IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ප්‍රහාරක ගුවන්යානා ගෙන යන නැව චීනය අත්හදා බලයි

චීනය එරට නිෂ්පාදිත පළමු ප්‍රහාරක ගුවන් යානා රැගෙන යා හැකි යුද නෞකාව පළමුවරට මුහුදේ අත්හදා බැලීම් සිදු කර ඇතැයි එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේය. චීනය තම නාවික හමුදාව නවීකරණය කිරීමේ අරමුණින් මෙම ප්‍රහාරක ගුවන් යානා රැගෙන යා හැකි යුද නෞකාව නිෂ්පාදනය කළේය.  

මෙම නෞකාව ‘ටයිප් 001ඒ’ යනුවෙන් හැඳින්වෙන අතර පළමුවරට මුහුදේදී අත්හදා බැලීම් කර ඇත්තේ සෙනසුරාදා (12) දිනයේදීය. ඊසන දිග චීනයේ වරායකින් එරට වේලාවෙන් ඊයේ උදෑසන 6.45ට පමණ මෙම නෞකාව අත්හදා බැලීම් සහ පරීක්ෂණ ආරම්භ කර තිබේ. 

යුද නෞකාව දියත් වන අයුරුත්, එහි තිබෙන ප්‍රහාරක ගුවන් යානා අහසට ගමන් අයුරු දැක්වෙන වීඩියෝ පට කිහිපයක් චීනයේ රාජ්‍ය රූපවාහිනි සේවය වන සී.සී.ටීවී රූපවාහිනි සේවය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබිණි. 

නෞකාවේ එන්ජිම, නාවික යාන්ත්‍රණ පද්ධතිය මුහුදේදී අත්හදා බලන පළමු අවස්ථාව මෙය යැයි ද සී.සී.ටීවී පුවත් සේවය වාර්තා කළේය. මෙම නෞකාව නිල වශයෙන් දියත් කරනු ලැබුවේ මීට වසරකට පෙර වුවත් නෞකාවේ එන්ජිම, නාවික යාන්ත්‍රණ පද්ධතියය සහ ප්‍රචාලනය (ඉදිරියට ගමන් කිරීම) අත්හදා ලැබුවේ පළමු වරට බව එම පුවත් වාර්තාවේ වැඩිදුරටත් දැක්විණි. 

මෙම නෞකාව අධිකාරිධුරයට පත්කිරීම 2020 වසරේදී සිදු කිරීමට නියමිතය. මෙම නෞකාවත් සමඟ චීනය සතුව ඇති ප්‍රහාරක ගුවන් යානා රැගෙන යා හැකි යුද නෞකා සංඛ්‍යාව දෙකක් බවට පත්වේ. 

තායිවානය නිදහස් අරගලයක් දියත් කළහොත් එය සීමා කිරීමටත් දකුණු චීන මුහුදේ තම බලය තවදුරටත් ශක්තිමත් කරගැනීමටත් චීනය බලාපොරොත්තු වේ. චීනය සතු අනෙක් ප්‍රහාරක ගුවන් යානා රැගෙන යා හැකි යුද නෞකාව සෝවියට් නිෂ්පාදනයක් වන අතර එය යුක්රේනයෙන් මිලදී ගත්තකි. එම නෞකාව 2012 වසරේදී මෙහෙයුම් ආරම්භ කළේය. එම නෞකාව ‘ලියෝනින්ග්’ නම් වේ. 

මෙම නෞකාව නිෂ්පාදනය කිරීමත් සමඟ තම රටේම ප්‍රහාරක ගුවන් යානා රැගෙන යා හැකි යුද නෞකාවක් නිෂ්පාදනය කළ සහ කරන රටවල් කිහිපය අතරට චීනයද එක් වේ. ඇමෙරිකා එක්සත් ජනපදය, රුසියාව සහ බි්‍රතාන්‍යය තම රටේදීම ප්‍රහාරක ගුවන් යානා රැගෙන යා හැකි යුද නෞකා නිෂ්පාදනය කළ අනෙකුත් රටවල් වේ. 

