IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


බ්‍රිතාන්‍යයේ මහමැතිවරණය අද පැවැත්වේ

එක්සත් රාජධානියේ මහමැතිවරණය අද (12) පැවැත්වීමට නියමිතය. මෙවර මහ මැතිවරණය වසර හතරක් තුළදී එක්සත් රාජධානියේ පැවැත්වෙන තෙවැනි මහ මැතිවරණය වන අතර මෙවර මහ මැතිවරණයේදී බ්‍රිතාන්‍ය ඡන්ද දායකයන්ට දුෂ්කර තේරීමකට මුහුණ දීමට සිදුවනු ඇතැයි විශ්ලේෂකයෝ පෙන්වාදෙති.

බ්‍රිතාන්‍යයේ මහ මැතිවරණය සෑම පස්වරකටම වරක් පැවැත්වුණ ද මෙවර මහ මැතිවරණය 2015 වසරෙන් පසු පැවැත්වෙන තෙවැන්නයි. එක්සත් රාජධානියේ නීති සහ ප්‍රතිපත්ති තීරණය කිරීම සඳහා එරට පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් තෝරාගැනීමේ අරමුණින් මහ මැතිවරණය පැවැත්වෙන අතර මහ මැතිවරණයේදී 650 දෙනකු තෝරාගැනීමට නියමිතය.

එක්සත් රාජධානියේ පාර්ලිමේන්තු-වේ සාමී මන්ත්‍රී මණ්ඩලය සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය යනුවෙන් කොටස් දෙකකි. මන්ත්‍රීවරුන් තෝරාගන්නේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයටය. ආණ්ඩුව සිටින්නේ ද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේය.

මිලියන 46ක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටින අතර ඡන්ද කොට්ඨාශ 650ක මැතිවරණ පැවැත්වේ. තමන්ගේ ප්‍රදේශය වෙනුවෙන් මන්ත්‍රීවරයකු තෝරාගැනීමට ඡන්දය දායකයන්ට අවස්ථාව උදා වේ.
 

අවුරුදු 18ට වැඩි ලියාපදිංචි බ්‍රිතාන්‍ය පුරවැසියන්ට සහ පොදුරාජ්‍යයේ හෝ අයර්ලන්ත ජනරජයේ සුදුසුකම්ලාභී පුරවැසියන්ට ඡන්දය ප්‍රකාශ කළ හැකිය.

පසුගිය වර මැතිවරණවලදී මෙන්ම මෙවර මැතිවරණයේදීද තරුණයන්ට වඩා වැඩිහිටියන් ඡන්දය ප්‍රකාශ කරනු ඇතැයි පැවසේ. 2017 වසරේ පැවැති මහ මැතිවරණයේදී අවුරුදු 20ත් 24ත් අතර පිරිසෙන් ඡන්දය ප්‍රකාශ කර තිබුණේ සියයට 59ක් පමණි. එහෙත් අවුරුදු 60ත් 69ත් අතර වයසේ පසුවන පිරිසෙන් සියයට 77කට වැඩි පිරිසක් ඡන්දය ප්‍රකාශ කර තිබිණි.

කෙසේ නමුත් මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ලියාපදිංචිය සඳහා දී තිබූ කාලයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ලියාපදිංචි වූ මිලියන 3.1කට වැඩි පිරිසෙන් තුනෙන් දෙකක් වයස අවුරුදු 35 අඩු බවත් ඔවුන්ගෙන් මිලියනයකට වැඩි පිරිසක් අවුරුදු 25ට අඩු බවත් වාර්තා විය.  මෙවර මහ මැතිවරණයට අපේක්ෂකයෝ 3,322ක් ඉදිරිපත්ව සිටිති.

තනි ආණ්ඩුවක් පිහිටුවීම සඳහා පාර්ලිමේන්තුවේ ආසන සංඛ්‍යාවෙන් ආසන 326ක බහුතරයක් දිනාගත යුතුය. අවසන් වරට පැවැති මහ මැතිවරණයේදී කන්සවටිව් පක්ෂය ආසන 318ක් දිනාගත් අතර කම්කරු පක්ෂයට දිනාගත හැකි වූයේ ආසන 262ක් පමණි. ස්කොට්ලන්ත ජාතික පක්ෂය ආසන 35ක් දිනාගැනීමට සමත්විය.

බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ ක්‍රියාවලිය මෙවර බ්‍රිතාන්‍ය මහ මැතිවරණයේ ප්‍රධාන මාතෘකාව බවට පත්ව තිබේ. ආර්ථිකය, ජාතික සෞඛ්‍ය සේවය, අපරාධ සහ සංක්‍රමණික ක්‍රියාවලි කෙරෙහි ඉන් පසුව අවධානය යොමු වී තිබේ.

මහ මැතිවරණයෙන් බ්‍රිතාන්‍යයට නව අග්‍රාමාත්‍යවරයකු තෝරාගන්නා නමුත් මැතිවරණයෙන් සෘජුවම අග්‍රාමාත්‍යවරයකු තෝරාපත්කර නොගනී. මහ මැතිවරණයේ ජයග්‍රාහී පක්ෂයෙන් අග්‍රාමාත්‍යවරයා හෝ අග්‍රාමාත්‍යවරිය තෝරාගන්නා අතර බොහෝ විට පක්ෂ නායකයා හෝ නායිකාව අග්‍රාමාත්‍ය ධුරයට පත් වේ. ඔහු හෝ ඇය බි්‍රතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ උපදෙස් පිළිපැදීමට බැඳී සිටී.

අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් කන්සවටිව් පක්ෂයේ නායකයා ලෙසත් විපක්ෂ නායක ජෙරමි කෝබින් කම්කරු පක්ෂයේ නායකයා ලෙසත් මහ මැතිවරණයට ඉදිරිපත් වී සිටිති. පසුගිය මහ මැතිවරණයේදී බ්‍රිතාන්‍ය ජනතාව ඔවුන් දෙදෙනා කෙරෙහි එතරම් විශ්වාසයක් නොතැබූ බව ද විශ්ලේෂකයෝ පෙන්වාදෙති.

ඒ.එෆ්.පී/රොයිටර්ස් 
 
055



අදහස් (1)

බ්‍රිතාන්‍යයේ මහමැතිවරණය අද පැවැත්වේ

Nelum Thursday, 12 December 2019 10:51 AM

මෙහෙ දේශපාලකයොත් ලංකාවෙන් ඉගෙනගෙන... කට විතරයි... වැඩ නැහැ...

:       0       1

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

කන්නඩ නිළියට කරදර කරලා
2024 අප්‍රේල් මස 20 168 0

ජනප්‍රිය කන්නඩ චිත්‍රපට නිළියක වන හර්ෂිකා පූණාචා සහ ඇගේ සැමියා ට කිසියම් කිරිසක් කරදර කර ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි.


උතුරු කොරියා නායකයා වෙනුවෙන් ගීතයක්
2024 අප්‍රේල් මස 20 102 0

උතුරු කොරියාවේ පාසල් දරු දැරියන් එක් වී, උතුරු කොරියා නායක කිම් ජොන් උන් අගයමින් ගැයූ ගීයක්, නායක කිම් ජොන් උන්ගේ ‘නිල ගීතය’ බවට පත් වී ඇතැයි උතුරු කොරි


ඉරානයට පහර දුන්නේ ඇමෙරිකාව දැනුවත්ව
2024 අප්‍රේල් මස 20 121 0

ඉරානයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කිරීමට ප්‍රථම ඇමෙරිකාවට ඊශ්‍රායලය ඒ බව දැනුම් දුන් බව පැවැසෙයි. කෙසේ නමුත් තමන් ඉරානයේ ඉලක්ක වෙත ප්‍රහාරයක් එල්


පාකිස්තානයට මහ වැසි: 87 ක් මරුට
2024 අප්‍රේල් මස 20 40 0

පාකිස්තානයේ පළාත් රැසකට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සහ අකුණු අනතුරු හේතුවෙන් 87 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, 82 දෙනකු තුවාල ලබා ඇති බවත් පාකිස්තාන ජාතික


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 878 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 127 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 233 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1549 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1444 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site