බ්‍රසීලයේ යපස් පතලක වේල්ලක් බිඳීයාම හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 110 දක්වා ඉහළ ගොස් තිබේ. සිද්ධියෙන් 300 කට ආසන්න පිරිසක් අතුරුදන් වූ අතර ඔවුන් සොයා මුදවා ගැනීමේ කණ්ඩායම් යොදවා ඇත.
වේල්ලට යටවූ කිසිවෙකුත් ජිවත්ව සිටියදී සොයා ගැනීමට නොහැකි වූ බව බලධරයෝ පවසති.
මුලින් කියැවුණේ ‘වේල්’ නම් වූ පතලේ සේවයේ නියුතුව සිටි 150 ක පමණ පිරිසක් අතුරුදන්ව ඇති බවයි. එහෙත් සහන කණ්ඩායම් පවසන්නේ අඩුම වශයෙන් 300 ක් හෝ ඊට ආසන්න පිරිසක් අතුරුදන්ව ඇති බවයි.
බ්‍රසීලයේ දැවැන්තම පතල් සමාගමක් වන ‘වේල්’ සමාගමේ පතලක් 2015 දීත් කඩා වැටිණි.
මෙම පළාතේම තිබූ එම පතලේ වේල්ලක් බිඳී යාම හේතුවෙන් 19 දෙනෙක් ජිවිතක්ෂයට පත්වුහ. වසර 4 කට පෙර සිදුවූ එම ඛේදවාචකය බ්‍රසීලයේ සිදුවූ විශාලතම පරිසර විපත්තිය ලෙසින් සැළකේ.
ආණ්ඩුකාර කාර්යාල වාර්තා පවසන පරිදි වේල්ල කඩාවැටෙන අවස්ථාවේදී 427 දෙනෙකු පතලේ සේවය කරමින් සිට ඇත. ඔවුන් අතුරින් 279 දෙනෙක් ජීවතුන් අතර සිටිති.
අල් ජසීරා ඇසුරෙනි
(28535)
ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි ඇමතුවේය. ඊශ්‍රායලය සමඟ ඇතිකරගත් අර්බුදය තවත් උත්සන්න වීමට ඉඩ නොතබන්නැයි රුසියන් ජ
ජූලි මස 26 වැනිදා සිට අගෝස්තු මස 11 වැනිදා දක්වා ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වීමට සැලසුම් කර තිබෙන 2024 ඔලිම්පික් උලෙළේ ගිනි සිළුව ප්‍රංශය බලා රැගෙන යෑමේ ස
නොකඩවා ඇද හැලෙන මහ වැසි සහ තද සුළංවලින් එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය බැටකයි. ඩුබායි නගරය මේ වනවිට ජලයෙන් යටවී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
මතභේදයට තුඩුදුන් පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැත්වෙද්දී, ජෝර්ජියා විපක්ෂ නායක මාමුකා මිඩිනරාඩ්සේ, පාර්ලිමේන්තුවේ කලහ ක
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
බ්‍රසීලයේ වේල්ලක් කැඩී යාමෙන් වූ මරණ සංඛ්‍යාව 110 දක්වා ඉහළට