IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


පිලිපීන ජනාධිපතිවරයා මනෝචිකිත්සකයකුට පෙන්වන්න ඕනේ

පිලිපීන ජනාධිපති රොද්‍රිගු ඩුටාටේ “මනෝචිකිත්සක ඇගයීමක්” අවශ්‍ය යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ප්‍රධානී සෙයිද් රාද් අල් හුසේන් කුමරු අද (9) පැවැසීය.
 
නියෝජිතයකුට පහර දෙන බවට තර්ජනය කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානියා ඒ බව කීය. 
 
මානව හිමිකම් නිරීක්ෂකයන් සම්බන්ධයෙන් පිළිගත නොහැකි ආකාරයේ අදහස් දැක්වීම් කිහිපයක්ම පිලිපීන ජනාධිපතිවරයා සිදු කර ඇතැයි ද මේ කරුණු සැලකිල්ලට ගැනීමේදී ඔහු මනෝචිකිත්සක ප්‍රතිකාර ගත යුතු යැයි ද සෙයිද් රාද් අල් හුසේන් කුමරු පැවැසීය. 
 
පිලිපීනය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් 47ක් එකක් වන අතර පිලිපීනයේ සිදුවන ඇතැම් සිදුවීම් හා පහරදීම්, ප්‍රහාර යනාදිය සම්බන්ධයෙන් නිහඬව සිටිය නොහැකි යැයි ද සෙයිද් රාද් අල් හුසේන් කුමරු කීය. 
 
ස්වදේශීය ජනකොටස් පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත වික්ටෝරියා ටවුලි කෝපර්ස්ට එරෙහිව ඩුටාටේ ආණ්ඩුව පසුගිය මාසයේදී පෙත්සමක් ද ඉදිරිපත් කළේය. වික්ටෝරියා ටවුලිට එල්ල කළ චෝදනා ඇය ප්‍රතික්ෂේප කළ බව සෙයිද් රාද් අල් හුසේන් කුමරු ඩුටාටේ ජනාධිපතිවරයා ඇය ඇතුළු 600කට ආසන්න පිරිසකගේ ජීවිත අනතුරේ දැමුවේ යැයි ද චෝදනා කළේය. 
 
මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් විමර්ශනය කරන එක්සත් ජාතීන්ගේ විශේෂඥ ඇග්නස් කැලමාර්ඞ්ට පිලිපීන ජනාධිපතිවරයා නිරන්තරයෙන් චෝදනා කළේය. මත්ද්‍රව්‍ය විරෝධී මෙහෙයුම් යැයි පවසමින් පිලිපීන ජනාධිපතිවරයාගේ අණ යටතේ එරට පොලිසිය දහස් ගණනක් ඝාතනය කර ඇතැයි ඇග්නස් කැලමාර්ඞ් පිලිපීන ජනාධිපතිවරයාට චෝදනා එල්ල කර තිබෙන අතර එම චෝදනා ප්‍රතික්ෂේප කරන පිලිපීන ජනාධිපතිවරයාට ඇයට පෙරළා චෝදනා කරන්නේය.  
 
මේ අයුරින් පිලිපීන ජනාධිපතිවරයා ජාත්‍යන්තර අපරාධ අධිකරණ නිලධාරීන්, විනිශ්චයකරුවන්, එක්සත් ජාතීන්ගේ නියෝජිතයන්, මානව හිමිකම් නිරීක්ෂකයන් ඇතුළු ජාත්‍යන්තර නියෝජිතයන් රැසකට අපහාස, උපහාස, විහිළු තහළු මෙන්ම තර්ජන ද කර ඇතැයි ජෝර්දානයේ සෙයිද් රාද් අල් හුසේන් කුමරු අද (9) ප්‍රකාශ කළේය. 
 
“රටක ජනාධිපතිවරයකු මේ ආකාරයෙන් හැසිරීම ඉතා කනගාටුදායක තත්ත්වයක්. ඔහු අදහස් දක්වන ආකාරය අවිනීතයි. ලැජ්ජාසහගතයි. ලොව ගෞරවයට පත් ජාත්‍යන්තර නිලධාරීන්ට මේ අයුරින් අශික්ෂිත වචන භාවිත කරමින් අදහස් දැක්වීම නින්දිතයි. ඔහුගේ මේ වචනවලින් පෙනී යන්නේ ඔහු මනෝචිකිත්සකයකුට පෙන්විය යුතු බව යැයි” 

055



අදහස් (9)

පිලිපීන ජනාධිපතිවරයා මනෝචිකිත්සකයකුට පෙන්වන්න ඕනේ

sam Saturday, 10 March 2018 03:30 AM

කොටි සල්ලි වලින් යැපෙන, කොටින්ගේ සල්ලිවලට බුරන, පක්ෂග්‍රාහීව කොටි වෙනුවෙන් දඟල දඟලා ලංකාවේ විනීත හමුදාවට මඩ ගහන නියෝජිතයෝ හැසිරෙන ආකාරය ගැන පේන්නේ නැද්ද?

:       6       479

sam Saturday, 10 March 2018 03:37 AM

පිලිපීනේ ජනාධිපතිට විතරයි ලෝකෙන්ම හොඳම බය නැති පිට කොන්ද තිබෙන නායකයා..

