අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් සංවිධානයේ නායක අබු බකර් අල් බැග්ඩෑඩිගේ බිරිඳ අල්ලාගත් බව තුර්කි ජනාධිපතිවරයා අද (6) පස්වරුවේ පැවැසීය.
ඇමෙරිකා එක්සත් ජනපදයේ විශේෂ බලකා අයි.එස්. නායකයා අල්ලා ගැනීමට මෙහෙයුම් කර සතියකට පසු තුර්කි ජනාධිපති රිසෙප් තායිප් එර්දොවාන් ඒ බව කීය. ඇමෙරිකා හමුදා කරන ලද එම මෙහෙයුම අතරවාරයේදී සිය මරාගෙන මැරෙන බෝම්බ කබාය පුපුරුවා ගනිමින් අයි.එස්. නායක අබු බකර් අල් බැග්ඩෑඩි මරුමුවට පත්විය.
අල් බැග්ඩෑඩිට බිරින්ඳෑවරුන් සිවුදෙනකු සිටි බව පැවසේ. “ඇමෙරිකාව උමං මාර්ගයකදී බැග්ඩෑඩි මරා දැමුවා. ඔවුන් ඒ ගැන දැවැන්ත ප්‍රචාරයක් කළා” යැයි තුර්කි ජනාධිපති රිසෙප් තායිප් එර්දොවාන් කීවේය.
“මං අද පළමු වතාවට ප්‍රකාශ කරනවා. අපි බැග්ඩෑඩිගේ බිරිඳ අල්ලා ගත්තා. හැබැයි අපි ඇමෙරිකාව වගේ කලබල වුණේ නැහැ. සද්ද බද්ද කළේ නැහැ. අල් බැග්ඩෑඩිගේ බිරිඳ විතරක් නෙවෙයි, අපි අල් බැග්ඩෑඩිගේ සහෝදරිය සහ මස්සිනා ද අල්ලා ගත්තා” යැයි අන්කාරා විශ්ව විද්‍යාලයේ දී කතාවක් කරමින් පැවැසීය. කෙසේ නමුත් ඔහු ඒ සම්බන්ධයෙන් වැඩි විස්තරයක් සඳහන් නොකළේය.
ඒ.එෆ්.පී. සහ රොයිටර්ස්
055
පෘථිවිය කැරැකෙන වේගය එසේත් නැතිනම් භ්‍රමණය වන වේගය වැඩි වී, පෘථිවියේ වේලාව තත්පරයකින් අඩුවනු ඇතැයි ඇමෙරිකන් විද්‍යාඥයෝ පවසති.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මියගිය අයි.එස්. නායකයාගේ බිරිඳ අල්ලාගනී