කෙසේ නමුත් මෙම නෞකාව න්‍යෂ්ටික බලය සහිත ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රහාරක ගුවන් යානා රැගෙන යා හැකි යුද නෞකා 11න් එකකට වත් සමාන නොවේ. ඇමෙරිකාවට අයත් ප්‍රහාරක ගුවන් යානා රැගෙන යා හැකි යුද නෞකා 11 න්‍යෂ්ටික බලයෙන් සන්නද්ධ අතර ප්‍රමාණයෙන් අවි ආයුද ශක්තියෙන් අනෙකුත් රටවල ප්‍රහාරක ගුවන් යානා රැගෙන යා හැකි යුද නෞකාවලට වඩා බොහෝ සෙයින් ඉදිරියෙන් පසුවෙයි. 

කෙසේ වෙතත් චීනය තම නාවික හමුදාවද ඇතුළුව රට ත්‍රිවිධ හමුදාව නවීකරණය කිරීමේ වැඩසටහනක් දියත් කර තිබේ. චීන ත්‍රිිවිධ හමුදාව මිලියන 2ක මිනිස් බලයකින් සමන්විත වන එය ලොව විශාලතම හමුදාවද වේ.

 

චීනය මේ වනවිට තම ප්‍රහාරක ගුවන් යානා රැගෙන යා හැකි යුද නෞකාව ද නිෂ්පාදනය කරමින් සිටින අතර තෙවැනි නෞකාවක් ද නිෂ්පාදනය කරන බවට වාර්තා වුවත් එරට ආරක්ෂක අමාත්‍යාංශය ඒ සම්බන්ධයෙන් මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර නැත. 

චීනය මේ වසරේ ආරක්ෂාව වෙනුවෙන් යුවාන් ටි්‍රලියන 8.1ක් (ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 175ක්) වෙන් කර තිබෙන අතර එය සියයට 8.1කි. කෙසේ නමුත් එම මුදල් ඇමෙරිකා එක්සත් ජනපදය ආරක්ෂාව වෙනුවෙන් වෙන් කරන මුදලෙන් හතරෙන් එකක් පමණි. 

ඒ.එෆ්.පී

 

055



අදහස් (0)

ප්‍රහාරක ගුවන්යානා ගෙන යන නැව චීනය අත්හදා බලයි

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඇතන්ස් තැඹිලි පාට වෙයි
2024 අප්‍රේල් මස 24 168 0

ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද


බ්‍රිතාන්‍ය අගමැති සුනාක්ගෙන් යුක්රේනයට පවුම් මිලියන 500 ක්
2024 අප්‍රේල් මස 24 86 0

යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.


ඉරානය සමඟ ගනුදෙනු කළොත් සම්බාධක
2024 අප්‍රේල් මස 24 6991 12

ඉරානය සමඟ ව්‍යාපාර ගනුදෙනු පවත්වන්නේ නම්, සම්බාධකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පාකිස්තානයට අනතුරු ඇඟවීමක් කර තිබේ.


කේට් ට චාල්ස් රජුගෙන් පැසැසුම්
2024 අප්‍රේල් මස 24 86 0

බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරුන්ගේ බිරිඳ මෙන්ම, වේල්සයේ කුමරිය යන ගෞරව නාමයෙන් ද හැඳින් වෙන, කේට් මිඞ්ල්ටන් කුමරියට චාල්ස් රජුගේ ප්‍රසංශා හ


හිස්බුල්ලා ඊශ්‍රායලට පහරදෙයි
2024 අප්‍රේල් මස 23 402 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් උතුරුදිග ඊශ්‍රායලයේ හමුදා මූලස්ථානයක් ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය පවසයි.


ඉරාන ජනපති පාකිස්තාන අගමැති හමුවෙයි
2024 අප්‍රේල් මස 23 728 0

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 303 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1533 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site