේ, ඒ අයම තමා.

:       77       1471

Charith Friday, 15 December 2017 02:08 AM

අපේ හමුදාවටත් බටහිර රටවල් ඔය වගේම හැසිරුන හැටි අපිට මතකයි. කොටි මැරුණම උන් මළමිනී වලට පාසල් නිළ ඇඳුම් අන්දල ළමයි මරනව කිව්ව. ළමයින්ට වෙපන් දීල සයනයිඩ් කරල බෙල්ලෙ බැඳල ඉදිරි ආරක්ෂක වලල්ලට පොඩි වුන් එව්වේ කොටි දෙවන ආරක්ෂක වලල්ලට හමුදා ප්‍රහාර එල්ල වෙන එක විනාඩි 5ක් නතර කරන්න. හැබැයි ඒක ඔය ජාත්‍යන්තර මාධ්‍ය එකක්වත් වාර්ථා කරේ නෑ. මිනිසුනි අවධියෙන් ඉන්න.

:       0       0

upali Friday, 15 December 2017 03:56 AM

මෙවන් සමීක්ෂණ වලින් අපේ රට ගැන කියපු පට්ටපල් බොරුඅපට මතකයි.

:       106       1557

දිලාන් Friday, 15 December 2017 08:12 AM

මේ වගේ සිදුවීම් වලදී බටහිර මාධ්‍ය පමණක් මූලාශ්‍ර කරගෙන නිවැරදි තොරතුරක් දැනගන්න බෑ..............

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

හිස්බුල්ලා ඊශ්‍රායලට පහරදෙයි
2024 අප්‍රේල් මස 23 259 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් උතුරුදිග ඊශ්‍රායලයේ හමුදා මූලස්ථානයක් ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය පවසයි.


ඉරාන ජනපති පාකිස්තාන අගමැති හමුවෙයි
2024 අප්‍රේල් මස 23 586 0

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන


ඊශ්‍රායල හමුදා බුද්ධි අංශ නායකයා ඉල්ලා අස්වෙයි
2024 අප්‍රේල් මස 22 4098 3

ඊශ්‍රායල හමුදා බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජනරාල් ඇරොන් හලීවා ඉල්ලා අස්විය. හමුදා බුද්ධි අංශ ප්‍රධානියා මෙසේ ඉල්ලා අස් වූයේ පසුගිය ඔක්තෝබර් 7 වැනිදා ඊශ්


චීනයේ නගර ගිලා බහිනවා
2024 අප්‍රේල් මස 22 440 0

චීනයේ ප්‍රධාන නගරවලින් අඩක් ගිලා බසිමින් පවතින බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි. විදෙස් මාධ්‍ය මේ බව අනාවරණය කළේ ජගත් භූ විද්‍යාඥයන් ‘සයන්ස්’ විද්‍යා සඟ


ඉරාන ජනපති පාකිස්තානයට
2024 අප්‍රේල් මස 22 2596 0

ශ්‍රී ලංකා සංචාරට පෙර ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණියේය. ඉරාන ජනාධිපති රයිසිට පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ


මැතිවරණයෙන් ජනපති මුයිසුගේ පක්ෂයට ජය
2024 අප්‍රේල් මස 22 78 0

මාලදිවයින පාර්ලිමේන්තු මැතිවරනයෙන්, දැඩි චීන හිතවාදියකු වන මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුගේ ‘ජනතා ජාතික කොංග්‍රසය’ දේශපාලන පක්ෂය විශිෂ්ට ජයක් හ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 283 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1638 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site