ලන්ඩන්හිදීය (රොයිටර්)
බි්රතාන්යය යුරෝපා සංගමයෙන් ඉවත් වීම පිළිබඳව නැවත වරක් ජනමත විමසුමක් පැවැත්විය යුතු යැයි ලන්ඩන් පුරපති සදීක් ඛාන් පවසයි.
බි්රතාන්යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම ‘බ්‍රෙක්සිට්’ යනුවෙන් හඳුන්වයි. බි්රතාන්යය අගමැතිනිය ‘බ්‍රෙක්සිට්’ සාකච්ඡා නිසි ලෙස හසුරුවන්නේ නැතැයි ද ලන්ඩන් පුරපතිවරයා චෝදනා කරයි.
‘‘බ්‍රෙක්සිට් සාකච්ඡා අවුල් ජාලයක් වෙලා. හරියට මඩ ගොහුරක ගිලිලා වගේ. සාකච්ඡා සම්පූර්ණයෙන් අවහිර වෙලා. රට හානිකර මාවතකට ගමන් කරමින් සිටිනවා’’ යැයි ලන්ඩන් පුරපති සදීක් ඛාන් ‘සන්ඬේ ඔබ්සවර්’ පුවත්පතට ලිපියක් ලියමින් සඳහන් කර ඇත.
බි්රතාන්යය ලබන වසරේ මාර්තු 29 වැනි දා යුරෝපා සංගමයෙන් ඉවත් වීමට නියමිතය. කෙසේ නමුත් යුරෝපා සංගමයෙන් ඉවත් වීම සම්බන්ධයෙන් බි්රතාන්යය අගමැතිනි තෙරේසා මේ ඉදිරිපත් කර ඇති ‘බ්‍රෙක්සිට් සැලසුම්’ තවමත් අනුමත වී නැත. ඇතැම් මන්ත්‍රීවරු ද සහ ව්‍යාපාරික නායකයන් ද අවසන් තීරණය සම්බන්ධයෙන් නැවත වරක් ජනමත විමසුමක් පැවැත්විය යුතු පවසති.
එහෙත් ජනමත විමසුමක් අවශ්‍ය නැතැයි බි්රතාන්යය අගමැතිනිය අවස්ථා කිහිපයකදීම ප්‍රකාශ කළාය. ජනමත විමසුමක් අවශ්‍ය නැතැයි පවසන බි්රතාන්යය අගමැතිනිය මන්තී‍්‍රවරුන් කළ යුත්තේ අවසාන ගිවිසුම පිළිගැනීම හෝ එසේ නොකිරීම යැයි ද පවසන්නීය.
බි්රතාන්යය කම්කරු පක්ෂයේ ඇතැම් පිරිස් ද ලන්ඩන් පුරපතිවරයාගේ අදහසට සහාය පළ කරති. දෙවැනි ජනමත විමසුමක් පැවැත්වුවහොත් කම්කරු පක්ෂයේ නායක ජෙරමි කෝබින්ට ද දැඩි පීඩනයක් එල්ලවනු ඇතැයි ලන්ඩන් පුරපතිවරයාගේ මතය අනුමත කරන එම පක්ෂයෙක් තවත් අයෙක් පැවැසීය.
055
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
මතභේදයට ලක් ව ඇති අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය ඉන්දියාවේ කොටසක් ලෙස පිළිගන්නා බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබේ.
ඇමෙරිකාවේ, ෆ්ලොරීඩා ජනපදයේ දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කර ඇත.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම ගැන ජනමත විමසුමක් ඉල්ලයි