IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


මාලි කාන්තාවක් දරුවන් 9 ක් ප්‍රසූත කරලා

බටහිර අප්‍රිකාවට අයත් මාලි රටේ කාන්තාවක දරුවන් නව දෙනකු ප්‍රසූත කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ මෙය ඉතාම විරල සිදුවීමක් බවය.

හලීමා සිසේ නමැති 25 හැවිරිදි මෙම කාන්තාව පිරිමි දරුවන් සිවු දෙනකු සහ ගැහැනු දරුවන් පස් දෙනකු බිහි කළේ මොරොක්කෝවේ රෝහලකදීය.

මාලී වෛද්‍යවරුන්ගේ උපදෙස් මත, හලීමා සිසේ දරු ප්‍රසූතිය සඳහා මොරොක්කෝ රාජ්‍යය බලා රැගෙන යෑම සිදුවිය. ඒ ඇය විශේෂඥ වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ දරු ප්‍රසූතිය කළ යුතු බැවිනි. ඒ සියල්ල සිදුවූයේ මාලි රජයේත්, එරට සෞඛ්‍ය අමත්‍යාංශයේත් අනුග්‍රහය මැදය.

හලීමා සිසේ මොරොක්කෝවට රැගෙන යෑම සිදුවූයේ ඇගේ කුසේ දරුවන් 7 දෙනකු ඇති බව ස්කෑන් පරීක්ෂණවලින් පෙනී ගිය නිසාය.

කෙසේ නමුත් සිසේරියන් සැත්කමේදී දරුවන් 9 දෙනකු සිටිනු දැකීමෙන් මොරොක්කෝ වෛද්‍ය කණ්ඩායම පුදුමයට පත් වී ඇත.

තමන් නිවුන් දරුවන් 9 දෙනකු බිහි කළ බව විශේෂඥ වෛද්‍යවරුන් හලීමා සිසේ ට පැවැසූ අවස්ථාවේ දී ඇය පුදුමයට පත් වුණු බව ද මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

සිසේරියන් සැත්කමකින් දරු ප්‍රසූතිය සිදුවුණු අතර මවත් දරුවන් නව දෙනාත් යහතින් පසුවන බවත් මාලි සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

මීට පෙර තම රටේ මේ අයුරින් නව දරු උපතක් සිදුවුණු බවට කිසිදු වාර්තාවක් පළ වී නැතැයි මාලි සෞක්‍ය අමාත්‍ය ප්‍රකාශක රිචඩ් කුණ්ඩාරී පවසා තිබේ.

'මව සහ දරුවන් යහතින් සිටිනවා. වැඩි පරිස්සමට සති කීපයක් අප ඔවුන් රෝහලේ රඳවා ගන්නවා. ඉන්පසු ඇයට ආපසු මාලි රාජ්‍යයට යෑමට ඉඩ ලැබේවි' යැයි දරු ප්‍රසූතියට සම්බන්ධ මොරොක්කෝ වෛද්‍යවරුන් පවසා තිබේ.

බමාකෝ නුවරදීය (රොයිටර්)



අදහස් (2)

මාලි කාන්තාවක් දරුවන් 9 ක් ප්‍රසූත කරලා

Dr. Lakshman Fernando Wednesday, 05 May 2021 06:29 AM

මෙ අම්මාටත්, දරුවන්ටත් දෙවියන්ගේ පිහිට ලැඛෙවා...!!!

:       0       53

banda Wednesday, 05 May 2021 02:06 PM

මවත් දරුවනුත් නිරෝගී සුවය ලැබේවා

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 283 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


ඉරාන ජනාධිපතිට පුටින්ගෙන් ඇමතුමක්
2024 අප්‍රේල් මස 17 347 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි ඇමතුවේය. ඊශ්‍රායලය සමඟ ඇතිකරගත් අර්බුදය තවත් උත්සන්න වීමට ඉඩ නොතබන්නැයි රුසියන් ජ


ඔලිම්පික් ගිනි සිළුව ප්‍රංශය බලා එයි
2024 අප්‍රේල් මස 17 433 0

ජූලි මස 26 වැනිදා සිට අගෝස්තු මස 11 වැනිදා දක්වා ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වීමට සැලසුම් කර තිබෙන 2024 ඔලිම්පික් උලෙළේ ගිනි සිළුව ප්‍රංශය බලා රැගෙන යෑමේ ස


ඩුබායි ගුවන්තොටුපොළ ජලයෙන් යටවෙයි
2024 අප්‍රේල් මස 17 4582 3

නොකඩවා ඇද හැලෙන මහ වැසි සහ තද සුළංවලින් එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය බැටකයි. ඩුබායි නගරය මේ වනවිට ජලයෙන් යටවී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.


විපක්ෂ නායකයා පාර්ලිමේන්තුවේ යකා නටයි
2024 අප්‍රේල් මස 16 3982 1

මතභේදයට තුඩුදුන් පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැත්වෙද්දී, ජෝර්ජියා විපක්ෂ නායක මාමුකා මිඩිනරාඩ්සේ, පාර්ලිමේන්තුවේ කලහ ක


Tik Tok තරුව මියයයි
2024 අප්‍රේල් මස 16 308 0


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 182 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1464 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1382 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site