ප්‍රංශයේ ස්ට්රාස්බෝර්ග් නගරයේ නත්තල් වෙළඳසලකට වෙඩි තැබූ පුද්ගලයා ප්‍රංශ පොලිසිය විසින් වෙඩි තබා ඝාතනය කර ඇති බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි.
ඉකුත් අඟහරුවාදා (11) සිදු කළ වෙඩි තැබීමෙන් පුද්ගලයන් තිදෙනෙකු මිය ගොස් කිහිප දෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කෙරිණි.
ප්‍රංශ පොලිසිය විසින් මෙලෙස වෙඩි තබා ඝාතනයට ලක් කෙරුණේ 29 හැවිරිදි චෙරීෆ් චෙකට් නැමැති පුද්ගලයෙකි.
සිරගෙදර තුළ දී ඉස්ලාමීය අන්තවාදී පුද්ගලයකු ලෙස මොහු කටයුතු කර තිබේ. ප්‍රංශයේ සහ ජර්මනියේ අපරාධ චෝදනා රැසකට චෙකට් සම්බන්ධ බව වාර්තා වෙයි.
මොහු සොයා සිය ගණනක් ප්‍රංශ පොලිසිය හා හමුදාව යොදා තිබිණි. චෙකට් සොයා ගැනීමත් සමඟ තම නගරය තුළ කනස්සල්ලට පත්ව සිටි ජනයාට සාමාන්‍ය ජිවිතයට නැවත පැමිණීමට හැකිවනු ඇති බව ස්ට්රාස්බෝර්ග් නගරාධිපති රොනල්ඩ් රෙයිස් මහතා පැවසීය.
(28535)
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
මතභේදයට ලක් ව ඇති අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය ඉන්දියාවේ කොටසක් ලෙස පිළිගන්නා බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබේ.
ඇමෙරිකාවේ, ෆ්ලොරීඩා ජනපදයේ දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කර ඇත.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ප්‍රංශයේ වෙළඳසැලට පහර දුන් පුද්ගලයාට පොලිසියෙන් වෙඩි