මාලේහිදීය (රොයිටර්)
මාලදිවයිනේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ඊබ්‍රහිම් මොහොමෙද් සෝලි හෙට (17) එම ධූරයේ දිවුරුම් දීමට නියමිතය.
මාලදිවයින තුළ චීන මූල්‍ය පහසුකම් යටතේ සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක වූ අතර එම නිසාම මාලදිවයින ද චීනයේ ණය කන්දකට යට වී ඇත. ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වූ අබ්දුල්ලා යමීන් චීනයට හිතවත් ජනාධිපතිවරයකු වන අතර ඔහුට අනපේක්ෂිත පරාජයක් අත් පත් කරදෙමින් ජනාධිපතිවරණයෙන් ජයගත් මොහොමෙද් සෝලි ඉන්දියාවට හිතවත් දේශපාලනඥයෙකි. ඔහුට ඉදිරි කටයුතු සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ ඉන්දියාවේ සහාය හිමි වනු ඇතැයි පැවසේ.
අබ්දුල්ලා යමීන් ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වීම චීනයට අත් වූ පරාජයක් යැයි ද ජාත්‍යන්තර දේශපාලන විශ්ලේශකයෝ පෙන්වා දෙති. කලාපය තුළ තම බලය ස්ථාවර කරගැනීම සඳහා චීනය සහ ඉන්දියාව බල අරගලයක නිරත වී සිටිති.
ඊබ්‍රහිම් මොහොමෙද් සෝලි ජනාධිපති ධුරයේ දිවුරුම් උත්සවය හෙට (17) මාලේ අගනුවරදී පැවැත්වීමට නියමිත අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිද මෙම උත්සවයට සහභාගී වීමට නියමිතය. චීනය නියෝජනය කරමින් එරට සංස්කෘතික හා සංචාරක අමාත්‍ය ලූ ෂූගන්ග් ද මාලදිවයිනට පැමිණීමට නියමිත යැයි පැවසේ.
055
පෘථිවිය කැරැකෙන වේගය එසේත් නැතිනම් භ්‍රමණය වන වේගය වැඩි වී, පෘථිවියේ වේලාව තත්පරයකින් අඩුවනු ඇතැයි ඇමෙරිකන් විද්‍යාඥයෝ පවසති.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මාලදිවයිනේ නව ජනපති හෙට දිවුරුම් දෙයි