IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


පැරිස් දේවස්ථානයේ ගින්නට ලෝක නායකයන්ගේ ශෝකය

ප්‍රංශයේ පැරිස් අගනුවර නොත්‍රදාම් දෙව්මැදුරේ ඇති වූ ගින්න සම්බන්ධයෙන් ලෝක නායකයෝ බොහෝමයක් සිය කනගාටුව පළ කළහ. 

මානව ඉතිහාසයේ සුවිශේෂී නිර්මාණයක් වන පැරිසියේ පිහිටි නොත්‍රදාම් දේවස්ථානයේ ඇති වූ ගින්නෙන් මහා විනාශයක් සිදු වූ අතර ගෘහනිර්මාණවලට සිදු වූ හානිය තවමත් ගණනය කර නොමැත. කෙසේ නමුත් ගින්න නිසා සිදු වූ විනාශය මිණිය නොහැකි යැයි බොහෝ පාර්ශව පෙන්වා දී තිබිණි. 

අති උතුම් ශාන්ත ෆ්‍රැන්සිස් පාප්තුමා රෝමානු කතෝලික ප්‍රජාව වෙනුවෙන් , ප්‍රංශය සහ ප්‍රංශ ජාතිකයන් වෙනුවෙන් යාඥා කරන බවත් මෙම ඛේදජනක අවස්ථාවේදී ප්‍රංශය සමඟ සිටින බවත් පාප්තුමාගේ ප්‍රකාශකයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේය. 

“නොත්‍රදාම් දේවස්ථානය මුළු මහත් මනුෂ්‍ය සංහතියට හිමි නිර්මාණයක්. ලේඛකයන්, චිත්‍ර ශිල්පීන්, දාර්ශනිකයන් බොහෝමයක් ප්‍රබෝධයට පත් කළා. ධෛර්යට පත් කළා. ඔවුන් දිරිගැන්වුවා. ඔවුන්ගේ නිර්මාණවලට මහත් රුකුලක් වුණා. ලෝකයේ නන්දෙසින් සංචාරකයෝ නොත්‍රදාමයට පැමිණියා” යැයි යුරෝපා සංගම්, කොමිසමේ ප්‍රධානී ජෝන් ක්ලෝඞ් යුන්කර් පැවැසීය. 

“ඔබ ඔබේ දෙව්මැදුර ගොඩනගනවා” යැයි යුරෝපා සංගමයේ ප්‍රධානී ඩොනල්ඞ් ටස්ක් පැවැසීය. හෙතෙම දෙව්මැදුර ගොඩනැගීමට යුරෝපා සංගමයේ සාමාජික රටවල් 28ම සහාය ද ඉල්ලීය. 

“දෙව්මැදුර ගින්නෙන් විනාශ වීම ප්‍රංශයේ හදවතට එල්ල වූ දරුණු පහරක්. ඒ වගේම යුරෝපයේ අප සියලු දෙනාටම එල්ල වූ දරුණු ප්‍රහාරයක්” යැයි ඉතාලි අගමැති ජුසැප්පේ කොන්තේ කීවේය. “නොත්‍රදාම් දෙව්මැදුර ගිනිගත් පුවත අපේ ඉතිහාසයටත් අපේ විශ්වීය සංස්කෘතික උරුමය ගැනත් වාර්තා වූ කනගාටුදායක පුවතක්” යැයි ස්පාඤ්ඤ අගමැතිවරයා පැවැසීය. 

“එය එහා මෙහා වේවි. එහෙත් කවදාවත් ගිලෙන්නේ නැහැ” යැයි ජර්මානු චාන්සලර් ඇන්ගෙලා මර්කෙල් වෙනුවෙන් ඇගේ ප්‍රකාශකයා ප්‍රකාශ කළේය. “නොත්‍රදාම් දේවස්ථානය ප්‍රංශ සහ යුරෝපියානු සංස්කෘතියේ සංකේතය” යැයි ද හෙතෙම ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේය. 

දෙව්මැදුරේ ඇති වූ ගින්න සම්බන්ධයෙන් ප්‍රංශ ජනතාවට කනගාටුව පළ කරන බව බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේමා මේ කීවාය. 

