IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


භෞතික විද්‍යාව සඳහා පිරිනැමෙන නොබෙල් ත්‍යාගය විද්‍යාඥයන් තිදෙනෙකු අතරේ

‘ලේසර් භෞතික විද්‍යා’ ක්ෂේත්‍රයේ කරන ලද සොයාගැනීම් හේතුවෙන් භෞතික විද්‍යාව වෙනුවෙන් පිරිනැමෙන නොබෙල් ත්‍යාගය දිනාගැනීමට පර්යේෂකයෝ තිදෙනෙක් අද (2) සමත්වූහ.

මේ අනුව 2018 වසර සඳහා භෞතික විද්‍යාව වෙනුවෙන් පිරිනැමෙන නොබෙල් ත්‍යාගය ඇමෙරිකා එක්සත් ජනපදයේ ආතර් ඇෂ්කින්, ජර්මනියේ ජෙහාඞ් මොව්රොව් සහ කැනඩාවේ ඩෝනා ස්ට්‍රික්ලන්ඞ් යන විද්‍යාඥයන් අතර බෙදී ගියේය.

විද්‍යාඥයන් තිදෙනකු අතර බෙදී ගියත් මෙවර නොබෙල් ත්‍යාගයෙන් අඩක් ඇමෙරිකා විද්‍යාඥ ආතර් ඇෂ්කින් වෙතත් ඉතිරි අඩ ජර්මනියේ ජෙහාඞ් මොව්රොව් සහ කැනඩාවේ ඩෝනා ස්ට්‍රික්ලන්ඞ් බෙදී යන බව නොබෙල් කමිටුව නිවේදනය කළේය

මේ අනුව නොබෙල් ත්‍යාගය වෙනුවෙන් හිමිවන ස්වීඩන ක්‍රෝනොර් මිලියන නවයක මුදලින් අඩක් ආතර් ඇෂ්කින්ට ලැබෙන ඉතිරි අර්ධය ජෙහාඞ් මොව්රොව් සහ ඩෝනා ස්ට්‍රික්ලන්ඞ් අතර බෙදී යනු ඇත.

ආතර් ඇෂ්කින්, ජෙහාඞ් මොව්රොව් සහ ඩෝනා ස්ට්‍රික්ලන්ඞ් ‘ලේසර් භෞතික විද්‍යා’ ක්ෂේත්‍රයේ කරන ලද සොයාගැනීම් නිසා අක්ෂි සැත්කම් ක්ෂේත්‍රයේ විප්ලවීයක් වෙනසක් ඇති වූ බවත් ඒ නිසා ඉහළ තාක්ෂණයෙන් සමන්විත උපකරණ නිෂ්පාදනය කිරීමටත් හැකියාව ලැබුණු බව නොබෙල් කමිටුව සඳහන් කළේය.

කැනඩාවේ ඩෝන් ස්ට්‍රික්ලන්ඞ් වසර 55කට පසු භෞතික විද්‍යාව වෙනුවෙන් නොබෙල් ත්‍යාගයක් හිමි කරගත් පළමු කාන්තාවට බවට පත්වීමට සමත්වූවාය. භෞතික විද්‍යාව වෙනුවෙන් නොබෙල් ත්‍යාග දිනා ඇත්තේ කාන්තාවන් තිදෙනකු පමණි. මාරි කියුරි 1903 දීත් මාරියා ගෝපාට් මේයර් 1963 දීත් භෞතික විද්‍යාව වෙනුවෙන් නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබූහ. 

ඇමෙරිකා එක්සත් ජනපදයේ ආතර් ඇෂ්කින් නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබූ වයස්ගතම තැනැත්තාය. විද්‍යාඥ ආතර් ඇෂ්කින් මේ වනවිට 96 වන වියේ පසුවන අතර ඔහු තවමත් පර්යේෂණවල නිරත වෙයි.

මෙම විද්‍යාඥයන් තිදෙනාගේ සොයාගැනීම් නිසා වර්තමානයේදී අක්ෂි ශල්‍යකර්ම පෙරළියක් ඇති වූ අතර ඔවුන්ගේ තාක්ෂණය නිවැරැදි අක්ෂ ශල්‍යකර්මවලදී භාවිතයට ගැනේ.

රසායන විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය හෙට (3) නිවේදනය නිකුත් කිරීමට නියමිතය.

ඒ.එෆ්.පී

055



අදහස් (2)

භෞතික විද්‍යාව සඳහා පිරිනැමෙන නොබෙල් ත්‍යාගය විද්‍යාඥයන් තිදෙනෙකු අතරේ

හරිමග Wednesday, 03 October 2018 09:33 AM

නොබෙල් ත්‍යාගයක් දිනා ගන්නවා කියන්නේ භෞතික විද්‍යාඥයෙකුගේ ලොකුම සිහිනයක්. ඒත් මොකක්ද ඇති වැඩේ? මැරුණම අරං යන්නද?

:       282       0

KumiWednesday, 03 October 2018 01:54 PM

ලංකාවේ අධ්‍යාපන මට්ටම තේරුම් ගන්න පුළුවන් නේද? දරුවනේ ඉගෙන ගන්න... ඉගෙනීමේ වටිනාකම තේරෙන්නේ වයසට යද්දී.

:       0       21

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 345 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 101 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


රුසියන් සෙබළු 50,000 ක් මැරිලා
2024 අප්‍රේල් මස 18 235 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.


මාලදිවයින ජනපතිට මුයිසුට දූෂණ චෝදනා
2024 අප්‍රේල් මස 18 151 0

මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 1498 1

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 445 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1510 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1415 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site