IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


බෝම්බ බියකින් බර්ලින් නුවර කලබලයක්


බර්ලින්හිදීය (ඒ.එෆ්.පී)
 
දෙවැනි ලෝක යුද සමයේ දී පසුව පුපුරුවා යෑමට සැලැසුම් කරන ලද බෝම්බයක් ඇති බවට අනාවරණය වීමත් සමඟ ජර්මනියේ බර්ලින් අද (20) තරමක් කලබලකාරී ස්වරූපයක් ගත්තේය. 
 
ජර්මනියේ අගනුවර වන මධ්‍යම දුම්රිය ස්ථානය ආසන්නයේ තිබී පුපුරා නොගිය මෙම හමුවී තිබේ. පුපුරා නොගිය බෝම්බයක් තිබෙන බව අනාවරණය වීමත් සමඟ කඩිනමින් ජනතාව ඉවත් කිරීමට ආරක්ෂක අංශ කටයුතු කළ අතර බස්, දුම්රිය ඇතුළු ගොඩබිම් ප්‍රවාහන සේවා පමණක් නොව බර්ලින් නුවරට ඉහළින් කෙරෙන ගුවන් ගමන් සියල්ල ද පැය කිහිපයකට නතර කෙරුණි. 
 
බ්‍රිතාන්‍යයට අයත් බව පැවසෙන කිලෝග්‍රෑම් 500ක බරින් යුතු මෙම බෝම්බය ගොඩනැගිල්ලක් ඉදිකෙරෙන භූමියක තිබී හමුවී තිබේ. 
 
බෝම්බ නිෂ්ක්‍රීය අංශ කඩිනමින් බෝම්බය තිබෙන ස්ථානය වෙත පැමිණ එය නිෂ්ක්‍රීය කළේය. 
 
බෝම්බය තිබෙන බව අනාවරණය වීමත් සමඟ මීටර 800ක ආසන්න දුරක පිරිස් ඉවත් කිරීමට ජර්මානු බලධාරීහු කටයුතු කළහ. බර්ලිනයේ මධ්‍යම දුම්රිය ස්ථානය යනු ජර්මනියේ ප්‍රවාහන කේන්ද්‍රස්ථානයකි. දිනකට මෙහි යන එන මගීන්ගේ සංඛ්‍යාව 300,000 ඉක්මවයි. 
 
දෙවැනි ලෝක යුද්ධය අවසන් වී වසර 70කට වැඩි කාලයක් ගත වී තිබුණත් එම කාලයේදී වළලා දැමූ බෝම්බ පසුගිය කාලයේ දී දිගින් දිගටම හමුවිය. 
 
මිත්‍ර පාර්ශීය රටවල් නාසි ජර්මනියට ප්‍රහාර එල්ල කිරීමේ අරමුණින් කාල ගණන ඇතිව මෙම බෝම්බ වළලා දමනු ලැබ තිබේ. එමෙන්ම මේ ආකාරයේ බෝම්බ 3,000කට ආසන්න සංඛ්‍යාවක් තවමත් බර්ලින් නුවර වළලා ඇතැයි පැවසේ. 
 
055



අදහස් (0)

බෝම්බ බියකින් බර්ලින් නුවර කලබලයක්

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 18 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 30 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 24 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය අද ඇරැඹේ
2024 අප්‍රේල් මස 25 11 0

මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්


ඇතන්ස් තැඹිලි පාට වෙයි
2024 අප්‍රේල් මස 24 282 0

ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද


බ්‍රිතාන්‍ය අගමැති සුනාක්ගෙන් යුක්රේනයට පවුම් මිලියන 500 ක්
2024 අප්‍රේල් මස 24 124 0

යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 309 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1688 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1537 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site