IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ප්‍රංශ මැතිවරණයේ පළමු වටයේදී එම්මානුවෙල් මැක්රොන් ඉදිරියෙන්

(සුනිල් ආනන්ද පැරිසියේ සිට)

ප‍්‍රංශ ජනරජයේ 25 වැනි ජනාධිපතිවරයා තෝරා -ගැනීමේ ජනාධිපතිවරණයේ පළමු වටය අප්‍රේල් 23 වැනි ඉරු දින පැවැත්වීය. ප‍්‍රංශයේ ජනගහනය මිලියන 67කි. එයින් මිලියන 47ක් ජන්දය හිමි ජන්ද දායකයෝය. එයින් මිලියන 14ක් පමණ ඡන්දය පාවිච්චි නොකරන බව අතීත මැතිවරණ වලට සාපේක්ෂක දත්ත අනුසාරයෙන් විශ්ලේෂකයෝ කරුණු උපුටා දක්වයි. මෙවැනි පරිසරයක පැවැති මෙවර මැතිවරණයට ඡන්ද මධ්‍යස්ථාන 69000 කි. ආරක්ෂාවට පොලිස් භටයන් 50000කි. හමුදා භටයන් 7000 කි. පසුගිය දිනවල ප‍්‍රංශය තුළ සිදුවූ ත‍්‍රස්ත ක‍්‍රියා හේතු කොට එවැනි භටයන් පිරිසක් යොදවා තිබිණි. ප‍්‍රංශ මැතිවරණ ඉතිහාසයේ මෙවැනි ආරක්ෂාවක් සහිතව පවත්වන ප‍්‍රථම මැතිවරණය ලෙසද මෙය ඉතිහාස ගතවේ.  

මෙවර අපේක්ෂකයෝ 11 දෙනෙක් ඉදිරිපත්වූ අතර ඉන් දෙදෙනෙක් කාන්තාවෝය. අන්ත දක්ෂිණාංශික ජාතික පෙරමුණෙන් 48 හැවිරිදි මරී ලෙපෙන් මහත්මිය හා රැඩිකල් වාමංශික කම්කරු හඩ පක්ෂයෙන් 47 හැවිරිදි නතලී ආර්තෝඩ් මහත්මිය එම කාන්තා අපේක්ෂිකාවෝය. රිපබ්ලිකන් පක්ෂයෙන් හිටපු අගමැතිවරයකු වන 63 හැවිරිදි ප‍්‍රංශුවා පියොන්, පාලක සමාජවාදි පක්ෂයෙන් හිටපු අධ්‍යාපන ඇමැතිවරයකුවූ බෙනුවා හාර්මෝ, අන්ත වාමාංශික පක්ෂයෙන් 65 හැවිරිදි ජෝන් ලූක් මෙලොන්ච්නෝ, නව ධනපති විරෝධී පෙරමුණෙන් 50 හැවිරිදි පිලිප් පුතෝ, ප‍්‍රංශය ඉදිරියට යන පෙරමුණෙන් හිටපු ජනාධිපති ලේකම්වරයකු හිටපු අයවැය ඇමැති 39 හැවිරිදි එම්මානුවෙල් මැක්රොන්, ජෝන් ලාසෙල්, ජැක් චෙමිනාර්ඩ්, ප‍්‍රංශුවා ඇසිලිනී, හා නිකොලා ඩුපොන් යන මහත්වරු පිරිමි අපේක්ෂකයෝය.

මොවුන් අතර ප‍්‍රථම වටයේ තරගයෙන් ප‍්‍රංශය ඉදිරියට යන පෙරමුණේ එම්මානුවෙල් මැක්රොන් 23% හා අන්ත දක්ෂිණාන්ශික ජාතික පෙරමුණේ මරී ලෙපෙන් මහත්මිය 22%ක් ලෙස ප‍්‍රතිශතයන් ලබා ගෙන දෙවන වටයට සුදුසුකම් ලැබුවෝය. අනෙක් තරඟකරුවන් අතරින් ප‍්‍රංශුවා පියොන් 20 %, මෙලොන්ච්නෝ 19.%, බෙනුවා හාර්මෝ 6%, ඩුපොන් 5%, ලාසේල් 1.5%, පිලිප් පුතෝ 1.1%, ඇසිලිනිවූ 1%, නතලී ආර්තෝඞ් 0.8%, ජැක් චෙමිනාර්ඞ් 0.2% ලෙස පිළිවෙලින් ජන්ද ප‍්‍රතිශත ලබා ගත්තෝය. 

 



අදහස් (0)

ප්‍රංශ මැතිවරණයේ පළමු වටයේදී එම්මානුවෙල් මැක්රොන් ඉදිරියෙන්

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 77 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


රුසියන් සෙබළු 50,000 ක් මැරිලා
2024 අප්‍රේල් මස 18 173 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.


මාලදිවයින ජනපතිට මුයිසුට දූෂණ චෝදනා
2024 අප්‍රේල් මස 18 133 0

මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 1449 1

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 432 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


ඉරාන ජනාධිපතිට පුටින්ගෙන් ඇමතුමක්
2024 අප්‍රේල් මස 17 718 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි ඇමතුවේය. ඊශ්‍රායලය සමඟ ඇතිකරගත් අර්බුදය තවත් උත්සන්න වීමට ඉඩ නොතබන්නැයි රුසියන් ජ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1506 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1408 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site