මියන්මාරයේ අගනුවර යැන්ගොන්හි සුඛෝපභෝගී හෝටලයක් ගිනි ගැනීම හේතුවෙන් එක් පුද්ගලයෙකු මියගොස් තවත් දෙදෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
බුරුමයේ සාම්ප්‍රදායික නිර්මාණශිල්පයට අනුව නිමවා ඇති මෙම හෝටලය සම්පූර්ණයෙන්ම තේක්ක දැව යොදා සාදා ඇති අතර ස්මාරකයක් ලෙස බොහෝ සංචාරකයින් අතර ජනප්‍රිය ස්ථානයක් වේ.
ගිනිගැනීම සිදු වන අවස්ථාවේ හෝටලයේ රැඳී සිටි 140ක පමණ සංචාරකයින් පිරිසක් ආරක්ෂිතව ඉවත් කර ඇත. ගිනිනිවන භටයින් සියගනනක් යොදවා පැය කිහිපයක් තිස්සේ ගින්න මැඩපැවැත්වීමට උත්සාහ කළද හෝටලය සම්පූර්ණයෙන්ම ගිනිගෙන දැවී ඇතැයි බලධාරීහු පවසති. දැවයෙන් නිමවා තිබීම නිසා ගින්න වේගවත් වී ඇත.
ගින්නට හේතුව ගෑස් හෝ විදුලි කාන්දුවක් වියහැකි බව විශ්වාස කෙරේ.
අනතුරින් මියගිය පුද්ගලයා තවමත් හඳුනාගැනීමට නොහැකි වී ඇති බව මාධ්‍ය වාර්තා කරයි.
(ඩේලි මේල් ඇසුරිණි -085)
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් උතුරුදිග ඊශ්‍රායලයේ හමුදා මූලස්ථානයක් ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය පවසයි.
දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන
ඊශ්‍රායල හමුදා බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජනරාල් ඇරොන් හලීවා ඉල්ලා අස්විය. හමුදා බුද්ධි අංශ ප්‍රධානියා මෙසේ ඉල්ලා අස් වූයේ පසුගිය ඔක්තෝබර් 7 වැනිදා ඊශ්
චීනයේ ප්‍රධාන නගරවලින් අඩක් ගිලා බසිමින් පවතින බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි. විදෙස් මාධ්‍ය මේ බව අනාවරණය කළේ ජගත් භූ විද්‍යාඥයන් ‘සයන්ස්’ විද්‍යා සඟ
ශ්‍රී ලංකා සංචාරට පෙර ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණියේය. ඉරාන ජනාධිපති රයිසිට පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ
මාලදිවයින පාර්ලිමේන්තු මැතිවරනයෙන්, දැඩි චීන හිතවාදියකු වන මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුගේ ‘ජනතා ජාතික කොංග්‍රසය’ දේශපාලන පක්ෂය විශිෂ්ට ජයක් හ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
මියන්මාර හෝටලයක ගින්නක්
Perakum Friday, 20 October 2017 08:34 AM
සංස්කෘතික හා අයිතිහාසික වටිනාකමකින් යුත් ගෘහනිර්මානික වශයෙන් ඉතා අගනා ගොඩනැගිල්ලකි. තව ටික දිනකින් කියාවි මේක අන්තවාදීන්ගේ කඩාකප්පල්කාරී වැඩක් කියලා. ඇත්තටම එහෙම වෙන්නත් බැරි නැහැ.