කොරෝනා වයිරසයේ ව්‍යාප්තියත් සමඟ සති දෙකක කාලයක් සඳහා සියලු අධ්‍යාපනික හා සංස්කෘතික ස්ථාන වසා දැමීමට පෝලන්ත රජය තීරණය කර ඇත.
පෝලන්තය යුරෝපා සංගමයේ සාමාජික රටක් වන අතර යුරෝපා සංගමයේ සාමාජික රටවල් සියල්ලටම මේ වනවිට වයිරසය ආසාදනය වී තිබේ.
පෝලන්තයෙන් මේ වනවිට කොරෝනා ආසාදිතයන් 25 දෙනකු හමු වී ඇත.
‘‘අපි ප්‍රමුඛත්වය දෙන්නේ කොරෝනා වයිරසයට එරෙහි සටනට’’ යැයි පෝලන්ත අග්‍රාමාත්‍ය මාටෙව්ස් මොරවියෙස්කි පැවැසීය.
මාර්තු 12 වැනිදා සිට 25 වැනිදා දක්වා සියලු පාසල්, පෙරපාසල්, විශ්වවිද්‍යාල, රංගශාලා, සිනමාශාලා, කෞතුකාගාර ආදී සියල්ල වසා තබන බව ද හෙතෙම කීය.
මෙලෙස පාසල් සහ විශ්වවිද්‍යාල වසා දැමුවත් මෙය නිවාඩු කාලයක් නොවන බවත් නිරෝධායන ක්‍රියාවලි වෙනුවෙන් වසා දැමීමක් පමණක් බවත් පෝලන්ත අග්‍රාමාත්‍යවරයා කීය.
පෝලන්ත අගනුවර පැවැති මාධ්‍ය හමුවකදී අග්‍රාමාත්‍යවරයා එම කරුණු ප්‍රකාශ කළ අතර එම මාධ්‍ය හමුවට පෝලන්තයේ සෞඛ්‍ය අමාත්‍ය ලූකාස් ස්සුමෝව්ස්කි ද සහභාගී විය.
‘‘මෙය පාසල්වලට හෝ විශ්වවිද්‍යාලවලට ලබාදෙන නිවාඩු කාලයක් නෙවෙයි. මෙය රටේ සිදු කරන දැවැන්ත නිරෝධායන ක්‍රියාවලියේ කොටසක්. අපි මේ කාලයේදී ගෙවල්වලට වෙලා ඉන්න ඕනෑ. කිසිවකුත් මුණ නොගැසී හමු නොවීමට සිටීමට වගා බලාගන්න ඕනෑ. අපි වගකීම් සහගත පුරවැසියන් විය යුතු’’ යැයි ද මෙම මාධ්‍ය හමුවේදී පෝලන්ත සෞඛ්‍ය අමාත්‍යවරයා කීය.
ඒ.එෆ්.පී.
055
ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි
ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ
රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.
මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප
ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින
ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
පෝලන්තයේ පාසල් වසා දමයි