පිලිප් කුමරුන්ගේ අවසන් කටයුතු හමුදා ගෞරව මැද ඊයේ (17) සිදු කෙරුණු අතර, කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරස වසංගතය හේතුවෙන් පනවා ඇති සෞඛ්‍ය නීතිවලට අනුව, අවමංගල අවස්ථාවට සහභාගී වූයේ රජ පවුලේ සාමාජිකයන් සහ පිලිප් කුමරුන්ගේ සමිපතම මිතුරන් සහ හිතවතුන් ඇතුළු 30 දෙනකු පමණි.
පිලිප් කුමරුන්ගේ අවමංගල කටයුතු පැවැත්වූයේ ශාන්ත ජෝර්ජ් දෙව්මැදුරේත්, වින්ඩ්සර් මාලිගයේත්ය. දේහය රැගෙන යෑම සිදුවූයේ පිලිප් කුමරුන්ගේ ලෑන්ඩ්රෝවර් ජිප් රථයෙනි. එය එසේ සිදුවුයේ පිලිප් කුමරුන්ගේ අවසන් කැමැත්තට අනුවය.
රජ පවුලේ කටයුතුවලින් ඉවත් වී, බිරිද මෙගාන් මාකෙල් සමග ඇමෙරිකාවේ පදිංචියට ගොස් සිටින හැරී කුමරු ද තනිවම අවමංගල උත්සවයට පැමිණ සිටියේය.
හැරී මෙගාන් යුවල බ්‍රිතාන්‍ය රජ පවුල විවේචනය කරමින් රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වූ බැවින්, හැරී කුමරු සහ ඔහුගේ අයියණ්ඩිය විලියම් කුමරු අතරේත්, හැරී කුමරු සහ රජ පවුලේ සෙසු සාමාජිකයන් අතරේත් ඇයිහොදයිකම් පළුදු වී තිබුණි.
විලියම් කුමරු අවමංගල්‍යයට සහභාගී වූයේ බිරිද කේට් ම්ඩ්ල්ටන් සමගය.
ශාන්ත ජෝර්ජ් දෙව්මැදුරේ පැවැති දේව මෙහෙය අවසන් වී එයින් පිටවෙද්දී, කේට් මිඩ්ල්ටන්, හැරී සහ විලියම්ට තනිවම කතාබහ කිරීමට ඉඩ දි පැත්තකට වූවාය.
ඒ අනුව, හැරී සහ විලියම් කුමරුන්ට ඔවුන් අතරේ පළුදු වූ ඇයිහොදයිකම් යළි වර්ධනය කර ගැනීමට අවස්ථාවක් ලැබුණු බව ඩේලිමේල් වෙබ් අඩවිය පෙන්වා දෙයි.
ඩේලිමේල්
ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි
ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ
රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.
මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප
ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින
ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
පිලිප් කුමරු අවසන් ගමන් යයි