IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


පාකිස්තානයේ මහා ඉන්ධන වංචාවක්

ඉන්ධන තොග හිඟ වීමත් ඉන්ධනවල මිල ශීඝ්‍රයෙන් ඉහළ යෑමත් සම්බන්ධයෙන් පාකිස්තාන රජය විමර්ශනයක් ආරම්භ කර ඇත.

ඉකුත් වසරේ සිදු වූ ඛනිජ තෙල් අර්බුදයක් මුල් කරගනිමින් මෙම විමර්ශන ආරම්භ වී තිබෙන අතර මෙම ඛනිජ තෙල් අර්බුදය පිටුපස ඉන්ධන සමාගම් සිටින බවට සැකයක් මතු වී ඇතැයි පාකිස්තාන රජයේ වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ඛනිජ තෙල් අර්බුදය මුල් ගනිමින් ඛනිජ තෙල් සම්බන්ධ ලේකම්වරයා ධුරයෙන් ඉවත් කිරීමට පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පසුගිය සතියේ දී පියවර ගත්තේ ය. ඊට අමතරව ඛනිජ තෙල් සම්බන්ධයෙන් පත් කර  සිටින විශේෂ සහායකයා වන නදීම් බාබර්ට එම ධුරයෙන් ඉවත් වන්නැයි ද පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා පසුගිය සතියේ දී පවසා ඇත.

මෙම ඛනිජ තෙල් අර්බුදය සම්බන්ධ විමර්ශනය කිසිදු බලපෑමකින් තොරව නිදහසේ කරගෙන යෑම සඳහා එම නිලධාරීන් දෙදෙනාට තාවකාලිකව තනතුරුවලින් ඉවත් වන්නැයි නියෝග කළ මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාකිස්තානයේ ෆෙඩරල් අමාත්‍යවරයකු වන අසාද් උමාර් පැවැසීය. ඔවුන් දෙදෙනාට ඉවත් වන්නැයි පැවසීමෙන් ඔවුන් දෙදෙනා වරදකරුවන් නොවන බව ද හෙතෙම කීය.

“මුළු මහත් ඉන්ධන කර්මාන්තය සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදු කෙරෙනවා. මේ සිදුවීමෙන් ජාතියට රුපියල් බිලියන ගණනක පාඩුවක් සිදුව තිබෙනවා” යැයි ද අමාත්‍යවරයා කීය.

මේ අනුව පාකිස්තානයේ තෙල් සහ ගෑස් නියාමන අධිකාරිය, ඛනිජ තෙල් අංශය, වරාය අධිකාරිය සහ සමුද්‍රීය කටයුතු පිළිබඳ අමාත්‍යාංශය යන ආයතන මෙම විමර්ශනයට‌ යටත් වේ.

“මේ අපරාධයට සම්බන්ධ සියලු දෙනා හිරේ දමනවා” යැයි පාකිස්තාන අමාත්‍යවරයා ප්‍රකාශ කළ බව ද අමාත්‍ය අසාද් උමාර් පැවැසීය.

මෙම අපරාධය පිටුපස සිටින සියලු දෙනා හෙළි කරන බවත් තෙල් කර්මාන්තය පිටුපස දැවැන්ත මාෆියාවක් සිදුවන බවත් අමාත්‍යවරයා කීය. දශක ගණනාවක් මුළුල්ලේ මෙම අපරාධ සිදුවන බවත් විමර්ශනයෙන් පසු අපරාධ ක්‍රියාවලට සම්බන්ධ සියලු දෙනාට එරෙහිව නඩු පවරන බවත් හෙතෙම කීය.

මෙම ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් වෝහාරික විමර්ශනයක් කරන්නැයි පාකිස්තානයේ ෆෙඩරල් විමර්ශන ආයතනයට නියෝග කර තිබෙන අතර ඒ සම්බන්ධයෙන් දින 90ක් ඇතුළත වාර්තාවක් දෙන්නැයි ද නියෝග කර තිබේ.
පාකිස්තානයේ ප්‍රමුඛතම තෙල් අලෙවි සමාගම් 10 සම්බන්ධයෙන් පාකිස්තානයේ විගණකාධිපතිවරයා වෝහාරික විගණනයක් කිරීමට ද නියමිත ය.

මෙම ඉන්ධන වංචාව සිදුව ඇතැයි පැවසෙන්නේ ඉකුත් වසරේ ජූනි මාසයේ දී වන අතර ඉහත කී සමාගම් දහය ඊට සම්බන්ධ යැයි පැවසේ.

ඒ.එෆ්.පී./රොයිටර්ස්



අදහස් (0)

පාකිස්තානයේ මහා ඉන්ධන වංචාවක්

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 732 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 116 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


රුසියන් සෙබළු 50,000 ක් මැරිලා
2024 අප්‍රේල් මස 18 283 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.


මාලදිවයින ජනපතිට මුයිසුට දූෂණ චෝදනා
2024 අප්‍රේල් මස 18 154 0

මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 1510 2

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 468 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 215 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1529 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1421 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site