තායිවානය සමඟ දීර්ඝ කාලයක් පැවැති රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නවතා දමමින් චීනය සමඟ නව රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමට පැනමා රාජ්‍ය පියවර ගෙන තිබේ.
මේ අනුව ස්වයං පාලනයක් පැවැති තායිවානය සමඟ තිබෙන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නවතා දමමින් චීනය සමඟ වාණිජ සබඳතා ද ඇතුළුව සම්පූර්ණ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති කරගන්නා බව පැනමා ජනාධිපති යුවාන් කාලෝස් වරෙලා මහතා ප්‍රකාශ කළේය.
තමන්ගේ ප්‍රධානතම නෞකා ඇළ (පැනමා ඇළ) සලකා බැලීමේදී චීනය යනු තම දෙවැනි වැදගත්ම පාරිභෝගිකයා යැයි ද පැනමා ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.
“මෙය අපේ රට තෝරාගත් නිවැරැදි මාර්ගයක් යැයි මා විශ්වාස කරනවා” යැයි ද පැනමා ජනාධිපතිවරයා කීවේය.පැනමා රාජ්‍යයේ මෙම තීරණය සම්බන්ධයෙන් කනගාටුවටත් කෝපයටත් පත්වන බව තායිවාන රජය ප්‍රකාශ කර තිබේ.
කිසිදු අවස්ථාවක චීනය සමඟ තරග නොකරන බවත් පැනමාව හා චීනය අතර ඇති වූ නව රාජ්‍ය තාන්ත්‍රික සබඳතාව රාජ්‍ය තාන්ත්‍රික මුදල් සෙල්ලමක් යැයි ද තායිවාන ආණ්ඩුව ප්‍රකාශ කර ඇත.
පැනමාවද තායිවානය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නවතා දැමීමත් සමඟ මේ වනවිට තායිවානය සමඟ නිල වශයෙන් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පවත්වන්නේ රටවල් 20කට ආසන්න සංඛ්‍යාවකි.
(රොයිටර්-055)
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
මතභේදයට ලක් ව ඇති අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය ඉන්දියාවේ කොටසක් ලෙස පිළිගන්නා බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබේ.
ඇමෙරිකාවේ, ෆ්ලොරීඩා ජනපදයේ දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කර ඇත.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
පැනමාව තායිවානය අතහැර චීනයට ළංවෙයි