හර්ෂණ තුෂාර සිල්වා
පාකිස්තානය සාමකාමී ගෝලීය සබඳතා කෙරෙහි වැඩි අවධානයක් යොමු කර තිබෙන බව ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් ආචාර්ය ෂහීද් අහ්මද් හෂ්මත් අද (29) පැවැසීය.
පාකිස්තානයටත්, දකුණු ආසියානු කලාපයටත් ලෝකයටත් සාමය, සෞභාග්‍ය සහ ආර්ථික සංවර්ධන ගෙනෙන මිත්‍රශීලි සබඳතා ඇති කරගැනීම සඳහා ප්‍රමුඛත්වය දී තිබෙන බව ද මහ කොමසාරිස්වරයා කීය.
පාකිස්තානයේ 78 වැනි නිදහස් දිනය වෙනුවෙන් කොළඹ ගලධාරී හෝටලයේ පැවැති උත්සවයක් අමතමින් මහ කොමසාරිස්වරයා එම කරුණු කීය.
එහිදි මහ කොමසාරිස් ෂහීද් අහ්මද් හෂ්මත් මෙසේ ද කීය.
“නිදහසින් පසු පාකිස්තානය බොහෝ දුෂ්කරතාවලට මුහුණ දුන්නා. එහෙත් අපි ඉදිරියට පැමිණියා. අපි අද අපේ අසල්වැසියන්, දකුණු ආසියානු කලාපයේ රටවල් සමඟ මෙන්ම ගෝලීයව සාමකාමී සබඳතා ඇති කරගැනීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට බලාපොරොත්තු වෙනවා.
පාකිස්තානයට, අපේ අසල්වාසීන්ට, ලෝකයට සාමය, සෞභාග්‍ය ගෙනෙන, ආර්ථික හා දේශපාලනික වාසි අත්පත් කරදෙන ද්විපාර්ශවීය හා බහුපාර්ශවීය සබඳතා ඇති කරගැනීමට ප්‍රමුඛත්වය දී කටයුතු කරනවා.
එහිදි ශ්‍රී ලංකාව යනු අපේ සමීප මිත්‍රයෙක් බව කිව යුතුයි. ශ්‍රී ලංකාව සෑම අවස්ථාකදීම අපිත් සමඟ සිටියා. අපි ජයග්‍රහණ ලබන විටදී පමණක් නොව, අපේ දුෂ්කර අවස්ථාවලදීත් ශ්‍රී ලංකාව අපි සමඟ සිටියා”.
ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි විය.
හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ, කතානායක කරු ජයසූරිය, ෆයිසර් මුස්තාෆා සහ රිෂාද් බද්යුදීන් යන අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් වන ඒ.එච්.එම් ෆවුසි සහ එල්.ඒ.එම් හිස්බුල්ලා , රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
මතභේදයට ලක් ව ඇති අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය ඉන්දියාවේ කොටසක් ලෙස පිළිගන්නා බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබේ.
ඇමෙරිකාවේ, ෆ්ලොරීඩා ජනපදයේ දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කර ඇත.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
පාකිස්තානය සාමකාමී ගෝලීය සබඳතා කෙරෙහි වැඩි අවධානයක්