:       33       608

Aluthgama A. Samathasena. Saturday, 10 March 2018 04:32 AM

ජනාධිපතිවරයා මෙහෙම හැසිරුණාට රටේ කන්න නැතිව දුක් විදිනා ළමයින් සිටිනවා. විදෙස් ජනමාධ්‍ය විචාරයේදී ඔවුන්ගේ දුක්බර ඡායාරූප රැසක් මා දැක තිබෙනවා. මගේ පිලිපීන මිතුරෙකුගේ ඉල්ලීමකට මගේ විදෙස් මිතුරියක් තම පෞද්ගලික ධනය යොදවා එම දරුවන්ට කෑම ලබාදෙන ව්‍යාපෘතියක් අරඹා තිබෙනවා.

:       457       43

upali Saturday, 10 March 2018 05:19 AM

කොන්ද පනතියෙන නායකයකි. ප්‍රශ්න විසදෙඊ.

:       2       296

Anil Soysa Saturday, 10 March 2018 08:01 AM

ඔක්කොටම කලින් අල්හුසෙන්ව දොස්තරට පෙන්වයි.

:       4       715

Senarath Saturday, 10 March 2018 09:34 AM

මටනම් හිතෙන්නේ , සේඉද්ඩ් අල් හුස්සින් හේ මොලේ පරීක්ෂණ කරලා බලන්න ඕනේ , මොලයක් තියෙනවද කියල. එහෙම නැත්නම් මොලේ තියෙන කෙනෙක් චන්දයක් පත් උණු නායකයෙකුට මෙහෙම කියනවද . ඒ රටේ ප්‍රශ්න , ඒ රටේ මිනිස්සු විසදා ගනීවි. මෙයා හරියට ලෝකෙට ලොක්ක වගේනේ කතාව. කිසි ලැජ්ජාවක් නැති පක්ෂග්‍රාහී මිනිස්සු . තනතුරත් එක්කම කනවා.

:       1       1067

සෙනෙවි Saturday, 10 March 2018 12:37 PM

මානසික රෝගීන්ට අන් හැමෝම පෙන්නේ මානසික රෝගීන්ට හැටියට

:       0       150

Aluthgama A. Samathasena. Saturday, 10 March 2018 03:58 PM

එම ප්‍රකාශය කුමරුන් විසින් නොකළා නම් තමයි වඩා හොඳ. එය වෙනමම ආකාරයක එකක්. කෙසේ වෙතත් සමහර රාජ්‍ය නායකයින් කලබල වී තවත් ප්‍රශ්න වැඩිකර ගන්නවා. ඔවුන්ට බැණ වදින්නේ නැතිව අවශ්‍ය වෙනත් අවස්ථාවකදී තමන්ගේ නිර්දෝෂී බව ඔප්පු කළානම් මේ කිසිවක් වෙන්නේ නැත. යම් නායකයෙකු නිවැරදිව තම රට පාලනය කරන්නේ නම් විදේශීය බලවේගවලට රටක ප්‍රශ්නයන්ට අත පෙවීමට අසීරු වෙනවා.

:       5       20

Sunil Saturday, 10 March 2018 04:36 PM

එක්සත් ජාතීන්ගේ සංවිදානයේ නායකයෙකුට වටිනා කතාවක් නෙවේ මෙය කරලා තියෙන්නේ.

:       0       136

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

හිස්බුල්ලා ඊශ්‍රායලට පහරදෙයි
2024 අප්‍රේල් මස 23 215 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් උතුරුදිග ඊශ්‍රායලයේ හමුදා මූලස්ථානයක් ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය පවසයි.


ඉරාන ජනපති පාකිස්තාන අගමැති හමුවෙයි
2024 අප්‍රේල් මස 23 539 0

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන


ඊශ්‍රායල හමුදා බුද්ධි අංශ නායකයා ඉල්ලා අස්වෙයි
2024 අප්‍රේල් මස 22 4046 3

ඊශ්‍රායල හමුදා බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජනරාල් ඇරොන් හලීවා ඉල්ලා අස්විය. හමුදා බුද්ධි අංශ ප්‍රධානියා මෙසේ ඉල්ලා අස් වූයේ පසුගිය ඔක්තෝබර් 7 වැනිදා ඊශ්


චීනයේ නගර ගිලා බහිනවා
2024 අප්‍රේල් මස 22 414 0

චීනයේ ප්‍රධාන නගරවලින් අඩක් ගිලා බසිමින් පවතින බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි. විදෙස් මාධ්‍ය මේ බව අනාවරණය කළේ ජගත් භූ විද්‍යාඥයන් ‘සයන්ස්’ විද්‍යා සඟ


ඉරාන ජනපති පාකිස්තානයට
2024 අප්‍රේල් මස 22 2582 0

ශ්‍රී ලංකා සංචාරට පෙර ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණියේය. ඉරාන ජනාධිපති රයිසිට පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ


මැතිවරණයෙන් ජනපති මුයිසුගේ පක්ෂයට ජය
2024 අප්‍රේල් මස 22 75 0

මාලදිවයින පාර්ලිමේන්තු මැතිවරනයෙන්, දැඩි චීන හිතවාදියකු වන මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුගේ ‘ජනතා ජාතික කොංග්‍රසය’ දේශපාලන පක්ෂය විශිෂ්ට ජයක් හ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 280 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1632 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1513 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site