IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


මන් මෝහන් සිං නැවතත් පාර්ලිමේන්තුවට එන්න සැරැසෙයි

ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය ආචාර්ය මන් මෝහාන් සිං මහතා රාජස්ථාන් ප්‍රාන්තයෙන් එරට පාර්ලිමේන්තුවට පැමිණීමට සූදානම් වන බව ‘ද හින්දු’ පුවත්පත වාර්තා කරයි.

ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය වන කොංග්‍රස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු වන හිටපු අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං මහතාගේ රාජ්‍ය සභාවේ ධුර කාලය පසුගිය ජූනි මාසයේදී අවසන් විය.

ආචාර්ය මන්මෝහන් සිං ඇසෑම් ප්‍රාන්තය නියෝජනය කරමින් ඉන්දීය පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය වන රාජ්‍ය සභාව නියෝජනය කළේය.

මේ අනුව ඔහු අගෝස්තු 13 වැනිදා රාජස්ථාන් ප්‍රාන්තය නියෝජනය කරමින් නාම යෝජනා ලබාදීමට නියමිත බව පැවසේ. රාජස්ථාන ප්‍රාන්තයේ අතුරු මැතිවරණය ඉදිරියේදී පැවැත්වීමට නියමිත අතර ආචාර්ය මන්මෝහන් සිං මහතා ඒ සඳහා ඉදිරිපත් කිරීමට කොංග්‍රස් පක්ෂය සූදානම් වන බව ‘ද හින්දු’ පුවත්පත වාර්තා කර තිබිණි.

භාරතීය ජනතා පක්ෂයේ මදන් ලාල් සයිනි මහතා ජූනි 24 වැනිදා අභාවප්‍රාප්ත වූ අතර එහෙයින් රාජ්‍ය සභාවේ රාජස්ථාන ආසනය මේ වනවිට පුරප්පාඩුව ඇත. ආචාර්ය සිං ඉදිරිපත් වන්නේ ඒ වෙනුවෙනි.

රාජස්ථාන් ප්‍රාන්තයේ බහුතර බලය කොංග්‍රස් පක්ෂය සතු වන බැවින් ආචාර්ය සිං අතුරු මැතිවරණයෙන් ජයග්‍රහණය කරනු ඇතැයි පැවසේ. ආචාර්ය සිං ට බහුජන් සමාජ් පක්ෂය ඇතුළු තවත් පක්ෂ කිහිපයකම සහාය හිමිව ඇත. හිටපු අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං 1991 වසරේ 2019 වසර දක්වා ඇසෑම් ප්‍රාන්තය නියෝජනය කරමින් අඛණ්ඩව පස් වතාවක් රාජ්‍ය සභාවට තේරී පත්විය.

අතුරු මැතිවරණය අගෝස්තු 26 වැනිදා පැවැත්වීමට නියමිත අතර මැතිවරණ ප්‍රතිඵල ද එදිනම නිකුත් කෙරේ. 

‘ද හින්දු’ ඇසුරිනි 
 
055



අදහස් (1)

මන් මෝහන් සිං නැවතත් පාර්ලිමේන්තුවට එන්න සැරැසෙයි

රජින්ද Monday, 12 August 2019 09:33 AM

හුගක් අය නොදන්නවා උනාට මෑත ඉතිහාසයේ පළමු වතාවට ඇමෙරිකාවේ පසුගිය ජනාධිපතිවරනේදී හිලරි පාර්ශවය ක්‍රියාත්මක කලේ ලංකාවේ මැතිවරණ ක්‍රමයට සමාන ක්‍රමයක්, එහිම දිගුවක් ලෙසින් ඉන්දියාවත් කලින් අගමැති නැවතත් පාර්ලිමේන්තුව හරහා ගෙන ඒමට උත්සාහ කරනවා හරියට මහින්ද මහත්මයා කළා වගේ... කවුද කියන්නේ ලංකාව දේශපාලන ලෝකයට පුර්වාදර්ශ සපයලා නැහැයි කියලා....

:       0       1

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 738 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 117 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


රුසියන් සෙබළු 50,000 ක් මැරිලා
2024 අප්‍රේල් මස 18 285 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.


මාලදිවයින ජනපතිට මුයිසුට දූෂණ චෝදනා
2024 අප්‍රේල් මස 18 154 0

මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 1511 2

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 470 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1531 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1421 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site