ආසාදිතයන් ඉහළ යෑමත් සමඟ දින 10 ක් සඳහා මැලේසියාව මුළුමනින්ම ලොක්ඩවුන් කිරීමට එරට අග්‍රාමාත්‍ය මොහිදීන් යසීන් තීරණය කර තිබේ.
රටේ කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් මැලේසියානු ජාතික ආරක්ෂක මණ්ඩලය හදිසි සැසියක් පැවැත්වීය. එහිදී සෞඛ්‍ය බලධාරින්ගේ නිර්දේශ සැලකිල්ලට ගනිමින්, කොරෝනා ව්‍යාප්තිය පාලනය කර ගැනීමට රට වසා දැමීමට තීරණය කළ බව වාර්තා වේ.
ඒ අනුව ලබන ජූනි 7 වැනිදා තෙක් මැලේසියා වසා දැමෙනු ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි. පසුගිය 2020 මාර්තු මාසයේ සිට මේ දක්වා මැලේසියාව සම්පූර්ණයෙන් ම ලොක්ඩවුන් කෙරෙන තෙවැනි අවස්ථාව මෙයයි.
මේ වනවිට මැලේසියාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 4,44,500 ඉක්මවා තිබේ. මරණ 1,700 පසු කර තිබේ.
ක්වාලාලාම්පූර්හිදීය (රොයිටර්)
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
මතභේදයට ලක් ව ඇති අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය ඉන්දියාවේ කොටසක් ලෙස පිළිගන්නා බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබේ.
ඇමෙරිකාවේ, ෆ්ලොරීඩා ජනපදයේ දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කර ඇත.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මැලේසියාව ලොක්ඩවුන්
Sri Lanka Tuesday, 11 May 2021 08:27 PM
මැලේසියාව ලොක්ඩවුන් කළාට අපට මොකෝ? ඔයා කියන්නේ ලංකාව ලොක්ඩවුන් කරන්න කියලද? කොරෝනා විකුණන් කන්න එපා.