“නොත්‍රදාම් දේවස්ථානය ප්‍රංශයේ සංකේතයක්. යුරෝපීය සහ ලෝක සංස්කෘතියේ මිල කළ නොහැකි අනර්ඝතම වස්තුවක්. ලොව ඉතා වැදගත්ම කිතුණු ස්ථානයක්. මේ ව්‍යසනය රුසියානුවන්ගේ හදවත්වල දැඩි කනගාටුවක් ඇති කරනවා” යැයි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ප්‍රකාශ කළේය. 

“නොත්‍රදාම් දේවස්ථානය 14 වැනි සියවසේ සිට ලෝක උරුමයක් ලෙස නොනැසී තිබුණා. එය ලෝක උරුමයකට සුවිශේෂී උදාහරණයක්. දේවස්ථානයේ ගින්නක් ඇති වූ දැනගැනීමට ලැබීම මහත් බියක් ගෙන දුන්නා” යැයි එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් පැවැසීය. 

“අපගේ හදවත් බිඳිලා” යැයි එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන, විද්‍යා සහ සංස්කෘතික සංවිධානයේ (යුනෙස්කෝ) ප්‍රධානී ඕඩ්‍රී අසූලේ සඳහන් කළාය. “නොත්‍රදාම් දේවස්ථානය ගෘහ නිර්මාණ ශිල්පය, සංස්කෘතිය, ආගමික උරුමය සහ සාහිත්‍ය උරුමය සමස්ත ලෝකයටම විදහා දක්වනවා” යැයි ඇය කීවාය. 

දේවස්ථානයේ ගින්න ඇති වු සැණින් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කනගාටුව පළ කරමින් ගින්න නිවීමට ඉක්මන් පියවර ගන්නැයි කියමින් ට්විටර් පණිවුඩයක් නිකුත් කළේය. හෙතෙම සිය කනගාටුව ද පළ කළේය. ඇමෙරිකානු ජනාධිපතිවරයා සහ ඉහත කී ලෝක නායකයන්ට අමතරව මැදපෙරදිග සහ අප්‍රිකාවේ නායකයෝ ද දේවස්ථානයේ ඇති වූ ගින්න සම්බන්ධයෙන් සිය කනගාටුව පළ කළහ.  

 

ඒ.එෆ්.පී. ඇසුරිනි 

055

 



අදහස් (3)

පැරිස් දේවස්ථානයේ ගින්නට ලෝක නායකයන්ගේ ශෝකය

Gihan Tuesday, 16 April 2019 03:44 PM

බෞද්ධ අපටත් මහත් සංවේගයක් දැනුනා. සියළු සංස්කාර, ඒ කියන්නේ හේතූන්ගෙන් හටගත් සියල්ල නැසෙන සුළුයිනෙ. ඔවුන් එය ඉක්මනින්ම පිළිසකර කරාවි.

:       1       61

නිශාන්ත Wednesday, 17 April 2019 03:32 AM

අතීත මිනිසුන්ගේ භක්ති ආදරයෙන් දහඩිය කදුළු මැදින් ඉදිවි ලෝවැසියන්ට උරුමයක් වු නොත්‍රදාමි දේවස්ථානය කඩිනමින් නැවතත් ඉදිවෙනු ඇත. එය ලොව පවතින තෙක් සදා වැජබෙනු ඇත.

:       0       19

anura Wednesday, 17 April 2019 04:27 AM

මෙවැනි මිල කළ නොහැකි අගනා නිර්මාණයක් ආරක්ෂා කර ගැනීමට විද්‍යාවෙන් හා තාක්ෂණයෙන් දියුණු යයි කියන රටකට නොහැකි වීම කණගාටුවට හා පුදුමයට පත් විය යුතු කරුණකි. යම්කිසි වාසියක් තකා හිතා මතා කළ දෙයක් ද විය හැකිය.

:       12       128

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 161 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 100 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 91 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය අද ඇරැඹේ
2024 අප්‍රේල් මස 25 26 0

මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්


ඇතන්ස් තැඹිලි පාට වෙයි
2024 අප්‍රේල් මස 24 292 0

ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද


බ්‍රිතාන්‍ය අගමැති සුනාක්ගෙන් යුක්රේනයට පවුම් මිලියන 500 ක්
2024 අප්‍රේල් මස 24 133 0

යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site