කාශ්මීරය සම්බන්ධයෙන් පැන නැග ඇති අර්බුදය විසඳාගැනීම සඳහා ජාත්‍යන්තර අධිකරණයේ සහය පතන බව පාකිස්තානය පවසයි.
කාශ්මීරය සම්බන්ධයෙන් ඉන්දියාව විශේෂ ප්‍රකාශයෙන් පසු පාකිස්තානය මෙම තීරණය ගෙන තිබිණි. ඉන්දියාව හා සමග පැවති වෙළඳාම්, ප්‍රවාහන කටයුතු ආදී ගනුදෙනු කපාදමමින්ද, පාකිස්තානයේ ඉන්දීය තානාපතිවරයා නෙරපා හැරීමෙන්ද පාකිස්තානය ඊට ප්‍රතිචාර දක්වා තිබිණි.
ඉන්දියාවත් පාකිස්තානයත් යන රටවල් දෙකම සිය රටට අයත් කොටසක් බව පිළිගන්නා සහ දශක ගණනාවක් තිස්සේ ගැටුම් ඇතිවී තිබේ.
‘කාශ්මීර අර්බුදය ජාත්‍යන්තර අධිකරණය වෙත ගෙනයන්න අපි තීරණය කළා. මේ තීරණය ගත්තේ සියලු නීති පාර්ශව සලකා බැලීමෙන් පසුවයි’යැයි පාකිස්තානයේ විදේශ කටයුතු අමාත්‍ය ශාහ් මෙහෙමුද් කුරේෂි මහතා පැවසීය.
ඉන්දියාව, කාශ්මීරයේ වෙසෙන මුස්ලිම් ජනතාවගේ මානව හිමිකම් කඩකිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර අධිකරණයේදී කරුණු දක්වන බවද ඒ මහතා සඳහන් කළේය.
(බීබීසී ඇසුරිනි)
16844
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
මතභේදයට ලක් ව ඇති අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය ඉන්දියාවේ කොටසක් ලෙස පිළිගන්නා බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබේ.
ඇමෙරිකාවේ, ෆ්ලොරීඩා ජනපදයේ දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කර ඇත.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
පාකිස්ථානය ජාත්‍යන්තර අධිකරණයට යාමට සැරසේ